SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ පාර ලෝක කුසලානය මත තීරණ දෙකක් රැඳිලා තිබුනා.

එකක් 2024 අප්‍රේල් මැතිවරණයේදී මෝදිගේ කැම්පේන් එක.

අනික BCCI එක අවුරුදු ගානක් තිස්සේ හදාගත්ත ආධිපත්‍යය.

මේ දෙකම රැඳිලා තිබුනේ ඊයේ රෑ ඉන්දියාව ඩැහැගන්න හදපු කප් එක මත.

 

 

BCCI එකට මේ පාර world cup එක පටන් ගද්දි තිබුන වත්කම ඇමරිකානු ඩොලර් මිලියන 728 ක්.

Dream 11 ,Adidas,IDFC First Bank,Ambuja සිමෙන්ති,Hyundai වගේ දැවැන්ත සමාගම් ඔවුන් එක්ක ගිවිසුම් ගත වෙලා තිබුනා’

 

එතකොට මෝදිගෙ කතාව ගත්තොත් ඒක තරමක් වෙනස්.

අවුරුද්දට දෙපාරක්ම සමීක්ෂණ සිදු කරන India Today කියන විදිහට 67%ක් ව පැවති මෝදිගේ ජනප්‍රියත්වය ජූලි-අගෝස්තු සමීක්ෂණයෙන් 59%ක් දක්වා අඩුවෙලා තිබුනා.

හැබැයි තාමත් මෝදි ඉන්නේ ගාන්ධි පවුලට වැඩිය ඉස්සරහෙන්.

ලෝක් සභාවේ බහුතර බලය ගන්න නම් ආසන 272 ක් ජයගැනීම අනිවාර්යයි.

මෝදිගේ ආණ්ඩුව මේ වැඩේට තෝරාගත්ත හොඳම තුරුම්පුව තමයි මේ පාර ලෝක කුසලානය.

132,000 කගේ ජයගෝෂා මැද්දෙන් මෝදි අතින් රෝහිත් ශර්මා කප් එක උස්සන්න ඔවුන් තෝරාගෙන තිබුනේ අහමදාබාද්.

අහමදාබාද් අයත් ,මිලියන 16 ක් ඉන්න ගුජරාටිය කියන්නේ කොහොමත් මෝදිට අතිශය වාසිදායක මැතිවරණ කලාපයක්.

 

 

අවසන් පාර්ලිමේන්තු මැතිවරණයේදී ඔහු ගුජරාටිය ජයගන්නේ 62% ක ජන්ද ප්‍රතිශතයකින්.

ඒක හරියට අපේ රටේ පොහොට්ටුව , ඒ දවස්වල ගම්පහ,මොණරාගල හෝ මාතර ජයගන්නවා වගේ ප්‍රතිශතයක්.

ඉතින් ගුජරාටියේ Sardar patel ක්‍රීඩාංගණය නවීකරණය කරමින් එය මෝදි ක්‍රීඩාංගණය බවට පත්වෙන්නෙත් මේ වැඩේ වෙනුවෙන්මයි.

 

 

මේ තමයි පළමු තරඟය දවසේ සමාරම්භක උත්සවයක් නොතිබ්බ එකම ලෝක කුසලානය .

මේ තමයි ,තමන්ට Net Rate එක ප්‍රශ්නයක් වුනොත් පොඩි ටීම්ස් එක්ක ගහලා හරි උඩට එන්න ඕනෙ නිසා සත්කාරක රටට වාසි වෙන විදිහට තරඟ සටහන හදාගත්ත එකම ලෝක කුසලානය.

 

 

මේ තමයි,කාසියේ වාසිය පවා තමන් වෙනුවෙන් යොදාගෙන පිටියට බැස්ස එකම සත්කාරක රට ගැන අහපු එකම ලෝක කුසලානය.

මේ තමයි තමන්ට හිතවත් විනිසුරුවරු,තමන්ට හිතවත් තරඟ තීරකවරු දාගෙන කොහොමහරි මැච් එක දිනන්න හදපු එකම ලෝක කුසලානය.

 

 

ඒකත් හරියට ජන්දෙන් පැරදුනාම," අපරාදේ සර් ගහලා හරි ගන්නනේ තිබ්බා "වගේ කතාවකට කලින්ම ඉන්දියාව ලෑස්ති වෙලා හිටියා වගේ වැඩක්.

තණ තීරුව තමන්ගෙන් විමසන්නේ නැතුව වෙනස් කරා කියලා ICC නිලධාරියා චෝදනා කරාම,"ආ..ඒක සාමාන්‍ය දෙයක් " කියලා ICC එක ගත්තෙත් ඉන්දියාවේ පැත්ත.

ඒ තරමටම BCCI එක බලවත් වුනා.

 

ඉතින් නිමාවුනේ එහෙම ලෝක කුසලානයක්..මෙවැනි ඉන්දියාවට මුහුණ දෙන්න ශක්තිය තියෙන එකම රට මේ වෙලාවේ ඕස්ට්‍රේලියාව විතරයි.

ඒ නිසා මැච් 10 ම දිනලා,අන්තිමට ආව ඉන්දියාවට ,අන්තිමෙදි හම්බවුනේ ඔවුන් අපේක්ෂා නොකළ කණ්ඩායමක්.

ඒත් ඕස්ට්‍රේලියාව ගේම අතාරින්න සූදානමින් හිටියේ නැහැ.

මැච් එක දිනුවට පස්සේ පොන්ටින් කියනවා ,ගිය පාර වර්ල්ඩ් කප් එක ගැහුව ටීම් එකේ 06 දෙනෙක් මෙවර ඔසීලා වෙනුවෙන් සෙල්ලම් කරනවා,ඒ අය තමයි මෙතන ශක්තිය කියලා.

ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව පිටියට ආවෙම ප්ලෑන් එකක් එක්ක.පන්දු රැකීමෙන් ලකුණු 50-60ක් ඔවුන් ලේසියෙන්ම නතර කරෙත් ඒ නිසාම තමයි.

ඒ ප්ලෑන් එක වැඩ කරා නෙවෙයි..

ඇත්තටම කිව්වොත් ඔසීලා 11 දෙනා ඒ ප්ලෑන් එකට වැඩ කළා.

ඒ නිසාම ,ඉතිහාසයේ අයුක්ති සහගතම ලෝක කුසලානය නිමාවුනේම යුක්ති සහගත ජයග්‍රහණයක් එක්ක.

 

@ලක්ෂිත දිල්රුක්ෂණ

(Copied  Tharaka WijeBahuge  ගේ වෝලයෙන්)

නවතම ලිපි