SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඔබ යුද පිටියේ සිටියෙදී ඔබට එරෙහිව සටන් වදින සතුරන්ට අතට අත දෙන නායකයන් සිටියෙදීත්, ඔබ අරමුණු වෙනුවෙන් ක්‍රියාකළා. ඔබ යුද පිටියේ සිටියෙදීත් නායකයන් සතුරන්ට සල්ලි දුන්නා. ඔබ යුද පිටියේ සිටියෙදී යටත් වෙන්න කියලා නායකයන් නියෝග දුන්නා.

මේ ඉන්නේ ඒ හැම දෙයක්ම දරා ගනිමින් යුද්ධය අවසන් කිරීම සඳහා විශාල දරාගැනීම් සිදුකළ පිරිසක්. ආරක්ෂක ලේකම්වරයාගේ චක්‍රලේඛවලට, තුණ්ඩුවලට කුඩා කුඩා කෙනෙහිලිකම්වලට යටත් කරන්න බැරි පිරිසක්.

 

 

"ඔබට යුද පිටියේදීත් සටන් වදින්නට සිදුවූයේත් ඇත්ත සතුරන් සමගද?

නැහැ. අපේ රටේ නායකයන් විසින් නිර්මාණය කරන ලද සතුරන් සමග".

 

 

"ඇත්ත සතුරා සඟවලා විවිධ ආකාරයේ සතුරන් ඔවුන් විසින් නිර්මාණය කළා. ඒ නිසා දකුණේ අම්මලා තාත්තලාට දරුවන් අහිමි වුණා වගේම, උතුරේ අම්මා තාත්තලාටත් දරුවන් අහිමි වුණා. දකුණේ මිනිසුන්ට සැකය, අවිශ්වාසය, බිය ඇතිවුණා වගේම උතුරේ මිනිසුන්ටත් සැක, අවිශ්වාසය, බිය ඇති වුණා. අවසන් ප්‍රතිඵලය හැටියට උතුරත්, දකුණත් ඛේදවාචකයක් වුණා. අපි ඇත්ත සතුරා පරාජයට පත් කළා නම්, යුද්ධය අවසන් වූ පසුව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. මේ රටේත් ආර්ථිකය ගොඩනැගීමට නොහැකි වුණේ යුද්ධය නම්, අපේ සතුට නැති කළේ යුද්ධය නම්, යුද්ධය අවසන් වුණාම ඒ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. ජනතාව ඒ බව බලාපොරොත්තු වුණා. නමුත් අපි පරාජය කර තිබුණේ ඇත්ත සතුරා නොවෙයි. නායකයින් විසින් නිර්මාණය කරන ලද සතුරා. අද අපි හැමෝම එකතැනකට ඇවිත් සිටින්නේ අපේ රටත් ජනතාවත් ව්‍යසනයට පත්කරන ලද ඇත්ත සතුරා පරාජය කරන්න…”

යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක අවධාරණය කරයි.

 

ඔහු මේ බව අවධාරණය කළේ, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයේ කළුතර දිස්ත්‍රික් සමුළුව අමතමිණි.

 

Akd 2

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක,

 

