SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලබන වසරේ ජනවාරි මස සිට සියළු භාණ්ඩ නව වැට් බදු පනතට අදාළව ඉහළ යන්නේය.

රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව 2024 අයවැය පරතරය පියවා ගන්නට යන්නේ භාණ්ඩ මත පනවන බදු වලින් බව දැන් නොරහසකි. ඒ මදිවාට ඡන්ද එකක් නොව පෝලිමක් අත ලඟය.

 

 

රාජපක්ෂලාට අවශ්‍ය ඡන්දයක් මුව විටෙහිදී  රටේ ජනතාව පිනවීමට වුවත් ඡන්දයක් බලාගෙන තීන්දු තීරණ ගැනීමට රනිල් වික්‍රමසිංහ සූදානම් නැති බව පෙනේ. ජනාධිපතිට එහෙම ස්ථාවරයක සිටිය හැකි වුණත් මහින්දලාට එහෙම හිඳීම නුහුරු ය. අනික් කාරණය නම් ඔවුන්ගේ දේශපාලනය ක්‍රියාත්මක වීමට නම්  මැතිවරණයකින් තමන්ට තිබෙන බලය පෙන්විය යුතුය.

 

 

රනිල් වික්‍රමසිංහ  පාලනයෙන්  තමන්ට රැකවරණයක් තිබීම සත්‍යයක් වුවත්  රාජපක්ෂ උරුමක්කරුවන්ගේ අයිතිය ආරක්ෂා කර දී දමට එය ප්‍රමාණවත් නැත. මහින්දගේ අරමුණ උරුමය ආරක්ෂා කර නාමල් ට පරිත්‍යාග කිරීමය. මේ අරමුණත් සමඟ රනිල් ආර්ථිකය පිළිබඳ ගන්නා දැඩි තීරණ සමග  ගැටෙන්නට මහින්ද ඇතුළු රාජපක්ෂවරුන්ට  සිදුවීම නියතයකි.

 

එම ගැටුමේ හැඟවුම්කරණීයම මොහොත උදාවන්නේ අද නව වැට් බදු සංශෝධන පනතට මහින්ද නායකත්වය දෙන පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ගන්නා ක්‍රියාමාර්ගය පසුබිම් කරගෙනය.

 

 

සියලු භාණ්ඩ නව වැට් බදු සමඟ ඉහළ යන බව දැන දැනම ඔවුන් එයට සහාය දෙන්නේ නම් එහි තේරුම ඡන්දයක් තබනවාට වඩා දැනට ඉන්න විදියට බලයේ හැකි තරම් කාලයක් රැඳී ඉන්නට  ඔවුන්ට අවශ්‍ය බවය. ‍

සමහරවිට පෙනෙන ආකාරයට  වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ  අදහසත් එයම විය හැකිය. මැතිවරණයකින් තමාට බලය ගැනීමට හැකි කිසිදු මාර්ගයක් නොමැති බව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හොඳින්ම හඳුනාගෙන ඇති බව සත්‍යයකි.

 

 

 

එනිසා ඡන්දයක් ගැන කතිකාවක් පමණක් වී දිනෙන් දින නාටක නරි නාටක එළිදක්වමින් කල්ගත වනු ඇත.

සමහරවිට වික්‍රමසිංහ ජනාධිපතිවරයා වාර්තා පොතට එක්වීමට ගිජු නිසාම අනුර කුමාරලාට අවස්ථාවක් සලස්වන්නට උනන්දු වනවාද විය හැකිය. 

නවතම ලිපි