SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමගි ජන බලවේගයේ මාධ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් ඊයේ (30) මාධ්‍ය හමුවක් පවත්වමින් 2024 වික්‍රමසිංහ ආණ්ඩුවේ අය වැය සම්බන්ධව අදහස් දක්වා ඇත.

ඔහු කියන්නේ දත්ත විජ්ජාවක් පෙන්වමින් ඉදිරිපත් කර ඇති මෙම අයවැයේ  ‘වැය’ විතරක් පෙන්වා දෙමින් ඒ සඳහා ‘අය’  වසා දමා ඇති බවයි. ඒ අනුව ආධායම පෙන්වන්නට බැරිනම් වියදම කෙසේද යන්න මන්ත්‍රීවරයා ප්‍රශ්න කර ඇත.

 

“අය වැය දෙවන වර කියවීමේදී  මම එම දත්ත විජ්ජාව එකින් එක අරන් පැහැදිලි කරා අපේක්ෂිත ආධායම එන්නෙ නැති විදිහට හා අපේක්ශිත වියදම යන්නෙ නැති විදිහට.. මම නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ  වැය ශීර්ෂයේදී කොළඹට ඔප්පු ලබා දිමේ බොරු කතාව සම්පුර්ණයෙන් විශ්ලේෂනය කරලා දුන්නා. එසේම ග්‍රාමීය නිවාස හදන්න බැරි වෙන්නේ කෙසේද  යන්න විශ්ලේෂනය කරලා දුන්නා. එම අමාත්‍යාංශයට  වෙන්කරලා තියන මුදලින් එය කවදාවත් කරන්න බැරිබව මනාව පෙන්වා දුන්නා. නමුත් මේ දත්ත විජ්ජාව තුළ ‘අය’ පෙන්නලා නෑ, ‘වැය’ විතරයි පෙන්නලා තියෙන්නේ.  මෙම ‘වැය’ දෙන්න බෑ, ආධායම දෙන්න බැරිනම්..

 

 

 උදාහරණයකට ජනාධිපතිතුමා අද උදේත් රට ගියා. එතුමා  මේ වසර එකහමාරට කී දවසක්නම් රට ගියාද?  ලැබුනෙ  මොනවද? රටේ  මිනිස්සු දන්නෙත් නෑ. හැබැයි එක දෙයක් කරලා තියනවා. එතුමා රට නොයන වෙලාවට සතිඅන්තයේ  කොළඹින් පිට යනවා. එක එක පළාත් වලට විවිධ සුරංගනා කතා කියලා තියනවා. ත්‍රීකුණාමලයෙ  ගිහින් කිවුවා ආයෝජන  කලාපයක් කරනවා කියලා. ගාල්ලෙ ගිහින් කිවුවා ආකියොලොජි කලාපයක් කරනවා කියලා. ආරුගම්බෙ ගිහින් කිවුවා සර්පින් කලාපයක් කරනවා කියලා. නුවරඑළියෙ ගිහින් කිවුවා සංචාරක කලාපයක් කරනවා කියලා. තව ඔය වගේ  විශාල ගණනක් කියනවා.. කියනවා විතරයි ආරම්භ කරන්නවත් මේ  අයවැයෙන්  මුදල් වෙන්කරලා නෑ. හැබැයි එක දෙයක් කරලා තියෙනවා, හංගලා වංචාකරලා තියනවා.

 

 

ජනවාරි මාසෙ ඉඳලා වැට් එක 18% වෙනවා. මම විදුලිබල මණ්ඩල වැය ශීර්ෂ  වෙලාවෙ කංචන විජේසේකර ඇමතිතුමාගෙන් ප්‍රශ්න කරාම එතුමා දුන්නා උත්තරය තමයි, තෙල් වලට වැට් එක එනවද? ඇහුවාම.. ඔව් එනවා.. ඇවිල්ලා තව වෙනත් තෙල්වලට මේ මොහොතෙ අයකරන බදු අය කරනවා කියලා.

 

මට හැගුනු විදිහට 10% විතර තෙල් මිල වැඩි වේවි. තෙල් ලීටරයක් රු. 30 කින්  වැඩි උනාම , වැට් එක 18 % වැඩි වුනාම ජනවාරියෙ ඉඳලා ජනතාව අද දෙවේලක් කනවනම්  එක වේලයි කන්න වෙනනෙ. එක වේලක් කනවා නම් ලෙවකන්න වෙන්නෙ. මෙම වැට් මුදල විදුලි බිලට හා ජල බිලට   එකතු කරනවාද කියලා අපි දන්නෙ නෑ. එතකොට මේ  ජනතාවගේ  ඊරි මාංසය වෙනතෙක් මිරිකලා සාරය උරා බීලා මදිවට තව දුරටත් වැට් එක ඉහළ දැමීමෙන් වෙන්නෙ..ජනතාව පණපිටින් වැලලීමක්.

මිනිස්සු විඳින අපාදුක, බඩගින්න , දරුවන්ට උගන්වන්න ගන්න වෙහෙස, බිල් ගෙවීම සම්බන්ද  පිඩනය ඉදිරියට ඇවිත්, ජනතාව සාධාරණ විරෝධයක් දක්වනකොට අපිට පෙනවා හමුදව පොලිසිය දාලා මර්ධනය කරනවා. ජනතාවගේ  පිඩනය පිටකරන්න නියමිත වෙලාවට සාධාරණ මැතිවරණයක් තියන්න ඔින.‍

 

දැන් ප්‍රදේශීය සභා කල් දැම්මා. අපිට කමක් නෑ රනිල් මහත්තයා පොහොට්ටුව එක්ක සංධානගත වුනාට. පාර්ලිමේන්තුව විසුරුවලා ජනතාව ඔයාලා ගැන හිතන විදිහ අත්හදා බලන්න. මට තේරෙන විදිහට රනිල් පරදින්න ජනපතිවරණය ඉල්ලන්නනෙ නෑ. එයා ධුරයේ ඉඳලා මහ මැතිවරණයක් අත්හදා බලන්න යන්නෙ. කල් දාන්න එපා ජනතාවගේ  පිඩනය පිටකරන්න ජන්දය තියන්න. 

 

IMF අවම ණය ගෙවන්න රනිල් මහත්තයා තව ණය ගන්නවා. 2015 - 2018 ණය ගත්තෙ පෙර ණය ගෙවන්න. නව ආධායම් එකක්වත් හදලා නැති නිසා, තොරතුරු, මුල්‍ය , අපනයන වෙළදාම වර්ධනයට කිසිදු පියවරක් නෑ. ඒ තුළ  ආධායම් මාර්ග අලුත් වෙලා නෑ. ඒ  හරහා උද්ධමණය වර්ධනය වෙනවා. දැන්වත් ජනතාවගේ කැමැත්තට ඉඩ දෙන්න. බදු අඩුකරලා ජනතාවට සහන උදාකරගන්න නව කණ්ඩායමක ආගමනය අවශ්‍යයි.

@මාධ්‍ය ඒකකය

RN

නවතම ලිපි