SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

අවුරුදු පනහක් හැටක් ජීවත් වූ ඕනෑ ම අයෙකුට තමන්ගේ ම කියා කිව හැකි දිග කතාවක් කාලයක් තිස්සේ එකතු වේ.

ඒත්, එවැනි කතාවක් නිශ්චිත දේශපාලනික හා ඉතිහාසයී ය සන්දර්භයක ඒ ඒ සිද්ධීන් ඒ ඒ කාල වකවානුවල කදිමට ස්ථානගත කරමින් ඉදිරිපත් කිරීම පහසු නොවේ.

 

තවද, එය තවෙකෙකුට කියැවීමට රුචියක් ඇති වන අයුරින් ප්‍රබන්ධයක් මෙන් ලිවීම ඊටත් වඩා අපහසු කාරණයකි.

 

බණ්ඩාර මැණිකේ මේ අභියෝග දෙක ම එක ලෙස ම ජය ගෙන තිබේ. "ගැහැණියක්" ස්වයං චරිතාපාදනය, දශක හයක අලිඛිත දේශපාලන ඉතිහාසයක් (විශේෂයෙන් ප්‍රාදේශීය, නමුත් ජාතික තලය ද ආවරණය වන) ලේඛනගත කිරීමක් ද එක හුස්මට කියවා දැමිය හැකි රසවත් ප්‍රබන්ධයක් (මෙන්) ද වේ.

 

 

udan gahaniyak 2

 

බණ්ඩාර මැණිකේ ලේඛිකාවක් ලෙස ප්‍රථම වරට අප හමුවට එන්නී, වයස අවුරුදු 68 දී ය. 'ගැහැනියක්' පොත භාගයක් කියවන අතර, ඇයගේ තියුණු ලේඛන ශෛලිය අදහා ගත නොහැකි ව, මා කියැවීම මගක නතර කොට, ඇය අමතා ඇසූවේ,

"පොතක් ලියන්න මෙච්චර පරක්කු උනේ ඇයි, අක්කේ?" කියා ය.

 

"අනේ ඉතිං ඒකත් මගේ ජීවිතේ අභියෝගයක් තමා, මල්ලි"

කියා ඈ කීවේ, බොහෝ දේ කැටි කරන ලද බරැති වාක්‍යයක් ලෙස ය.

 

අනිද්දා පත්තරේට සතියකට වරක් මා ලියන 'ඉඳහිට' කොලමේ, හෙට පිටවන කලාපයේ පළවන්නේ මා මේ පොත එක්තරා සාහිත්‍යය කලාපයක ස්ථානගත කිරීමක් ලෙස ය.

කොළඹ අද පැවැත්වෙන මේ පොත දියත් කිරීමේ උත්සවයට මාගේ සුභ පැතුම් මේ සමග පිරිනමන අතර, පොතේ පිටපතක් ඇයගේ අත්සන සහිත ව, මට කල් ඇතිව ම ලැබෙන්නට සැලැස්වීම ගැන, මැණික් අක්කට ස්තුති කරමි.

 

ප්‍රචණ්ඩත්වයේ දශක පහක් මැදින් ගැහැනියක් | බණ්ඩාර මැණිකේ

|සැප්තැම්බර් 2023 | අගහස් ප්‍රකාශකයෝ

@Udan Fernando

නවතම ලිපි