“අද මේ කළුතර දිස්ත්‍රික් සමුළුව දැක්කාම ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාට තවත් වැඩ වැඩිවෙයි. මේ දවස්වල රණවිරු ප්‍රඥ්ප්තියක් හදන්න යනවා. රණවිරුවන් උදෙසා කියා ඉඩම් දෙන්න උත්සාහ කරනවා. රැකියා අවස්ථා ලබාදෙන්න පුළුවන්ද කියා බලනවා. තිබෙන ඉඩමට ඔප්පුවක් දෙන්න පුළුවන්ද කියලා හොයනවා. එක එක සේනාංක වෙන වෙනම ගෙනත් සුහද හමු කරනවා. හමුදාවේ විවිධ අංශ උපයෝගී කරගෙන එක එක්කෙනා ගැන වෙන වෙනමත් සොයනවා. අපේ ත්‍රිවිධ හමුදා සාමූහික ක්‍රියාකාරීන් අසාධු ලේඛනයට ඇතුල් කරන්නත් උත්සාහ කරනවා. යම් සුහද හමුවකට ආරාධනා කළොත් ඒ ආරාධනය කළේ කවුද කියලත් සොයනවා. ඒ මොනවා කළත් කළුතර මේ සමුළුව දැක්කාම ආරක්ෂක ලේකම්ට තවත් වැඩ ගොඩාක් කරන්න සිදුවෙනවා. විවිධ වරදාන දී හෝ බාධා සිදුකර නවත්වන්න හැකි බලවේගයක් නොවෙයි ජාතික ජන බලවේගයත් එක්ක මේ එකතු වී සිටින්නේ. අපේ රටේ තිස්වසරක යුද්ධය අවසන් කිරීම සඳහා විශාල මෙහෙයක් සිදුකළ ඔබ සුවිශාල පරිත්‍යාගයන් සිදුකරමින්, ශරීරයේ විවිධ අංග පවා අහිමි වෙමින් තිබියෙදී, තමන්ගේ සමීපතමයන්ගේ ජීවිත තම දෑස් ඉදිරිපිට අහිමි වීමේදීත් අරමුණු අත්නොහැරි පිරිසක් මේ ඉන්නේ.

 

නමුත් ඔබ යුද පිටියේ සිටියෙදී ඔබට එරෙහිව සටන් වදින සතුරන්ට අතට අත දෙන නායකයන් සිටියෙදීත්, ඔබ අරමුණු වෙනුවෙන් ක්‍රියාකළා. ඔබ යුද පිටියේ සිටියෙදීත් නායකයන් සතුරන්ට සල්ලි දුන්නා. ඔබ යුද පිටියේ සිටියෙදී යටත් වෙන්න කියලා නායකයන් නියෝග දුන්නා. මේ ඉන්නේ ඒ හැම දෙයක්ම දරා ගනිමින් යුද්ධය අවසන් කිරීම සඳහා විශාල දරාගැනීම් සිදුකළ පිරිසක්. ආරක්ෂක ලේකම්වරයාගේ චක්‍රලේඛවලට, තුණ්ඩුවලට කුඩා කුඩා කෙනෙහිලිකම්වලට යටත් කරන්න බැරි පිරිසක්. ඔබට යුද පිටියේදීත් සටන් වදින්නට සිදුවූයේත් ඇත්ත සතුරන් සමගද? නැහැ. අපේ රටේ නායකයන් විසින් නිර්මාණය කරන ලද සතුරන් සමග. ඇත්ත සතුරා සඟවලා විවිධ ආකාරයේ සතුරන් ඔවුන් විසින් නිර්මාණය කළා. ඒ නිසා දකුණේ අම්මලා තාත්තලාට දරුවන් අහිමි වුණා වගේම, උතුරේ අම්මා තාත්තලාටත් දරුවන් අහිමි වුණා. දකුණේ මිනිසුන්ට සැකය, අවිශ්වාසය, බිය ඇතිවුණා වගේම උතුරේ මිනිසුන්ටත් සැක, අවිශ්වාසය, බිය ඇති වුණා. අවසන් ප්‍රතිඵලය හැටියට උතුරත්, දකුණත් ඛේදවාචකයක් වුණා. අපි ඇත්ත සතුරා පරාජයට පත් කළා නම්, යුද්ධය අවසන් වූ පසුව රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. මේ රටේත් ආර්ථිකය ගොඩනැගීමට නොහැකි වුණේ යුද්ධය නම්, අපේ සතුට නැති කළේ යුද්ධය නම්, යුද්ධය අවසන් වුණාම ඒ ප්‍රශ්න විසඳෙන්න ඕනෑ. ජනතාව ඒ බව බලාපොරොත්තු වුණා. නමුත් අපි පරාජය කර තිබුණේ ඇත්ත සතුරා නොවෙයි. නායකයින් විසින් නිර්මාණය කරන ලද සතුරා. අද අපි හැමෝම එකතැනකට ඇවිත් සිටින්නේ අපේ රටත් ජනතාවත් ව්‍යසනයට පත්කරන ලද ඇත්ත සතුරා පරාජය කරන්නයි.

