SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉදිරි වර්ෂය මැතිවරණ වසරක් විදිහට ප්‍රකාශයට පත්කරල වැඩි කාලයක් නැහැ. ඒත් හැම තැනකදිම කතාවෙන්නෙ මීළඟ අපේක්ෂකයා කව්ද කියන එක. පොදු අපේක්ෂකයෙක්ද? නැත්නම් ජනාධිපති රනිල්මද? ඒත් නැත්නම් රාජපක්ෂ පවුලෙ කෙනෙක්ද?

නැත්නම් පොදු අපේක්ෂකයෙක්ගෙ සන්දානයකට පොහොට්ටුවේ නව සන්ධාන කණ්ඩායම එකඟ වෙලාද?

 

මේ ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගෙන්  මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශන හා ප්‍රසන්නගේ පිළිතුරු..

 

ප්‍රශ්නය – විදුලිබිල වැඩිවීම සම්බන්ධයෙන් මොකක්ද කියන්නේ.

 

පිළිතුර – අපි හැමෝම දන්නවා පසුගිය අවුරුද්දකට කලින් මේ රටේ මොකක්ද වුණේ කියලා. පැය 13 ක් විදුලිය කපා දැමූ රටක්. ඉන්ධනවල ගැටළුවක් තිබුණා. අත්‍යාවශ්‍ය බෙහෙත්වල ගැටළුවක් තිබුණා. දැන් ක්‍රමානුකූලව රට ස්ථාවර වෙමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා ජනවාරී, පෙබරවාරී මාසය වන විට විදුලි බිල අඩු කරන්න ලැබෙයි කියලා.

 

ප්‍රශ්නය – වැට් බද්ධ එකතු වෙනවද?

 

පිළිතුර – වැට් බද්ද එක්තු වෙනවා. හැබැයි තිබෙන තත්ත්වයට වඩා සහනයක් වෙයි කියලා අපි විශ්වාස කරනවා.

 

ප්‍රශ්නය – ජනතා විමුක්ති පෙරමුණ කියනවා ඔබතුමාලාට ගම් මට්ටමට යන්න බෑ කියලා. කාර්යාලවල රැස්වීම් පැවැත්වූවාට පිටතට ගිහින් රැස්වීම් පවත්වන්න බෑ කියලා.

 

පිළිතුර – අපි මේ වෙනකොට ගම්මට්ටමින් සාමාජිකයෝ බඳව ගන්න වැඩ පිළිවෙලත් කරනවා. ශාඛා සංවිධාන පිහිටුවන එකත් කරනවා. අපේ වැඩ පිළිවෙල යනවා. ඒ අය උත්සාහ කළේ අපේ ගෙවල් ගිනි තියලා අපේ ප්‍රභලයින්ට ගහලා හිරිහැර කරලා, මරලා අපිව ගම් වලට එන එක වලක්වන්නයි.  හැබැයි ඊට වඩා ශක්තිමත්ව අපි යනවා. දැන් පුළුවන් නම් ඒවා ඇවිල්ලා කරන්න කියන්න මොකද වෙන්නේ කියලා බලන්න. ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ චන්ද්‍රිකා කුමාරතුංගත් බලයට ගේන්නත් උදව් කරපු පක්ෂයක්. මහින්ද රාජපක්ෂවත් බලයට ගේන්න උදව් කරපු පක්ෂයක්. ඔවුන් ඒ ආණ්ඩුවල ඇමතිකම් පවා ගත්තා. ඔය කාණ්ඩය යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ගෙදරට වෙලා හිටියේ. දැන් ඒ අයට අලුතින් කිසිම දවසක ආණ්ඩු කරන්න එක්වුණේ නෑ වගේ රටට පෙන්වන්න හැදුවට මේ රටේ බුද්ධිමත් මිනිස්සු පිළිගන්නවා ජනතා විමුක්ති පෙරමුණ හැම ආණ්ඩුවක්ම කරන්න මැදිහත් වුණ පක්ෂයක් කියලා. ඒ අයත් ෆේල් එහෙනම නම්.

 

ප්‍රශ්නය – ඒ අයත් බලපෑවද මේ ආර්ථික අර්බුදයට

 

පිළිතුර – අනිවාර්යෙන්ම. 88/89 කාලයේදී ගෙවල් ගිනි තියලා රාජ්‍ය දේපල විනාශ කරපු ඒවත් මේ රටේ ආර්ථිකයට බලපෑ දේවල්. ඒවා ඒ අයට නෑ කියන්න බෑ.

 

ප්‍රශ්නය – ඉදිරි වර්ෂය මැතිවරණ වර්ෂයක් විදියට ප්‍රකාශයට පත්වෙලා තිබෙනවා. ඔබතුමාලා කොහොමද තරග බිමට එන්නේ.

 

පිළිතුර – සියයට තුනක් තිබෙන පක්ෂයක් මේ රටේ බලයක් එක පාරට ගන්න නම් මේ රටේ මිනිස්සු කී දාහක් වෙනස් වෙන්න ඕනිද? හැබැයි අපිට පේනවා පොහොට්ටුවේ යම් ප්‍රමාණයක් යම් පසුබෑමකට ලක් වූනා මේ සිද්ධියත් එක්ක. හැබැයි අද ඒ අය තේරුම් අරන් ඉන්නවා ඒ අය අද අපිත් එක්ක එකතු වෙනවා. මේ රටේ බහුතර බලය තියෙන්නේ එක්කෝ අපිට එක්කෝ සජබයට එක්කෝ එක්සත් ජාතික පක්ෂයටයි. සියයට තුන කොහොමද එක පාර සියයට පනස් එකක් කරන්නේ. ඒ අයගේ එකම කණ්ඩායම රට පුරා යනවා ඒක හොඳයි. අපි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යහුයට එනවා නම් හොඳයි මිනි මරන්නේ නැතිව. අපි දැක්කා ලාල් කාන්ත මන්ත්‍රීතුමා කියලා තිබුණා ඒ අයගේ ආණ්ඩුවක් ආවොත් මර්දනය පටන් ගන්නවා කියලා. අපි කවදාවත් මර්දනය කරපු මිනිස්සුන්ගෙන් මරපු ලේ දැක්ක පක්ෂයක් නෙමෙයි අපේ පක්ෂය.

 

ප්‍රශ්නය – ඔබතුමා හිතන විදියට එජාපයත් සියයට 3 ගත්ත කොට්ඨාශයක්නේ පසුගිය මැතිවරණයේ

 

පිළිතුර – මම කියන්නේ ඒකයි ඊළගට එන කුමන හෝ ජනාධිපතිවරයා එන්නේ සියලු දෙනාගේ සහයෝගය ගන්න පුළුවන් කෙනෙක්.

@cnews

නවතම ලිපි