SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සිරි ලංකාවේ අධිකරණය ලෝකය සලිත කරමින් ඉතිහාසයේ ...

ජිවීතයේ පළමු වතාවට අත්දකින පරිදි මෙවන් නිර්භීත නඩු තීන්දුවක් දීම..ලංකාවේ ජනතාවට වගේ වගක් නැත. එවන් නොදැනීම ප්‍රදර්ශනය කිරීම ජාතියක් එක්වී අධිකරණයට අපහාස කිරීමකි.

 

ජාතියකට එසේ කල හැකිද?

තමන් විසින් ප්‍රදානය කරන ලද ව්‍යවස්ථාදායක,විධායක අධිකරණ බලය අතරින් වඩා ස්වාධීනම බලය ලෙස පිළිගත හැකි අධිකරණය සිරි ලංකාවේ ක්‍රියාත්මක වූයේ මෙලෙස නොවේ.දෙවියන් විසින් අධිකරණය එකම එක වතාවක් ජනතාව ගේ ආර්ථික අයිතිය,දරුවන් ණය නොකිරීමේ අයිතිය වෙනුවෙන් තීන්දුවක් දී ඇත.ජාතියක ජීවත්වීමේ අයිතිය වෙනුවෙන් තීන්දුවක් දී ඇත.

 

 

raja 3

 

ජාතියේ මුරදේවතා වන් පැමිණ එයින් පසු ජාතීය බේරාගත් බව ඉතිහාසයේ ලියවෙනු ඇතැයි අපට සිහින දැකීමට නොහැකිය. අපිට එවන් මුර දේවතාවන් ඇත්තේ නැත. අවම වශයෙන් එයින් පසු අපරාධ නඩු පැවරීමට කොන්ද ඇති නීති පතිවරයෙක් වත් නැත. අධිකරණ තීන්දුවෙන් පසු අප තවත් ජාතියක් ලෙස සම්ච්චලටය ලක්වී ඇති බව සිතේ. මහා අරගලයක් කර ලෝකය හොල්මන් කල ජාතියක් අධිකරණ තීන්දුව උපයෝගී කරගෙන නඩු පැවරීම කරන ලෙසට බල කරන බවක් පෙනෙන්නේ නැත.

 

 

ශ්‍රී ලංකාවේ මිනිසුන් අධිකරණ තීන්දුව තවත් එක තීන්දුවක් ලෙස වත් සැලකුවේ නැත. සිල් රෙදි නඩුවට තිබුණු අවධානය වත් මෙවන් වැදගත් නඩුවකට දුන්නේ නැත.

 

 

raja 2

 

 

ඉතිහාසයේ රට බේරා ගැනීමට ජනතාව දැනුවත් කලේ පන්සල් වල හාමුදුරුවන් යයි කියවා ඇත.බොහෝ චීවර ධාරීන් පම්පෝරි ගසන්නෙත් මේ තැන සිටය. එනම් ජාතියේ මුර දේවතාවන් ඔවුන්යයි කියමිනි. ඒ සියල්ල දැන් රාජපක්ශාගම වැළඳගත් මැදමුලනේ මුර දේවතාවන්ය. හොරු ඇල්ලීමට එනවා යයි මල්වෙඩි දැමු මාක්ස්,ලෙනින් පක්ෂද වලිගය දෙපරන්දේ හකුලාගත්, හංගාගත් බල්ලන් මෙන් මැදමුලනේ බොස්ලා අබියස ස්වාමියා ඉජු ඉජු ගානවිට ඉන්නා අභිනයේය. උඹලා ඔක්කොම හොරු යයි අපි බිය නැතුව කියමු.අපගේද,අපගේ දෙමාපියන්ගේ පමණක් නොව දරු මුණුබුරන්ගේ ජීවිතද නුඹලා ගේ චෞර මිත්‍යාවෙන් විනාශ කර ඇත.නුඹලා ගේ නිහඩ බව අපට කියන්නේ නුඹලා සියල්ලම මේ මහා අපරාධයේ කොටස් කරුවන් නිසා කිසිම විටක අපාරධයට දඬුවම දීමට නුඹලාට නොහැකි බවය.

 

පන්සල තම වරද නිවැරදි කල යුතුය.

 

රාජපක්ෂලා බලයට ගෙන ඒමට කඩේ නොගිය චීවරයක් නැත. ඔවුන් ජාතියට උරුම කලේ චීවරයේ පාපී පිරිස විසිනි.

 

ශ්‍රී ලංකාවේ පාසල්,පිරිවෙන්,පෞද්ගලික පාසල් එකතුව 10995කි.පන්සල් විසි දහසකි.ඒවායේ චීවරධාරීන් 60000 ක් පමණ සසර කෙලවර කරගන්නට ගොස් ඇති බව කියවේ. බන්ධනාගාර 28 කි. රැඳවියන් විසිපන්දහසකි. පන්සල ජනතාවට බණ දෙසා පන්සල් වලින් හොරුන් සුජාත කල අතර පන්සල් බා ගැනීමේ කටයුත්තේ සිටි ව්‍යපාරික චෞර ක්‍රියාකාරීන්ද අප දුටුවෙමු. දනිමු.

