SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ තාත්තලාගේ දුවලා අතරින් ප්‍රසිද්ධ CBKය. දුලංජලි ය. විජේවීරගේ දුවලාය. පවිත්රලා රෝහිණිලාය.

මේ දුවලා අතරින් දුලංජලි හා විජේවීරගේ දුවලා තාත්තලා ගිය මග තෝරාගෙන නැත. නැතහොත් ඔවුනට එයට ඉඩ නොලැබී පුතාලා විසින් ඒ මග අහුරාගෙන ඇත.

 

 

second 3

 (Wijeweeera family)

 

මට මේ දුවලා ටික සිහි වූයේ මිතුරකු එවූ සජීව වෙබ් විකාශයක් ඇසීමෙනි. එහිදී තලයිවර් යන ආදරණීය නාමයෙන් වේලු පිල්ලේ ප්‍රභාකරන් අමතමින් තමිල්නාඩු පුරවැසියකු පළමුව කතා කරනු ඇසිනි. කතාවේදී කියවුණේ ප්‍රභාකරන්ගේ දෙවන දරුවා වන දුවාරගා එම රැස්වීම අමතන බවයි. මට ලැබී තිබුණේ හඬ පටය පමණි. අතර වාරයේ වාදනය වුණු දේශාභිමානි ගීත හද සසල කරවන ලදී. කෙසේ නමුත් රාජකාරි නිසා මට දුවාරගා ගේ කථාව අසන්නට නොහැකි විය.

 

 

madibaan1

Duwaraka

 

මගේ මිතුරා මට ජයාරූප දෙකක් එවීය. ඒවා මෙහි පලකරමි. මගේ මිතුරා කිවේ, උවමනාවෙන් ම වම් කණ වසාගෙන සිටින නිසා තමා ඒ ප්‍රභාකරන් ගේ දියණිය බව විශ්වාශ කරන බවකි. මම ඔහුගෙන් ඒ මන්දැයි විමසුවෙමි. බලන්න..ඇගේ වම් කණ ඇගේ පියාගේ වගේමයි. ඇය ඒ කණට කැමති නැහැ වගේ දැන්. දරුවකු කාලයේ එම කණ විවෘතව තැබුවත් දැන් එය වසාගෙන තම සුන්දර බව ආරක්ෂා කරගෙන සිටි. ඇය තම පියා වෙනුවෙන් ජනතාව වෙත කොහේ හෝ සිට අමතයි. පෙනුමෙන් මදිවාදිනිට වඩා දුවාරගා සමීප වන්නේ පියාට බව වැටහේ.

 

madibalan 2

 

 

රැස්වීමේදී කල කථාවල ඇගේ පියා සමාන වුයේ, මාවෝ සේදන්ග්, නේතාජි.. ටය. ගාන්ධිට සමාන වුයේ නැත. කෙසේ නමුත් ඇය දියණියක් ලෙස තම මියගිය පියා වෙනුවෙන් පියාගේ අනුගාමිකයන් සැනසීම වෙනුවෙන් පමණක් පෙනී සිටීමට තරම් ත්‍යාගශීලි වීම හා නිහතමානී වීම ඇගයිය යුතුය. තම පියා ට ගරු කරන මිනිසුන් එසේ කරන්නේ ඇයිදැයි වටහා ගැනීමට දියණියකට හැකි නම්.. එය අරුමයක් නොවුණද , ප්‍රභාකරන් ගේ දියණිය එසේ වීම..සංවේදීය. කිසිදා සාමාන්‍ය ජිවිතයක් නැති හා තිබුණේ නැති වෛරයට පාත්‍ර වුණු , මව් බිමට එන්නට පවා හැකියාවක් නැතිව නිජ බිමක් වෙනුවෙන් සටන් වැද මියගිය පියා වෙනුවෙන් පෙනී සිටීම..එයට හොඳ ආත්ම ශක්තියක් තිබිය යුතුය. වඩා හොඳ දෙමාපිය දරු සම්බන්ධයක් පැවතිය යුතුය.

 

 

 

second doughter 2

(picture is from Internet) 

 

ඇය තවත් පියාගේ අඩි පාරේ යන සාමාන්‍ය නොවන දියණියකි. ලොව ට තම පියාගෙන් ලැබුණු එකම අනන්‍යභාවය ජානමය වශයෙන් සමානවූ කණ ය. එය වසා සඟවා ගත්තේ පියා මෙන් ම ඇයට එය වටිනා නිසාද විය හැකිය.

@Subhashini Wipfler

Picture ((1st Picture is from web casting.2nd, 3rd  from Internet.)

නවතම ලිපි