SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(කාටූන් චිත්‍රය -දිවයින)

2024 වසරේදී රටේ ජනතාවට මේ වසරට වඩා රුපියල් කෝටි 88100ක (බිලියන 881) වක්‍ර බදු සහ රුපියල් කෝටි 34,200ක (බිලියන 342) ඍජු බදු ගෙවීමට සිදුවන බව

ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා දේශයට පැවසීය. 

 

ඔහු අවධාරණය කළේ රජය 2024 අයවැය ලේඛනය අනුව රුපියල් කෝටි 122,400ක (බිලියන 1224) අතිරේක ආදායමක් බලාපොරොත්තු වන අතර එයින් සියයට 72ක් වක්‍ර බදු සහ සියයට 28ක් ඍජු බදු වන බවය. 2023 වසරේදී රජය බලාපොරොත්තු වූ සමස්ත බදු ආදායම රුපියල් බිලියන 2851ක් වූ අතර 2024 වසර සඳහා බිලියන 4075ක බදු ආදායමක් අපේක්ෂා කරන බව අයවැය ලේඛනය අනුව සනාථ වන්නේ යැයි ඔහු කියයි.

මෙලෙස විශාල ලෙස බදු අය කිරීම නිසා ලබන වසරේ ජනවාරි 01දා සිට හාල්, පරිප්පු, සීනි, තිරිඟු පිටි, කරවල, අල ආදී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සියයට 72කින් පමණ ඉහළ යාම නොවැළැක්විය හැකිය යන්න මහාචාර්යවරයාගේ අදහසය. මේ හේතුවෙන් ජනතාවගේ ජීවන මට්ටම අන් කවරදාටත් වඩා පහළ යන අතර, ගෙවන්නට සිදුවන අතිරේක බදු මුදලට සාපේක්ෂව ඔවුන්ගේ ආදායම වැඩි නොවන පසුබිමක රටේ දරිද්‍රතාව ඉහළ යන බවද ඔහු පෙන්වා දෙයි.

 

 

@ යසවර්ධන රුද්රිගූ I දේශය

නවතම ලිපි