SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

හරීන් ඇමතිවරයා ගැන මොනා කියන්නද කියලා හිතෙන තරමට එයා උඩ ගිහින්. හරීන් සහ මනුෂ රන්ජන් ගේ සිද්ධියේදී හැසිරුණු විදිය හා පාස්කු ප්‍රහාරේදී, ඉන්පසුව වගේම දැන් ඒ ගැන හැසිරෙන විදිය අධ්‍යනය කරන ඕනෑම කෙනෙකුට ලොකු පරස්පරයන් පේනවා.

ඒ වගේම ඊයේ නයි දෙරණට ගිහින් හැසිරිච්ච විදිය නයෙක් ඇරියට හපන්. මාධ්‍ය කාරයා (වේදියෙක් කියන්න ටිකක් අමාරුයි,දෙරණේ එහෙම අය නැති නිසා) කව්රු කව්රුත් හැසිරෙන්නේ නම් ආයේ දේශපාලනේ එපා වගේ. ඒ වගේ ඔක්කොම ගෙදර තියන්න නිර්භය වුණේ UNP පාක්ෂිකයෝ විතරයි.

 

මහා කෙනාගේ ඉඳලා පොඩි කෙනා දක්වා, පක්ෂය විදියට දිනන්නේ නැති බව දැන දැනත් හරීන් ජනතා නියෝජිතයෙක් විදියට හැසිරුණු අයුරු බිල් ගේට්ස් හම්බ වෙච්ච එයාගේ බොස් ගේ පර්සනල්ටියට නම් ගැලපෙන්නේ නැහැ.

 

රන්ජන් ට මන්ත්‍රීකම දෙනවා කිව්ව එකයි, අපි ගෙනාව තීන්දුව අල්ලාගෙන අන්තර් පාර්ලිමේන්තු සංගමේට ගිහිල්ලා ලකුණු දාගන්න හදපු එකයි අපි අමතක කරලම දැම්මත් හරීන් ල හැසිරෙන විදියෙන් රටේ අලුත් දේශපාලන වෙනසක අවශ්‍යතාවය දැඩිව අවධාරණය කරනවා. රනිල් වැඩ්ඩෙක් කියන අය රනිල් ගේ ගෝලයෝ හැසිරෙන විදිය ගැන පොඩ්ඩක් වත් විවේචනය කරන්නේ නැහැ. මෙහෙම නම් ආණ්ඩු හදන ඊලඟ පරපුර රටට අබ සරණ නොවේද?

 

 

හරිනි ට, ජවිපෙ කාන්තාවන්ට එයාලා ගේ අනුරය්යා රීලෝඩ් පොලිස්පති එපා කියලා නහයෙන් අඬලා, අඬලා ලබාගත්ත රාජපක්ෂලාගේ දේශබන්ධු එල්ල කරපු ප්‍රහාරය හෙලා දකින්න තරම් වත් කෙනෙක් නැති වීම ගැන දුකයි. හැම එකටම වැඩිය හරිනි වෙනුවෙන් පිට රට ඉඳන් ජවිපෙ සෝදන අයත් ලියලා තියෙන්නේ බොහොම පරිස්සමෙන්. ඔක්කොම ටික අරන් බලනකොට හරිනි වෙනුවෙන් වත් ජවිපෙ කාන්තාවෝ වෙනුවෙන් වත් පෙනී සිටින ජාජබයේ කෙනෙක් නැහැ.

 

 

එතකොට හිතෙනවා ඇත්තටම මේක සැලස්මක් ද කියලා.. අනුරය්යා කඩ ඇතුලේ හැන්ගුනාම කවි ගී ලියපු පෑන්, කී බෝඩ් අද නිහඬ වෙලා. රීලෝඩ් පොලිස්පති එපා එපා කියලා දේශබන්ධු ගෙන්වාගෙන තමන්ගේම පක්ෂේ ගෑනු ටික පාරට දාලා නිහඩව ප්‍රතිපලයක් අපේක්ෂාවෙන් ඉන්නවා වගේ කියලා හිතෙනවා.

 

පොඩි කොමෙන්ට් එකකටත් මරාගෙන මැරෙන ජවිපෙ සමාජ මාධ්‍ය බලකාය බොහොම නිහඬයි. ඊයේ ඉඳන් සිල් අරන් වගේ. මාර දාර්ශනික ලියවිලි පලවෙනවා. හැබැයි දේශබන්ධුට විරුද්ධව වචනයක් නැහැ. හෙලා දැකීමක් නැහැ. ඒ ගැන ඊයේ සටහන් කරාට පස්සේ ඔන්න කොහෙන්දෝ පොඩි පොඩි කෙඳිරිලි ටිකක් ඇවිත් එලියට.

 

 

හරිනි ට ගැහුවම ජවිපෙට ගැහුවා කියලා සන්තෝෂ වෙන කට්ටිය නම් "පුතා මැරිලා හරි ලේලි වැන්දඹු වීමේ සතුට විඳිමින්" සිටියා අපි දැක්කා. හරිනි එහෙම ප්‍රහාරයකට ලක්වෙච්ච එක එයාට ඕකේ වෙන්න ඇති කියලත් මට හිතෙනවා. මොකද අනුරට වඩා හරිනි සුදුසු කියන එකේ වෙනත් පක්ෂවල අය ඉන්න නිසා. ඒ වීඩියෝ පට දැක්කම ඇත්තටම වතුර ගැහුවේ මැදි වයසේ ඉන්න සහකාර පොලිස් අධිකාරි වරු දෙන්නෙක් ගේ අණ දීමෙන්. ඒ පුද්ගලයෝ හොඳින්ම ප්‍රදර්ශනය වෙනවා. මම හිතුවේ අද ජවිපෙ බල කණු ටික පාරේ උපවාසයක් ආරම්භ කරයි කියලා. ජවිපෙත් රටේ කොන්ටෙක්ස්ට් එකෙන් වෙනස් වෙන්නේ නැහැ. ගැහැණු ඉස්සරහට දාලා පස්සට වෙලා ඉන්නවා. මේක තමයි මේ පක්ෂය ගැන කියලා දීපු ඇත්තම එක.

 

 

කොහොම නමුත් දැනට දේශබන්ධු රීලෝඩ් නෙවෙයි. ඒත් මාස තුනකින් එයත් රීලෝඩ් වෙනවා. දේශබන්ධු පොලිස්පති කරන්නම හිතාගෙන ඊට උඩින් විකීව දාලා කොමිසමක් පත් කරලා අධීක්ෂණය කරනවා කියලා ජනතාවයි ලෝකෙයි රවටන්න හදන්නේ. අනේ මන්දා කොන්ද නමාගෙන හිස නමාගෙන හැමදාම තමන්ගේ නායකයෝ මයික්‍රෆෝන් දෙදරවන හැටි අහගෙන ඉඳලා කුසගින්නේ නිදාගන්න එකනම් නවත්වන්න මේ පක්ෂ ටික හා නායකයෝ ටික නම් ධුරිභුත කරන්න ඕන. ඒ කියන්නේ ධුරයන් ගෙන් වැනිෂ් කරන්න ඕන.

 @Subhashini Wipfler

Telephone 300x250

nalan mendis

nalan mendis

නවතම ලිපි