SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය සතියේ දේශපාලන කරළිය කැළඹූ සිදුවීමක් වූයේ  වූයේ පොලිස්පති පත්කිරීම සම්බන්ධ සිදුවීම් පෙළයි.

මාස හයකට සේවා දිගුවක් පොලිස්පති චන්දන වික්‍රමරත්නට ජනපතිවරයා දීමට සූදානමින් සිටි අතර එය පසුගිය මාස 3කට පෙරළිනි. ව්‍යවස්ථාදායක සභාව තුළ මෙන්ම රටේ තවත් විවිධ ආගමික සහ සමාජ සංස්ථා තුළ මෙය ප්‍රබල ගැටලුවක් විය. මෙම අවස්ථාවේදී මහජන ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය බාර ටිරාන් අලස් අමාත්‍යවරයා සිටියේ ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරත වෙමිනි.

 

''සර් අපි අවසාන වතාවට එකඟ වුණා නේද, මේක තුන්වැනි සේවා දිගුවෙන් පස්සේ සුදුසු කෙනකුට දෙනවා කියලා....''

ටිරාන් අලස් රාජ්‍ය අමාත්‍යවරයා ජනපති හමුවේ කරුණු දක්වමින් පැහැදිලි කර තිබේ. 

''සර්, පුළුවන් නම් මම එනකම් මොකවත් කරන්න එපා...''

ඒ අනුව ජනපති නැවතත් සති තුනකට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාට සේවා දිගුවක් ලබා දුන්නේය. කෙසේ වෙතත් ව්‍යවස්ථාදායක සභාව මේ පිළිබඳ බරපතළ ගණයේ විරෝධයක් ගොඩනගමින් සිටියේය.

මේ අතර ආරංචිමාර්ග සඳහන් කළේ ආණ්ඩුවේ ඉහළම කන්තෝරුවකට ව්‍යවස්ථාදායක සභාවේ ඉහළම චරිතයක් ගෙන්වා ආණ්ඩුවේ ප්‍රබල චරිතයක් විසින් දෝෂාරෝපණය කර ඇති බවකි.

''බලන්න මේ විදියට ගියොත් අපිට මොනවත් කරගන්න බැහැ...''

මෙවන් කලබගෑනි රැසක් අතරේ පොලිස්පතිවරයාට ලබාදුන් සති තුනක සේවා දිගුවද ඉකුත් සතියේ අවසන් විය. ඒ අනුව ආරංචි මාර්ග සඳහන් කළේ ජනපතිවරයා සහ ඇමැතිවරයා මේ පිළිබඳව සාකච්ඡා කිරීමට තීරණය කළ බවයි.


''සර් ව්‍යවස්ථාදායක සභාව දිගින් දිගටම ප්‍රතික්ෂේප කරද්දී මටත් මේක තවදුරටත් අනුමත කිරීමේ හැකියාවක් නැහැ. ඔබතුමා කැමැති තීරණයක් ගන්න...''

අමාත්‍යවරයා වෙතින් පළව ඇත්තේ ඊට සමාන අදහසක් බව එම තොරතුරු වාර්තා සඳහන් කරයි. මෙම වාතාවරණය යටතේ අවසන් තීරණයක් කරා එළඹීමේ දැඩි අවශ්‍යතාවය ජනපති විෂයෙහි පැන නැගී ඇතැයි කියැවේ. කෙසේ වෙතත් මේ වනවිට ජනාධිපති ලේකම්වරයා පොලිස්පතිවරයා අමතා සඳහන් කොට තිබුණේ වෙනත් කතාවකි.

''ඊළඟට ඔයාට නැවතත් සේවා දිගුවක් ලැබෙනවා. ඒ නිසා සේවය කරන්න සූදානමින් ඉන්න...''

කෙසේ වෙතත් අමාත්‍යවරයා හා ජනපති අතර පැවති සංවාදයෙන් පසු තත්ත්වය වෙනස් විය.

ආරංචි මාර්ග සඳහන් කළ පරිදි ඉහත සාකච්ඡාවෙන් පසු, ජනාධිපති ලේකම් සමන් ඒකනායක නැවත පොලිස්පතිවරයා අමතා මෙවන් දැනුම් දීමක් සිදුකර ඇතැයි කියැවේ.

“ඔබතුමාට කොච්චර කල් අවශ්‍යද සේවයෙන් සමුගන්න. ආචාර පෙළපාලි වගේ කටයුතු රැසක් තියෙනවා."

