SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එළැඹෙන වසර මැතිවරණ වසරක් ලෙස ප්‍රකාශයට පත්වීමත් සමග මෙතෙක් රහසිගතව කෙරෙමින් තිබුණු සන්ධාන රහස් රැසක් මතුවෙමින් පවතී.

ලංකාවේ දේශපාලනයේ  සෑම අර්බූධ අවස්ථාවකදීම සන්ධාන ගතවීමෙන් බලය හුවමාරු වූ අයුරු අපට ඉතිහාසය පෙන්වා දේ.

 

මේ මොහොත කව්රු බලයට පත්වුනද අසීරුවට පත්වන ආකාරයේ  බිඳ වැටුනු ජන ජීවිත සහිත වටපිටාවක් පවතින්නකි.

එවන් මොහොතක මේ අවදානම තනි පක්ෂයකට බාර ගැනීම බෙහෙවින් අවිනිශ්චිත වනු ඇති බවත්, එනිසාම පක්ෂ කිහිපයක ඒකාබද්ධවීම තුළින් සකස් කෙරෙන සන්ධානගතවීමකින් බලය හුවමාරුවට සූදානම් විය යුතු බවත් මෙකී සන්දානය හා එක්ව සිටින ප්‍රබල දේශපාලන පුද්ගලයින්ගේ මතය වී ඇත.

 

ශ්‍රිලනිපය පවා මේ වනවිට සන්ධානයට එකතු වීම සඳහා එහි අභ්‍යන්තර ගැටළු සමථයකට පත්කර ගැනීමට විවිධ යෝජනා කෙරෙමින් පවතින බවත් කඩිනමින් ශ්‍රිලනිපය දෙකඩ වීමෙන් හෝ සන්ධානයේ අරමුණු ඉටුකර ගැනීමට සුදුසු පසුබිමක් තනන බවත් ශ්‍රිලනිප  අභ්‍යන්තර ආරංචිමාර්ග හෙළිකර ඇත.

 

එසේම සන්ධාන බිහිකිරීමේදී අත්දැකීම් සහිත නමගිය දේශපාලන නායිකාවක් මේ වනවිට ඒ සඳහා එක්ව තම අත්දැකීම් හුවමාරු කරගන්නා බවත් එකී ආරංචිමාර්ග කියා සිටී.

 

බොහෝ දුරට මෙම සන්ධානය කරලියට පැමිණීමත් සමග පොහොට්ටු දේශපාලනයේ කඩතොළු මතුවි පෙනීමට ඉඩ ඇති බවත් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ භූමිකාව 2025 වනවිට අවසන් වනු ඇති බවත් දැනට යටිබිම්ගතව ක්‍රියාත්මක  දේශපාලන සන්දානයට සම්බන්ධ දේශපාලන විචාරකයෙකුගේ  අදහස වී ඇත.

 

කෙසේ වුවද ඉදිරි මැතිවරණයන් සඳහා ජාතික ජන බලවේගය තනිවම තරඟ කිරීමට සූදානම්ව, මේ වනවිට බලය ලබාගැනීමේ කාර්යයේ  ප්‍රබල මට්ටමේ ක්‍රියාත්මක පක්ෂයක් ලෙස පක්ෂ විපක්ෂ සියල්ලන්ගේම නිගමනය වී ඇත. එහෙත් 50% අසීරු බාධකයට ඔවුන්ටද මුහුණ දීමට සිදුවන අතර ඔවුන්ද යම් ප්‍රබල පක්ෂ හා සංවිධාන සමග  සන්ධානගතවීමකට එක් වුවහොත් එම බාධකය ජයගත හැකි වනු ඇත.

 

විශ්ලේෂකයින්ගේ අදහස වී ඇත්තේ වික්‍රමසිංහ ජනාධිපතිවරයා බොහෝ දුරට ජාතික ජන බලවේගයට මේ මොහොතේ බලය ගැනීමට අවශ්‍ය ඉඩකඩ ලබාදෙනු ඇති බවත්, රටේ අර්බූධය හමුවේ ඔවුන් කඩිනමින් විනාශයට යා හැකි බවත් ඉන් අනතුරුව රටේ ජනමතය ගොඩනංවා ගනිමින් 2029 යළිත් තමාට අවස්ථාවක් ලැබෙනු ඇති යැයි සිතිය හැකි බවත්ය.

 

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මෙන් අනුර කුමාර දිසානායකද අර්බූධයට ලක්විය හැකිය යන්න දේශපාලන උපදේශකවරුන්ගේ අදහසය.

 

කෙසේ වුවද මැතිවරණය ජයග්‍රහණයකට අවශ්‍ය නිර්නායකයන් ජය ගැනීම සියල්ලන්ටම මේ වනවිට අර්බූධකාරීය යන්න නොරහසකි.

 

#Inside report

නවතම ලිපි