SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිමාවට පත්වූ ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම්ලාභීන්ට සහ ඔවුන්ගේ පුහුණුකරුවන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහයෙන් මුදල් පිරිනැමීම සඳහා ඊයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී උත්සවයක් පැවැත්විනි.

එහිදී රුපියල් මිලියන 28ක මුදල් ත්‍යාග ක්‍රීඩික ක්‍රීඩිකාවන් 11 දෙනෙක් සහ පුහුණුකරුවන් දෙදෙනෙකු සඳහා පිරිනැමිනි.

 

SLC aword 1

 

 

SLC 3

 

එම උත්සවයේදී, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ භාණ්ඩාගාරික සූජිව ගොඩලියද්ද පැවසුවේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මහා සභා රැස්වීමට සහභාගීවීමට ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා  අද (18) ඉන්දියාව බලා යන බවය.

ඔහු කියා සිටියේ,

 

“ජාත්‍යන්තරයේ අපි තහනම් වෙලා තියෙනවා. ඒ තහනම ඉවත් කරගන්න එතුමා ලංකාවෙන් පිටත්වෙනවා. ඒ සඳහා ශක්තිය ධෛර්යය අපි ප්‍රාර්ථනා කරනවා, නැවත වරක් ලංකාවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ පූර්ණ සාමාජිකත්වය ලෙස කටයුතු කරන්නට අවස්ථාව ලැබේවා කියලා”

 

 

ICC යට එරෙහිව කළ ප්‍රකාශ ගැන රජයේ කණගාටුව

 

 

මේ අතර ක්‍රිකට් ගැටළු නිරාකරණය සඳහා පත්කළ කැබිනට් අනුකමිටුවේ සාමාජික කාංචන විජේසේකර ඇමතිවරයා සිය X ගිණුමේ සටහනක් තබමින් කියා ඇත්තේ  ආසියානු ක්‍රිකට් සභාපතිවරයා, ජාතික ක්‍රිකට් කවුන්සිලයේ නිළධාරීන් සහ අයිසීසී සාමාජික රටවලට එරෙහිව ඇතැම් පුද්ගලයින් සිදුකළ ප්‍රකාශ පිළිබඳව රජය කණගාටුවන අතර එම ප්‍රකාශ හෙළා දකින බවයි.

 

 

Kanchana X 1

 

 

 

එසේම 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා කළින් සැළසුම්කළ පරිදි සත්කාරකත්වය දැරීමට සහ පහසුකම් සැපයීමට රජය කැපවී සිටින බවයි.

 

නවතම ලිපි