 

සමහර අය අහනවා විපක්ෂයේ අය බෙදිලා මේක කරන්න බැහැ නේද කියලා. බෙදිලා ඉන්නේ අපි නොවෙයි ඒගොල්ලෝ. එක්සත් ජාතික පක්ෂයේ නායකයා එක පැත්තක, හිටපු උපනායකයා එක පැත්තක. නියෝජ්‍ය නායකයාගෙන් පස්සේ ආව අය එක්සත් ජාතික පක්ෂ නායකයාගේ කැබිනට් මණ්ඩලයේ ඉන්නවා. මහින්ද රාජපක්ෂ එක පැත්තක ඉඳිද්දී, ඔහුගේ කැබිනට් මණ්ඩලයේ සිටි ඩලස් අලහප්පෙරුම, ජී.එල්. පීරිස් වගේ අය තව පැත්තක. ඒ ගොල්ලෝ බෙදිලා ඉන්නවා, යටින් එකතුවෙලත් ඉන්නවා. ඉස්සර කීවේ රනිල් බටහිර ගැත්තා, මහින්ද ජාතිය බේරා ගන්නා පියා කියලා. ඔවුන් ජනතාව ඉදිරියේ ව්‍යාජව බෙදී සිටියා. ඒගොල්ලෝ කඩදාසිවලින් කඩු හදාගෙන වේදිකාවේ බෙදී සිටියා. රටේ ජනතාව ඇත්තටම කඩු අමෝරාගෙන සිටියා. රනිල් වික්‍රමසිංහ මාලදිවයිනේ සිට පැමිණ ගෙදර යන්නත් ඉස්සර, මහින්දගේ උපන්දින පාටියට ගියා. ඉන්දියානු මාධ්‍යවේදිනියක් ඒ බව ඇහුවාම හැමදාම ඒ උපන්දින පාටියට ගිය බව රනිල් කීවා. ජනතාවට කඩු අමෝරාගෙන සිටීමට සලස්වා ඔවුන් එකට පාටි දාන, කැත, මජර දේශපාලනයක් කරන්නේ. ජනතාවට එරෙහිව එකතුවෙලා ඉන්නෙත් ඒගොල්ලෝ. බොරුවට බෙදිලා හිටියෙත් ඒගොල්ලෝ. දැන් මේ රටේ ජනතාව එකතු වෙලා ඉන්නවා; වේගයෙන් එකතු වෙමින් ඉන්නවා. අපේ ඇස් ඉදිරිපිට සිදුවෙමින් තිබෙන මේ ඛේදවාචකවලින් අපට බලය ලබාගැනීමට වේගයෙන් ක්‍රියාකරන ලෙස බලකෙරෙමින් තිබෙනවා.

 

 