පොලිස්පතිවරයකුගේ සමුගැනීමේ සම්ප්‍රදාය අනුව සිදුකළ කටයුතු රැසක් වේ. ඒ අනුව ඊට සාමාන්‍ය ක්‍රමය යටතේ යම් කාලයක් වැය වෙයි.

“මට මේ වෙලාවේ ආචාර පෙළපාලි අවශ්‍ය නැහැ. පොලිසිය බොහොම අමාරුවෙන් දුවන්නෙ. දුෂ්කරතා රැසක් තියෙනවා. මේ වෙලාවේ මිනිස්සු ගෙන්නලා, වියදම් කරලා ආචාර පෙළපාලි පැවැත්වීමේ අවශ්‍යතාවක් නැහැ. ඒකට මම පෞද්ගලිකවම කැමැති නෑ."

අප තොරතුරු වාර්තා අනුව පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා පවසා ඇත්තේ මෙවන් කතාවකි. කෙසේ වෙතත් මෙහිදී ඔහු ජනාධිපති ලේකම්වරයාගෙන් එක් ඉල්ලීමක් සිදුකොට තිබේ.

“මට ඔය දේවල් නම් එපා. අවශ්‍ය නම් මම අදම ඉවත් වෙන්නම්. පුළුවන් නම් ජනාධිපතිතුමා පෞද්ගලිකව මුණගැහෙන්න වෙලාවක් යොදලා දෙන්න."

පසුව ජනාධිපති ලේකම්වරයා විසින් ජනපති සහ පොලිස්පති අතර මිනිත්තු පහළොවක පමණ සාකච්ඡාවක් සංවිධානය කොට තිබුණි. පොලිසියේ වර්තමාන තත්ත්වය, සිදු කළ යුතු වෙනස්කම් සහ චන්දන වික්‍රමරත්න මහතාගේ අනාගත භූමිකාව පිළිබඳ මෙහිදී සාකච්ඡා වී ඇතැයි සැලකේ. කෙසේ වෙතත් මෙම පෞද්ගලික සාකච්ඡාවේ අන්තර්ගතය පිළිබඳ නිශ්චිත හෙළිදරව්වක් සිදුව නොමැත.

කෙසේ වෙතත් මේ වන විට පැතිර යන ආරංචි අනුව පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් ස්ථාපිත කොට එම තනතුර චන්දන වික්‍රමරත්න මහතා හට ලබාදීමට ජනපති සූදානම් වන බව කියැවේ. එහෙත් තවත් ආරංචියකට අනුව කියැවෙන්නේ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ධූරය ජනාධිපතිගේ අභිමතය පරිදි ඔහුට ලැබෙනු ඇති බවයි.

 

@චමිඳු නිසල් ද සිල්වා(Deshaya)

 

ලංකාදීපයේ චමිදු නිසල්‌ගේ සටහනට පසු සටහන..

පසුගිය සතියේ දේශපාලන තීරණ අතරට පොලිස්පති ධූරයේ රාජපකාරි කිරීම වසර තුනකට සීමා කර  නීතියක් ගෙන ඒමේ කැබිනට් අනුමැති ගෙන ඒමක් කතාබහට ලක්විය.

එයට හේතුව වන්නේ වර්තමාන පොලිස්පති ධූරය සඳහා සුදුසුකම් ලැබ සිටින සියල්ලන් විශ්‍රාම වයසට දශකයක පමණ කාලසීමාවක් ඉතිරිව ඇති නිසායැයි කතාබහට ලක්විනි.

අනතුරුව වර්තමාන වැඩබලන පොලිස්පති ලෙස බස්නාහිර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පතිව සිටි  දේශබන්දු තෙන්‌නකෝන්ව  පත්කළේය.

කියැවෙන්නේ,  ඒ මාස තුනකට වැඩබලන ධුරයක් බවය.

වැඩබලන පොලිස්පති තුමා ගංගාරාමයෙන් ඇරඹි ආගමික ආශීර්වාදය ලබාගැනීම මේ වනවිට දළදා මාලිගාව දක්වා ගොස් ඇත.‍

මාස තුනෙන් පසු යළිත් වැඩබලන මාස තුනක් ලැබේවිද යන්න කතාබහට ලක්ව ඇති අතර නැවතත් වැඩබලන ධූරයක් බවට පොලිස්පති පුටුව පත්‌වේවිද?

 

හිටපු පොලිස්පති සී ඩී වික්‍රමරත්ව පොලිස් කොමිසමේ සභාපති ධූරයට පත්කරන බවට මාධ්‍ය වාර්තා පළවී ඇත.

නවතම ලිපි