SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

‘තෙල්  සංස්ථාව ලාභලබලා තියෙනවා ජනතාව ගනණ් වැඩි නිසා පරිභෝජනය අඩු කරලා තියෙන්නෙ.

ඒකට තවත් බදු එකතු කරාම තවත් වැඩිවෙනවා’ යයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් සඳහන් කරයි.

 

පාර්ලිමේන්තුවේ පැවැත්වෙන 2024 අයවැය යෝජනාවලිය සම්බන්ධයෙන් වන විවාදයේ දී ඔහු මෙම අදහස් පළ කරන ලදී.

 

 

‘මුලික අයිතිවාසිකම් පෙත්සම් වලට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නට පස්සෙ “මේ රට බංකොලොත්  කරේ  රාපක්ෂලා සහ ඔවුන්ගෙ සැළසුම් කියලා " රෙදි ඇඳන් ද කඩේ යන්නෙ කියලා..

ගෝඨාභය රාජපක්ෂ විනාශ වුනේ බදු සහන දුන්න නිසාලු. ගෝඨාභය බදු සහන කියලා කළේ  ඔහුගෙ  ගජ මිතුරන්ට දොළ  පිදේනි  දීපු එක.

 

 

ඇන්ටිජන්  මාෆියාව වෙන්න පුලුවන් ඹෞෂද මාෆියාව වෙන්න පුලුවන් කොරන්ටින් මාෆියාව වෙන්න පුලුවන්, 30 % බදු ආදායම අඩු කරලා. අවුරුද්දට රජයේ  ආදායම රු. බිලියන හයදස් අටසීයට අඩු කරලා තමයි බංකොලොත් කලේ. එතකොට එයාට දඩුවම් නොදී කොහොමද?

අධිකරණ අමාත්‍යවරයෙක් ඉන්නවා ..මම දන්නෙ නෑ නීතිය මොකක්ද කියලා, හැබැයි මේ අයට අපරාධ නඩු දාලා ඔවුන්ගේ  සිවිල් අයිතිවාසිකම් නැති කරන්න ඔින. ලක්ෂ දෙසිය විස්සක පුරවැසියන්ව නන්නත්තාර කරලා, රට බංකොලොත් කරලා ..

 

 

 

මම කොළඹ නගරයේ  මන්ත්‍රී  කෙනෙක් විදිහට දන්නවා අද වෙනකොට වේල්  තුනක් කාපු මිනිස්සු කන්නේ වේල් දෙකයි. වේල් දෙකක් කාපු මිනිස්සු එක වේලයි. එක වේලක් කාපු මිනිස්සු ලෙවකන තත්වෙකට මේ වනවිට පත් වෙලා තියෙන්නෙ.. ළමයි මාරුවෙන් මාරුවට  පාසල් යන්නෙ. ළමයින්ට පාසල් යන්න විදිහක් නෑ. අවශ්‍ය පොත්පත් මිළදි ගන්න විදිහක් නෑ.

 

 

මේ මාසේ වෙනකොට ලංකාවේ  මිනිස්සුන්ගේ  ගෙවල් ලක්ෂ හයක කරන්ට් කපලා. දරිද්‍රතා ලේඛනයේ  පවුල් ලක්ෂ 40 යි හිටියේ. මේ  වෙනකොට මෙයාලගෙ ආර්ථික දැක්ම හමුවේ ඒ සංඛ්‍යාව ලක්ෂ 70 ට වැඩි වෙලා තියෙනවා.

 

මේ අය වැය තනිකරම බොරුවක්. ගියවර අයවැය යෝජනා 120 තිබුනා. ඒ  120 න් බාගෙට හරි ක්‍රියාත්මක වුනේ 30යි. ඉතුරු එකක්වත් ක්‍රියාත්මක වුනෙ නෑ.. මේ පාරත් 12 විතර දාලා තියෙනවා බොරුවට. රනිල් හීනෙන් කියවනවා වගේ කියවනවා.

ලංකාවේ විවිධ තැන්වලට ගිහින් අරක කරනවා මේක කරනවා කියලා බොරු පොරොන්දු දෙනවා විතරයි, කරන දෙයක් නෑ. IT දියුණු කරනවා කියලා සොච්චම්  මුදලක් වෙන්කරලා කොම්පියුටර් කීයක් කියලනම් ගන්නද ඒ  මුදලින්..

 

තව බොරුවක් පෙන්නලා දුන්නොත් කොළඹ නගර ගෙවල් 5000 කට ඔප්පු දෙනවලු ..නගරයේ ගෙවල් 5000 නෙවෙයි 15000ක් පදිංචි කරලා තියෙන්නේ. දන්නෙ නැත්තම් UD එකෙන් අහන්න. අයවැය ඉදිරිපත් කරනකොට රණතුංග  ඇමතිතුමා ඔලුවට අත තියාගත්තා. හැමෙම දන්නවා එතුමා දන්නෙ නෑ. මේ  ගෙවල් හදන්න UD එකට ඩොලර් මිලියන 45ක් වියදම් වෙලා තියෙනවා. මෙතෙක් කුලිය හැටියට අයකරගෙන තියෙන්නෙ  මිලියන 9 යි. ඒකෙත් ඇරියස් තියෙනවා මිලියන 900 ක. මේ ගෙවල් වලට ඔප්පු ලබාදිය යුතුයි..