ජාතික ජන බලවේගය වටා එකතු වී සිටින ශක්තිමත්ම බලවේගය ත්‍රිවිධ හමුදා සාමූහිකයයි. ඒ නිසා ඔවුන් වඩාත්ම කලබල වී සිටිනවා. ඒ කලබලය නිසා ඔවුන් විවිධ වෙට්ටු දානවා; මරුවැල් එලනවා; බොරු වලවල් කපනවා. නමුත් අපි හැමෝම එක්වී ඉතාම සූක්ෂමව ජයග්‍රහණය කරා පියමනිමින් සිටිනවා. ඒ ගමනේදීත් ඔබට මේ රට පිළිබඳව අත්හළ නොහැකි වගකීමක් සහ අයිතියක් තිබෙනවා. මේ මජර, යුද්ධයෙන් සොරා කෑ, සතුරන් සමග ඩීල් දැමූ ඔවුන්ට මේ රටට අයිතියක් නැහැ. ඔවුන් කළේ තමන්ගේ පුතා නාවික හමුදාවට බන්දවා, ලක්ෂ 300කට වැඩිය වැය කර, එක්සත් රාජධානියේ පුහුණුවකට යැවීම පමණයි. මේ රට සහ ජනතාව වෙනුවෙන් තිබෙන අත්හළ නොහැකි වගකීම සහ අයිතිය පාවිච්චි කරන්න ඔබ ඉදිරියට එන්න.

 

 

Akd 3

 

 

විශ්‍රාමික සාමූහිකය සම්බන්ධයෙන් සතුරා තවත් බොරු ප්‍රචාරයක් ගෙනයනවා. සන්නද්ධ අංශයක් ගොඩනඟන බවට. ඔව්, මේ පාලකයන් රටට කර තිබෙන විනාශය පිළිබඳව, මේ පාලකයන් පළවා හැරිය යුත්තේ ඇයි කියලා අපි ඔබව දැනුමෙන් සන්නද්ධ කරනවා. ඔවුන් රටට සහ ජනතාවට කළ විනාශයට එරෙහිව සියලු ජනතාව එක්විය යුතු බවට මතවාදයෙන් සන්නද්ධ කරනවා. ඒ වගේම අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවෙන් අඟලක්වත් එහාට පනින්නේ නැතිව මේ අරගලය ජයග්‍රහණය කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝනය කළේ කවුද? සරත් එන්. ද සිල්වා ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ලෙස කටයුතු කළ අවස්ථාවේ මහින්ද රාජපක්ෂ ඇතුළු කැබිනට් මණ්ඩලයට ඛනිජ තෙල් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ලබාදුන්නා. මහින්ද රාජපක්ෂ සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය ශ්‍රේෂ්ඨාධිකරණයේ තින්දුව පයිසයකට ගණන් නොගෙන ක්‍රියාකළා. මෛත්‍රීපාල සිරිසේන අවස්ථා දෙකකදී ව්‍යවස්ථාව කැඩූ බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

 

2018 ඔක්තෝබර් මාසයේ සිදුකළ කුමන්ත්‍රණයේදී ව්‍යවස්ථා විරෝධීව පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් එක් තීන්දුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ සත්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් විසින් ලබාදී තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිට ලබාදී තිබෙන වගකීමට වගනොවීම සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමකදී මෛත්‍රීපාල සිරිසේන දෙවන වරටත් වැරදිකරුවකු කළා. අපේ රටේ මූල්‍ය බලය තිබෙන පාර්ලිමේන්තුව නොසලකා හැර, භාණ්ඩාගාරයේ සල්ලි වියදම් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂලා, ව්‍යවස්ථාව කැඩූ බවටත් මූලික අයිතිවාසිකම් නඩුවකදී ආර්ථික අපරාධ සිදුකළ බවටත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කර තිබෙනවා. නියමිත පරිදි පළාත් පාලන මැතිවරණය නොපවත්වා, කුමන්ත්‍රණකාරීව එය කඩාකප්පල් කළේ රනිල් වික්‍රමසිංහයි. ව්‍යවස්ථාව රැකිය යුතු බවට සක්‍රීය හමුදා කඳවුරු තුළ දේශන පවත්වන කමල් ගුණරත්නගේ නායකයන් ව්‍යවස්ථාව කඩලා තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිවරණ කොමිසමට බලපෑම් කර, එහි සිටි සාමාජිකාවක් ඉල්ලා අස්වීමට සලස්වා මැතිවරණය කඩාකප්පල් කිරීමෙන් මාස දෙකතුනකට පසුව උතුරේ ආණඩුකාරවරිය ලෙසට සන්තෝෂම් ලබාදුන්නා.

