SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මීළඟ මැතිවරණයකින් බල හුවමාරුවක් සිදුවන්නේ නම් එහි වාසිය අත්වන්නේ ජාතික ජන බලවේගයට බැව් මේ වනවිට සමීක්ෂන වාර්තා රැසකින් හෙළිදරව් කර ඇත.

එසේම මේ වනවිට ජාත්‍යන්තර සම්බන්ධතා, කලාපීය සම්බන්ධතාවන්ද ජාතික ජන බලවේගය හසුරුවමින් ඊට සූදානම් වන ආකාරයක්ද පෙන්නුම් කරන්නේය.

 

ලඟදීම අසල්වැසි  ඉන්දියාවේ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඇරයුමක් අනුව අනුර කුමාර දිසානායක‌ ඉන්දියාව බලා යෑමට සූදානම් බවක් පිළිබඳවත් පක්ෂයේ ආරංචිමාර්ග සපයා ඇත.

 

රටවැසියා තුළ වසර 75ක් පුරා මාරුවෙන් මාරුවට බලය ලබාදුන් දේශපාලන පක්ෂ “බංකොලොත් රටක්” යන්න දක්වා රට තල්ලු කර හැරීම පමණක් නොව මේ වනවිට ජීවන බර දරාගැනීමට නොහැකිව අධීක බදු බරට යටවී සිටින පුරවැසියා හට වෙනත් විකල්පයක් නැත්තේ යැයි විකල් තෝරාගැනීමකට තල්ලු වනතෙක් අර්බූධය උත්සන්නව ඇත.

 

කෙසේ වුවත් ජාතික ජන බලවේගය බලය ලබාගත්විට ඔවුන්ට සිදුවන්නේ කුමක්ද යන්න සහ ඔවුන්ට මේ රට පත්ව ඇති අර්බූධය විසඳිය හැකිද යන්න පිළිබඳව විවිධ සංවාද ජාතික තලයේ මාධ්‍ය තුළත් සමාජ මාධ්‍ය තුලත් කලක සිට ඇති වෙමින් පවතී.

 

එහිදී සට කපට ලෙස පිළිතුරු සපයමින් මැතිවරණ ව්‍යාපාරය සිදුකරන ජවිපෙ නායක අනුර කුමාර දිසානායකට වඩා විවෘතව අදහස් දක්වන්නෙක් ලෙස එම පක්ෂයේ මධ්‍යම කාරක සභික කේ.ඩී.ලාල්කාන්ත විවාදයට ලක්වූවෙකි.

පහත පළවන්නේ ජවිපෙ මධ්‍යම කාරක සභික  ලාල්කාන්ත විසින්  ඔවුන් බලය ගත්විට සිදුවිය හැකි සහ සිදුකරන්නට විය හැකි තත්වයන් පිළිබඳව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ලක්මාල් රණභාහු සමග ඔහුගේ යූටියුබ් නාලිකාවට ලබාදුන් සාකච්ඡාවක කොටසකි.

 

 

 

“අති බහුතරයක් දැන්නම් මේක වෙනස් කරගන්න ඔින කියන තැනකට ඇවිත් තියෙනවා.

ජාතික ජන බලවේගය ප්‍රාතිහාර්යය පාල මේක වෙනස් කරයි කියල හිතනවා..

මිනිසුන්ගෙ බලාපොරොත්තු වෙන විදිහට බලය ලබාගන්නවනම්... අර ගෙවිඳුත් කියනව වගේ අපි බලයට  ආවට පස්සෙ මේ ප්‍රතිවිරෝධය තව සිය දහස් ලක්ෂ ගුනයකින් වැඩිවෙනවා..

අඩුවෙන්නෙ නැහැ..

නැගී සිටින බලවේග අතිවිශාලයි. ඒකට තමයි රාජ්‍ය මාධ්‍ය තියෙන්නෙ.. ඒ ගානට කිව්වම ඇති නේද?

ජනතාව අපිට බලය දෙන්නෙ ඒකටත් එක්ක තමයි..

බලය දෙන්නෙ තීන්දු ගන්න තමයි..

ඒ බලය පාවිච්චි කරන්නෙ නැත්නම් බලය අරගෙන වැඩක් නැහැ.

ඒ ගානට උත්තරය දුන්නම ඇති.

දැන් ඉන්නවනේ මහා පරිමාණ ව්‍යාපාරිකයො.

ඒගොල්ලො කරගෙන යන ඔක්කොම ටික අපි රජයට පවරගෙන රජය විසින් කරන්න පටන් ගන්නවා..

ඒ ඒ අයගෙ මැදිහත්වීමට ඒ ඒ අයට ලබාදෙන කොටස ලබාදෙමින් ගේම ගහන්න තියෙන්නෙ..

ඒ මාෆියාව කඩන්නත් ඔින නම් රජයම මැදිහත් වෙන්න ඔින..

අවශ්‍ය ඉලක්කවලට යන්න පාවිච්චි කරන්න අපිටත් ඉන්නව එහෙම සෙට් එකක්.

ඉන්න ඔිනනේ.. ඒ බාධා ටික ඉවත් කරන්න.

වෙළඳ ව්‍යාපාරිකයො කියන අයත් අදාළයි. දැන් මහා ව්‍යාපාර කරන අයත් අදාළයි..රාජ්‍ය බලයයි, ආණ්ඩු බලයයි පාවිච්චි කරනවා, ඇත්ත කියන්න ඔිනනේ.. අපි ඒක මාක් කරගෙන ඉන්නෙ..

ජනතාව අපිට බලය දෙන්නෙ ඒ බලය පාවිච්චි කරන්න, තියාගෙන ඉන්න නෙවෙයි..

අපි ඒක කරනවා..

නවතම ලිපි