SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇමෙරිකාව බලා පිටත්ව ගොස් ඇත.

දන්වා ඇත්තේ ඔහු මාස දෙකකට ආසන්න කාලයක් පමණ ඇමරිකාවේ රැඳී සිටින බවය.

 

පසුගියදා පොහොට්ටු පක්ෂයේ සංවත්සරය පැවති අතර බැසිල් එහිදී පක්ෂයේ කිසිදු තනතුරකට නම් නොකිරිනි.

මේ පිළිබඳව පක්ෂයේ පිළිතුර වූයේ ඔහු  දරන ලද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක ධුරය හිස්ව තැබීමට එම පක්ෂය තීරණය කර ඇති බවය.

 

 

කෙසේ වුවද මාස දෙකක් යනු ලංකා‌ දේශපාලනයේ තීරණාත්මකම කාල සීමාවකි. මන්ද එළැඹෙන 2024 වර්ෂය යනු මැතිවරණවලින් පිරි වසරක් වන අතර මේ වනවිට බැසිල් රාජපක්ෂ විසින් නිර්මාණය කරන ලද පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් රැසක් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහාය පළකරමින් වෙනම සන්දානයක් සකස් කර ඇත.

 

 

‍ඒ අනුව බැසිල් රාජපක්ෂ වෙත පැවති පොහොට්ටු නායකත්වය බල රහිතව ඇති අතර මෙවර සමුළුවේදී සෞඛ්‍යමය කාරණා මත විවේකව සිටි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නැවත පොදුජන පෙරමුණේ නායකත්වයේ බර දරන්නට සිදුවිය.

 

නාමල් රාජපක්ෂගේ 2029 ජනාධිපති සිහිනය වෙනුවෙන් මහින්ද හිටපු ජනාධිපතිවරයා ඒ බර කර මත තබාගත්තේ යැයි දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහසය.

 

කෙසේ වෙතත් මේ වනවිට පොහොට්ටුව දෙකඩ වී ඇති බව පෙනෙන්නට තිබෙන අතර පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකත්වය බොහෝ දුරට ප්‍රකට ව්‍යාපාරික, පාර්ලිමේන්තු මන්ත්‍රී ධම්මික පෙරේරා වෙත ලැබෙන බව නිල නොවන ආරංචිමාර්ග දක්වා ඇත.

 

 

ඒ අනුව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සම්බන්ධ යටිබිම්ගත දේශපාලනය විශාල වශයෙන් සක්‍රීයව ඇතැයි එහි අභ්‍යන්තර ආරංචිමාර්ගවලින් පෙන්නුම් කෙරේ.

යටිබිම්ගත දේශපාලන සූත්තරය වැරදී ගියහොත් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජනාධිපතිවරයෙන් ඉවත්වීමට පවා ඉඩකඩක් වේයැයි දේශපාලන විචාරකයින් පවසයි.

 

එසේම සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ සමගි ජන බලවේගය මෙහිදී බරපතල අවදානමක පවතින අතර අවස්ථාවෙන් ප්‍රයෝජනය ගැනීමේ කලාව ප්‍රගුණ කළ අයෙකුට මෙම මොහොත ජයගත හැකි බව විශ්ලේෂක මතයයි.

 

ජාතික ජන බලවේගය හැරුනු විට අනෙකුත් සියළුම ප්‍රධාන දේශපාලන පක්ෂ මේ වනවිට කැඩී බිඳී යමින් නව අනන්‍යතාවන් අත්පත් කරගනිමින් ඇත.

 

ඉදිරියේදී මෙම තත්ත්වය තවත් සංකීර්ණ වනු ඇතැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි.

ඒ අතරම එළැඹෙන වර්ෂයේ විශාල බදු උගුලකට හිරවන රටවැසියාගේ ජීවන තත්වයද මැතිවරණ ප්‍රතිඵල කෙරෙහි සෘජුවම බලපානු ඇතැයි පැවසේ.

 

#දේශපාලන වතගෙත

නවතම ලිපි