 

පන්සල් වලට, කටිනෙට, සියල්ල අතහැර සංසාරෙන් එතෙර වීමට ගිය චීවරධාරීන්ට වාහන සැපයීමට, දන් ලැයිස්තු දීමට ජනතාව වැය කරන දෙයකින් සියයෙන් එකක් ගමේ තිබෙන පාසලට වියදම් කිරීමට මිනිසුන් පෙළඹෙන්නේ නැත.ඒ පන්සලේ චිවරධාරියාට සමානව භක්තියෙන් ඉගැන්විය යුත්තේ,රැක ගත යුත්තේ ජාතියක වගකීමට සිටින දරුවන්ට යයි අපේ මහා හෙළයන්ට නොතේරේ.සසරින් එතෙර වන්නට ගිය මිනිසාට ගරුත්වයන් ඕනෑද ? නියම භික්ෂුව ගරුකම්,සැලකීම් අපේක්ෂා කල යුතු නැත. සසරින් එතෙර වන්නට ගිය පිරිස උපරිම ලෞකික සැප සොයන්නේ බලහත් කාරයෙනි.තග දමමිනි.ස්නයිෆර් සොයමිනි.මාක්ස්වාදය තුල කිමිදෙමිනි.රාජපක්ෂාගම වැළඳ ගනිමිනි.

 

මේ කිසිවකු රාජපක්ෂලාට එරෙහි නඩු තීන්දුව ගැන බණක් කියනු ඇසුනේ නැත.අඩුම තරමේ අරගලය දිනවල ස්නයිෆර් සෙවූ උනුත් උන්ගේ රතු සවොදරයන්ගෙන් අණක් ලැබෙන තුරු කට හොල්ලන්නෙ නැත.ගෝටා බලයට ගෙන ඒමට වැදී බණ 800 ක් කියූ චානසාරලා තමන්ගේ මතවාදය වෙනුවෙන් අවංක වෙන විට,ගැහැණු පිරිමින් සමග නිදි වැදිය යුත්තේ කෙසේදැයි වැදි බණ කියන චීවර චුටී මල්ලීලා තමන්ගේ සටන් කාමිත්වය කියන ඇරියස් ටික රාජපක්ෂලා ඉදිරියේ සඟවාගෙන සිටිති.යුතුකම වත් වැටහෙන්නේ නැති ඔවුන්ට වඳින ඕනෑම කෙනෙකු තම දරුමුනුපුරන් වෙනුවෙන් අහක බැලු කහ බලකාය ගැන දෙවරක් සිතිය යුතුය.

 

raja4

 

 

භික්ෂු සමාජය මේ වතාවේ සමාජ,ජාතික මෙන්ම මානුෂිය වගකීම පැහැර හැර මස් වැද්දන් ලෙස මේ තීන්දුව ඉදිරියේ හැසිරීම ඔවුන්ගේ චෞරත්වය කියා පායි. මහනායක ලා නැවත මර නින්දට වැටි ඇත. අවුකන පිළිමයට සිවුරු අන්දා අවධානය වෙනස් කර රාජපක්ෂලාට ඇද දෙන චීවර ධාරියාට මහසෙන් දෙවියන්ගේ උදහස ඉල්ලා සිටීමට මම බිය නොවෙමි. සැබවින්ම ඔහු ඒ උදහසට ලක්විය යුතුය.

 

ජනතාවගෙන් ජිවත් වෙන වැඳුම් පිදුම් ලබන චීවර සාර ලා හොර රාජපක්ෂ ලා ආරක්ෂා කරමින් කටුව අස්සේ හැංගුණු ඉබ්බන් මෙන්ය.රට ජාතිය ආරක්ෂා කරගන්නට ඉතිහාසය පුරාම ආවේ සංඝ රත්නය යයි නැවත බයිලා ගැසීමට ආවොත්..අනාගත පරපුර මේ නඩු තීන්දුව හා පන්සල් 20000 ,චීවර පොරවල් ගේ කෙරුවාව මතක් කර දෙන්න.අඩුම තරමේ මැයි 09 වෙනිදා බේරේ වැවේ සිද්ධිය මෙන්වත්,,ශ්‍රේෂ්ටාධිකරණ තීන්දුවට එරෙහිව හොරුන්ට පක්ෂව සිටගත් සංග පරපුර ගැන ඔබ අවංක නම් ඔබේ දරුවාට මේ ඉතිහාසගත අවස්තාව අදවත් කියා දෙන්න.

 

අපි මරණයට ඔවුන් තරම් බිය නැත. යුක්තිය වෙනුවෙන් තිබෙන සබ්බ සකලමනාව අහිමි කරගැනීමට බිය නොවමු.අපි නුඹලා දෙනෙත් පියාගෙන නිදි සුව විඳින විට අවධියෙන් නුඹලාගේ දරුවන්ට කළ අසාධාරනයට එරෙහිව සටන් කරමු.අපට ඇත්තේ සටන් කර මිය යාමටය.සොරකම් කර,සොරුන් රැක ජීවත් වනවාට වඩා සටන් කර මිය යාම සැපයකි.

@Subhashini Wipfler

නවතම ලිපි