 

අනෙක් පැත්තෙන් ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න සමාජ මාධ්‍ය ජාලා මර්දනය කිරීමේ පනතක් ගේන්න හදනවා. යල්පැනගිය පොලිස් ආඥා පනතක් සොයාගෙන මහජනයාගේ සාමකාමී උද්ඝෝෂණවලට පහර දෙනවා. පසුගිය කාලයේ පොලිස්පති තනතුරට රීලෝඩ් දැම්මා. දැන් එයා ඉවත් කර, වෙනත් රීලෝඩ් එකක් දමා වැඩ බලන පොලිස්පති කියන මස්කට්ට එල්ලලා, මාස තුනකට ලබාදී තිබෙනවා. දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුත් නීතිපති දෙපාර්තමේන්තුවේ ෆයිලුත් තිබෙනවා. ගෝල්ෆේස් තරුණයන්ට පහර දෙන්න මහ දවල් මැරයන් එක්ක පැමිණි කෙනා ඔහුයි. සනත් නිශාන්ත එක්ක ආවේ දේශබන්දු තෙන්නකෝන්. එහෙම කරන අය විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකය සම්බන්ධයෙන් බොරු ප්‍රචාර ගෙනයනවා. අපි මේ සාමූහිකය ගොඩනඟන්නේ ව්‍යවස්ථාව කඩන නායකයන් පළවා හැර, සාධාරණ නීතියක් තිබෙන ව්‍යවස්ථානුකූල රටක් ගොඩනඟන්නයි. ඕනෑම පුරවැසියෙකුට සමාන ලෙස පුරවැසි අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතිය තහවුරු කරන ව්‍යවස්ථාවක් අපි හඳුන්වා දෙනවා.

 

රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ, මේ අයවැයෙන් ධීවර කාර්මිකයාට ලබාදී තිබෙන්නේ කුමන සහනයක්ද? මාළු ටික මුහුදේ ඉන්නවා, යාත්‍රා ටික ගොඩ තිබෙනවා. ධීවරයා ශක්තිමත් කරන්න, කඩා වැටී තිබෙන සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නැවත ගොඩනඟන්න මේ අයවැයෙන් මොනවාද සිදු කර තිබෙන්නේ? අපේ රටේ වෘත්තීයවේදියාගේ ඥානය, ආර්ථිකය ගොඩනැගීමට උකහා ගන්න ආර්ථිකයේ ලබාදී තිබෙන තැන කුමක්ද? අපේ සැලසුම් අනුව රටේ නිෂ්පාදනය, සේවාවන්, වර්ධනය කිරීම සඳහා සමස්ත ජනතාව ඒකාබද්ධ කර ගන්නවා. සියලු දෙනා කොතැනක හෝ පංගුකරුවන් ලෙස සම්බන්ධ වන සැලසුමක් අපි සකස් කරනවා. අපි හැමදෙනාම මහන්සිවෙලා වැඩකරමු. ජයග්‍රහණය ගැන විශ්වාසය පවා බිඳ වැටී තිබුණු අවස්ථාවක නැවත ඒ විශ්වාසය ඇති කර ගෙන යුද්ධය අවසන් කරන්න දායක වුණා. දැන් ආර්ථිකය බිඳ වැට්ටූ පසුව සුබ සිහින සියල්ල බිඳදමා තිබෙන පසුබිමක අපි අද බලාපොරොත්තු සහිතව ක්‍රියාකරමින් ඉන්නවා. සුබවාදී සිහින මියගිය, බලාපොරාත්තු කඩා වැටුණු පසුබිමක ජනතාව අප කෙරෙහි විශාල බලාපොරොත්තු තබාගෙන සිටිනවා.

