SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2019 සහ 2023 යන ලෝක කුසලාන දෙකම අහිමි වීම පිළිබඳ තමන් දැඩි ලෙස කනගාටු වන බව ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සඳහන් කර ඇත.

එසේම තමන් සෑම අවස්ථාවක දී ම රට වෙනුවෙන් ක්‍රීඩා කළ බව ද ඔහු ප්‍රකාශ කරයි.

 

එල්.පී.එල් තරගාවලියෙන් පසු තමන් ගේ ආබාධය යම් පමණකට සුව වී තිබුණ ද පුහුණු වීම් ඇරඹූ පසු තමන් යළි ආබාධයට ලක් වූ බව ඔහු අවධාරණය කර ඇත.

ශල්‍යකර්මයෙන් පසු සති 12ක කාලයක් විවේකයෙන් සිටිය යුතු බවත් මේ වන විට ශල්‍යකර්මය සිදු කර සති 05ක් ගත වී ඇති බවත් වනිඳු හසරංග ප්‍රකාශ කර තිබේ.

එළැඹෙන සතියේ සිට නැවත කුඩා මට්ටමෙන් සිය පුහුණු වීම් අරම්භ කරන බව ද වනිඳු සඳහන් කර ඇත.

එසේම නියමිත සති 12 අවසාන වීමෙන් පසු එළැඹෙන ජනවාරියේ පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා - සිම්බාබ්වේ තරගාවලියට ක්‍රීඩා කිරීම සිය බලාපොරොත්තුව බව ද වනිඳු හසරංහ අවධාරණය කර තිබේ.

 @aruna

නවතම ලිපි