SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඕස්ට්‍රේලියාව යනු අධ්‍යාපනය විකිණීමෙන් විශාල විදේශ විණිමය ප්‍රමාණයක් උපයන රටක්.

2019 වසර තුළ මෙසේ ඉපැයූ ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 40,068ක්. යකඩ, ගල් අඟුරු හා ස්වාභාවික වායු වලින් පසුව ඕස්ට්‍රේලියාව වැඩිම අපනයන ආදායමක් උපයන්නේ අධ්‍යාපනය විකිණීම මගින්. කෝවිඩ් හේතුවෙන් ඉහත ආදායමේ අඩු වීමක් සිදුව ඇතත්, පසුගිය 2022 වසර තුළද ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණා ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදලක් උපයා තිබෙනවා.

 

 

ඕස්ට්‍රේලියා අධ්‍යාපන අමාත්‍යාංශයේ දත්ත අනුව, 2023 ජනවාරි හා සැප්තැම්බර් අතර කාලය තුළ ශිෂ්‍ය වීසා යටතේ ඕස්ට්‍රේලියා තුළ ඉගෙන ගත් විදේශ සිසුන් ප්‍රමාණය 746,080ක්. ඒ අතරින් වැඩිම පිරිස චීන හා ඉන්දියානු සිසුන්. ඕස්ට්‍රේලියාවට අධ්‍යාපනය සඳහා සිසුන් එවන රටවල් අතරින් මේ වන විට ලංකාව 12 වන තැන දක්වා පැමිණ තිබෙනවා. 2015 වසර වන විට ලංකාව ඕස්ට්‍රේලියාවේ  අධ්‍යාපනය සඳහා සිසුන් එවන ප්‍රධාන රටවල් 20 අතර නොසිටියත් ඉන් පසුව ලංකාවේ ස්ථානය ක්‍රමයෙන් ඉහළ ගොස් තිබෙන්නේ පහත ආකාරයටයි.

 

 

2016 – 19 (සිසුන් 6,871ක්)
2017 – 16 (සිසුන් 8,766ක්)
2018 – 16 (සිසුන් 10,921ක්)
2019 – 13 (සිසුන් 13,440ක්)
2020 – 13 (සිසුන් 13,336ක්)
2021 – 13 (සිසුන් 11,663ක්)
2022 – 14 (සිසුන් 11,864ක්)
2023 – 12 (සිසුන් 15,270ක්)

 

 

පසුගිය 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් අධ්‍යාපනය විකුණනු ලැබූ ප්‍රධාන රටවල් දහය පහත තිබෙනවා.

 

චීනය – ඕ.ඩොලර් මිලියන 5,972යි
ඉන්දියාව – ඕ.ඩොලර් මිලියන 4,408යි
නේපාලය – ඕ.ඩොලර් මිලියන 2,579යි
වියට්නාමය – ඕ.ඩොලර් මිලියන 1,176යි
දකුණු කොරියාව – ඕ.ඩොලර් මිලියන 856යි
මැලේසියාව – ඕ.ඩොලර් මිලියන 819යි
හොංකොං – ඕ.ඩොලර් මිලියන 701යි
පිලිපීනය – ඕ.ඩොලර් මිලියන 591යි
කොලොම්බියාව – ඕ.ඩොලර් මිලියන 688යි
තායිලන්තය – ඕ.ඩොලර් මිලියන 674යි

 

 

ඉහත ප්‍රධාන රටවල් දහය අතර තවමත් ලංකාව නැහැ. කෙසේ වුවත්, මෙම ලැයිස්තුවේ ඊළඟ තැන් කිහිපයෙන් එකක් ලංකාවට හිමිව තිබිය යුතුයි. 2022 වසර තුළ ඕස්ට්‍රේලියාව විසින් විදේශ සිසුන්ට අධ්‍යාපනය විකුණා ඉපැයූ මුළු ආදායම වන ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 26,590ක මුදල එම වසරේ විදේශ සිසුන් ගණන වූ 619,371න් බෙදූ විට එක් විදේශ සිසුවෙකුගෙන් ලැබෙන සාමාන්‍ය ආදායම ඕස්ට්‍රේලියානු ඩොලර් 42,931ක්. එම මුදල 2023 ශ්‍රී ලාංකික සිසුන් ගණන වන 15,270න් වැඩි කළ විට ප්‍රතිඵලය ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 656ක්. මෙම මුදල අධ්‍යාපන වියදම් ලෙස වසරකට ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල පිළිබඳ අවම ඇස්තමේන්තුවක් සේ සැලකිය හැකියි. 2022 සිට 2023 දක්වා ඕස්ට්‍රේලියාවේ ”අධ්‍යාපන උද්ධමනය” 9.7%ක් ලෙස සැලකූ විට මෙම ඇස්තමේන්තුව ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720 දක්වා ඉහළ යනවා.

 

 

බොහෝ ශ්‍රී ලාංකිකයින් ස්ථිර පදිංචිය සඳහා ඕස්ට්‍රේලියාව වෙත යනවා. එසේ යන අයගේ දරුවන්ටද ස්ථිර පදිංචිය හිමි වන නිසා ඔවුන් විසින් ශිෂ්‍ය වීසා ලබා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. එහෙත්, ඔවුන්ගේ අධ්‍යාපනය සඳහා අවශ්‍ය වියදම්ද ලංකාවෙන් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. එම මුදලද එකතු කළ විට, අධ්‍යාපනය වෙනුවෙන් ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන මුදල ඕස්ට්‍රේලියානු ඩොලර් මිලියන 720ට වඩා වැඩි විය යුතුයි. එනම්, ඇමරිකන් ඩොලර් 472 ඉක්මවිය යුතුයි.

මීට අමතරව අධ්‍යාපනය හැර වෙනත් කටයුතු සඳහාද සංක්‍රමණිකයින් විසින් මුදල් රැගෙන යාම සාමාන්‍ය තත්ත්වයක්. මෙම මුදලට සාපේක්ෂව වසරකට ඕස්ට්‍රේලියාවෙන් ප්‍රේෂණ ලෙස ලංකාවට ලැබෙන මුදල ඇමරිකන් ඩොලර් මිලියන 100කට ආසන්න මුදලක් පමණයි.‍


තවත් අමතර කරුණක් ලෙස, අධ්‍යාපනය සඳහා ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට යන සිසුන්ගෙන් වැඩිම පිරිසක් යන්නේ වික්ටෝරියා (මෙල්බර්න්) වෙතයි. එම ප්‍රමාණය 9,474ක් වන අතර වික්ටෝරියා වෙත සිසුන් එවන රටවල් අතරින් පස්වන තැන සිටින්නේ ශ්‍රී ලංකාවයි.

@ඉකොනොමැට්ටා 

නවතම ලිපි