 

ටට ඔරොත්තු නොදෙන විශාල ව්‍යාපෘති ක්‍රියාත්මක කර, බැංකු ගිණුම් තර කරගත් පාලකයන් සහ ඔවුන් වටා සිටින කෝටි ප්‍රකෝටි ගණන් බැංකුවලට පොලු තැබූ ව්‍යාපාරිකයන් අප සම්බන්ධයෙන් බියවී සිටිනවා. ඒ නිසා අවසාන මොහොත දක්වා ඔවුන් අතේ බලය තබාගන්න, කළ හැකි සියල්ල කරන බව අපි දන්නවා. නමුත් අපි ළඟ මහජන බලය තිබෙනවා. ජාතික ජන බලවේගය කියන්නේ ලංකාවේ ගොඩනැගෙන ශක්තිමත්ම ජාතික ව්‍යාපාරයයි. මේක හුදු බලය ලබාගැනීමේ දේශපාලන ව්‍යාපාරයක් නොවෙයි. සුද්දාට විරුද්ධව ඉන්දියාවේ ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් තිබුණා. සුද්දාට විරුද්ධ ජාතික සටනක් වෙනුවට සුද්දාගෙන් කීයක් හෝ යදින යාචකයන් බවට අපිට පත්කර තිබුණා. ජාතියේ පියාලා සිදුකළේ ඒක. සුද්දාගෙන් පසු බලය ගත් පිරිස ජාතික ව්‍යාපාරයක් ගොඩනැඟුවේ නැහැ. පුරවැසි පනත ගෙනත්, එයට එරෙහිව ෆෙඩරල් ව්‍යාපාරය බිහිකිරීමට ඉඩ සලසා සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත්කර, විවිධ බෙදීමිවලට ඉඩ සැලසුවා.

 

ලෝකයේ දියුණු වුණු ඕනෑම රටක් පිටුපස තිබෙන්නේ, ජාතික ව්‍යාපාරයක් ගොඩනඟා ඒ තුළින් ජාතික සටනක්, මෙහෙයවීමයි. 30 අවුරුදු යුද්ධය ජාතික සටනක් නොවේ. මේ දුෂ්ට, විනාශකාරී, චෞර, පාලක පෙළැන්තියෙන් බලය අතපත් කර ගැනීම සඳහා ශක්තිමත් ජාතික ව්‍යාපාරයක් අපට අවශ්‍යයි. අපි හැමෝම ඒ ජාතික ව්‍යාපාරයේ පංගුකරුවන් බවට පත්වෙන්න ඕනෑ. ඒ තුළින් නව ජාතික නිදහස් සටන ජයග්‍රහණය කරා ගෙන යන්න ඕනෑ. ශ්‍රේෂ්ඨතම අරමුණු වෙනුවෙන් උසස්ම අරමුණු වෙනුවෙන් කැපකිරීම, දරාගැනීම, අත්නොහැරීම, අරමුණු කරා යාම ආදී ජීව ගුණාංග සහිත ශක්තිමත්ම ජාතික ව්‍යාපාරයක් අපට අවශ්‍යයි.

 

ජාතික ජන බලවේගය ඒ ජාතික ව්‍යාපාරය ගොඩනඟමින් යනවා. එහි ශක්තිමත්ම කොටස්කරුවන් බවට පත්වී සිටින්නේ, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමූහිකයයි. ඉදිරියේදී එයට විශ්‍රාමික පොලිස් සාමූහිකයත් එකතු වෙනවා. ඒ වගේම ධීවරයන්, ගොවියන්, වෘත්තීයවේදීන්, කාන්තාවන්, ශිෂ්‍යයන් සියලුම දෙනා එක්වී ජාතික ව්‍යාපාරය ගොඩනැගීම අපි ඉදිරියේ තිබෙනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම පෙරට ඇවිත් ධෛර්යෙන් වැඩ කරමු.”

නවතම ලිපි