SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පාර්ලිමේන්තු මන්ත්‍රී දිගම්බරන් දීපාවලි දා විපක්ෂයේ ලොක්කන් පිරිවරා සිනමන්ඩ් ග්‍රෑන්ඩ් එකේ පාටියක්  දමා තිබුණේ ය.

දීපාවලි උත්සවය නිමිත්තෙන්  විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සඳහා ජාතික කම්කරු සංගමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරන් විසින් මෙම සාදය පවත්වා තිබුණි.

 

 

මෙම සාදය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, සජබ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ඩලස් අලහප්පෙරුම, එස්.එම්. මරික්කාර්, චරිත හේරත්, දයාසිරි ජයසේකර, අර්ජුන රණතුංග, රිෂාඩ් බදුයුදීන්, රාවුෆ් හකීම්, උදයකුමාර්, වේලුකුමාර් ආදී ප්‍රබල විපක්ෂ  දේශපාලන චරිත රැසක් එක්ව සිටියහ.

 

 

මෙහිදී මාතෘකාව වූයේ ඉදිරි දේශපාලන තත්ත්වය සහ මැතිවරණය පිළිබඳ පුළුල් සාකච්ඡාවකි.

 

“ඉස්සරහට මුලින්  එන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණයද?”

“මොන මැතිවරණය ආවත් අපි ලෑස්ති වෙන්නයි ඕනෑ."

“අපේ විපක්ෂ පොදු සංවිධානය හරියට හදාගන්න ඕනෑ. ඒකෙන් තමයි අපට ජයග්‍රහණය ලබාගන්න පුළුවන්."

“පොහොට්ටුව දැන් දෙකට කැඩෙයි කියල පොහොට්ටුව පැත්තෙ විශ්වාසයක් ඇතිවෙලා තියෙනවා.”

“ඔිව විශ්වාස නැහැ. හැබැයි රනිල් විශ්වාසත් නැහැ මොකක් හරි අටව ගනීවි”

“මොනව අටව ගත්තත් රාජපක්ෂලාට එරෙහිව එළියෙ තියෙන මතය නිසා පොහොට්ටුව මේ පාර ඉවර වේවි”

මෙහෙම  ඇරැඹුනු සංවාදය විපක්ෂ සන්ධානය පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් බවට පත්වූයේ නිරායාසයෙනි. ඒ සඳහා ප්‍රමුඛ වන විපක්ෂ දේශපාලන කඳවුරුවල නායකයන් සියල්ලන්ම පාහේ මෙහි රැඳී සිටීම සුවිශේෂී විය.

“නායකත්ව මණ්ඩලයක් පත් කරන්න ඕනෑ."

“විපක්ෂ නායක තුමා ඒකෙ  නායකත්වය ගන්න ඔිනෑ”

“නෑනෙ.. එක්කෙනෙකුට නායකත්වය නොගන්න නායකත්ව මණ්ඩලයක් හැදෙන්න ඔීනෑ”

 

කොහොම උනත් ඒ යෝජනාව දීර්ඝව  සාකච්ඡා උනාලු. 

 

ජනාධිපතිවරණයකදී හෝ මහ මැතිවරණයකදී සන්ධානයට  අපේක්ෂකයන් තෝරාගැනීමේ යාන්ත්‍රණය ගැනත් කතාබහ කරන්න  විපක්ෂ දේශපාලකයන් කටයුතු කර ඇතැයි වාර්තා වේ.

ඒ අතරෙ විවිධ තැන්වල විවිධ පාර්ශ්ව සමඟ සිදු කරන සාකච්ඡා එකම තැනකට පැමිණීම සමගි ජන බලවේගයේ ජයග්‍රහණයක් සේ සලකා ඇත. 

“එහෙනම් අපි ඔක්කොම එකතුවෙලා ඉදිරි දවසක කතා කරමු."

 

# ලංකා දේශපාලනයේ ඔිපාදූප

නවතම ලිපි