SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කෝප් කමිටුවේ සභාපති වරයෙකු අතින් ලිංගික බලපෑම්වලට ලක් වූ බව කියන පාර්ලිමේන්තු නිලධාරිනිය

ඒ ගැන පැමිණිලි කිරීමට මැලිකමක් දක්වන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කර ඇත.

 

කතානායකවරයා මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා වෙතින් එවැනි ලිංගික අතවරයක් සිදුව ඇති බවට විශ්වාසය පළකෙරෙන බවට හැඟී යන්නකි.  

 

සිදුවීම සම්බන්ධයෙන් ලැජ්ජාශීලී භාවය නිසා ඇය මෙතෙක් නිසි පරිදි පැමිණිල්ලක් ඉදිරිපත් කර නැති බවද කතානායක වරයා පවසන අතර පැමිණිල්ලක් කර නැති නිසා පරීක්ෂණ පවත්වන්නේ කෙසේදැයි කතානායකවරයා විමසා ඇත.

 

බස් රථ වලද මෙවැනි අතවරයන්ට කාන්තාවන් ලක් වුවත් ඒ ගැන පැමිණිලි නොකරන්නේ ද ලැජ්ජාව නිසා බවද කතානායක වරයා තව දුරටත් සඳහන් කළේය.

 

මන්ත්රීනි සංසදය

 

පාර්ලිමේන්තුවේ ස්ථාපිත කර ඇති කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදය මේ පිළිබඳව කුමන ආකාරයෙන් කටයුතු කරනවාද යන්න ගැන තවම අදහසක් පළකර නැත.

 

මෙවන් අවස්ථාවන්හිදී කාන්තා මන්ත්‍රීවරියන්ගේ සංසදයට පාර්ලිමේන්තු පරිශ්‍රයේ සිදුවන  මෙවන් අකටයුතු සම්බන්ධයෙන් මැදිහත්වීමේ අවස්ථාවක් හෝ උවමනාවක් නැද්ද යන්න පිළබඳව බොහෝ දෙනෙක් විමසිලිමත් වී ඇත.

 

 

නවතම ලිපි