2017 දි මම රනිල් මහත්තයට කිවුවා ගෝඨාභය රාජපක්ෂ මේ  ඔප්පු දෙන්නෙ නෑ ..UNP පිරිසගෙන් පලි ගන්න ඔින නිසා කියලා.. එතකොට අපේ  අණ්ඩුවට ඔප්පු දෙන්න වුවමනාවක් තිබුනෙ නෑ. අපිව දිනවන්න, අපි වෙනුවෙන් දහඩිය පෙරන කොළඹ 1 /15 ආසනයේ  ඒ මිනිසුන්ට මේ  ඔප්පු හිම්විය යුතුයි. හැබැයි රනිල් මහත්තයා කියන විදිහට ඒක එහෙම හම්බෙන්නෙ නෑ. මොකද භාණ්ඩාගාරයෙන් තවත් බිලියන 10 ක් දෙන්න ඔින UD එකට. UD එකට බිලියන 10 දුන්නොත් තමයි කොන්ඩමොරියම් ගිහින් මේවා මැනලා  මේ ක්‍රියාපටිපාටියට යන්න වෙන්නෙ. ලබන වසර තුලින් කරන්න බෑ..අවම වශයෙන් වසර 4 ක්වත් යනවා.. මේක  ඇවිල්ලා ජනාධිපතිතුමාගේ  කොළඹින් ජන්දෙ ඉල්ලන්න ඉන්න අයට වාසියට ජන්ද ගුන්ඩුවක් විදිහට.. අපි තරඟකරලා බලමු.

 

රණසිංහ ප්‍රේමදාස තමයි කොළඹ නගරයේ ඉන්න UNP අයට සැළකුවේ. ඊට පස්සෙ කොළඹ ඉන්න UNP අයට මුලික අයිතීන් දිනා දීමට කටයුතු කරන්නෙ අපේ  අය පමණයි. මම කියන්න කැමති රනිල් මහත්තයට අවුරුදු 5ක්  තිබ්බා කරන්න. මම කී පාරක් ගිහින් කිවුවද මේ අපරාදේ  කරන්න එපා කියලා. අපේ සිංහල, දෙමළ, මුස්ලිම් කොළඹ ඉන්න ජනතාවට අගමැතිවෙලා වසර 5ක්  හිටියා සත පහකට ගනන් ගත්තෙ නෑ.

ගිය අවුරුද්දෙ අපේක්ෂිත ආධායම බිලියන තුන්දාස් එකසියයි . හැබැයි පසුගිය මාස නවය තුළ ලැබුණු දියුණුව බැලුවාම ප්‍රමානවත් නෑ. හැබැයි මේ අවුරුද්දෙ  එතුමා ඉදිරිපත් කරලා තියෙනවා අපේක්ෂිත ආධායම බිලියන තුන්දාස් නවසීයක් කියලා. ගිය වසරෙ  අපේක්ෂිත බදු මුදල්වත් ලැබුනෙ  නෑ. මොකද මිනිසුන් පරිභෝජනය අඩුකරලා වැට්  එක 18 % කරලා . බඩුමිල තව වැඩිඋනාම පරිභෝජනය අඩුවෙනවා.

 

පසුගිය දිනක දුන් රාජ්‍ය ව්‍යවසාය වර්ධන වර්තාවට අනුව විදුලිබල මණ්ඩලය , ජලසම්පාදන මණ්ඩලය, තෙල් සංස්ථාව ලාභලබලා තියෙනවා. ජනතාව ගනණ් වැඩි නිසා පරිභෝජනය අඩු කරලා තියෙන්නෙ. ඒකට තවත් බදු එකතු කරාම තවත් වැඩිවෙනවා. ඒ කියන්නේ  පරාට එකක්, බත් එකක් ,කොත්තුවක්, තේ  එකක් ගන්න බැරි තරමට ඉහළ යනවා. නමුත් ජනතාවගේ  ආධායම වැඩි වෙන්නෙ නෑ. මේ රටේ ගොවියා , කම්කරුවා අහිංසක ජනතාව තුට්ටුවකට මායිම් කරලා නෑ. ගිය වසරේ  අපේක්ෂිත ආදායමින් එතුමාට එකකින් විතරයි හම්බුනේ.

 

මම හිතන විදිහට රටක වර්ධනයට වැඩි වශයෙන් බලපාන්නෙ පෞද්ගලික අංශය. එතකොට මොවුන් ..බුද්ධිගලනය නවත්තන්න යම් සහනයක් සලසන්න කිසිම වැඩ පිලිවලක් අරගෙන නෑ. තෙල් සංස්ථාව ජලසම්පාදනය විදුලිබල මණ්ඩලය ලාභ ලබනවා නමුත් මිනිස්සුන්ගෙ ගෙවල්වල කරන්ට් කපලා. එවා තේරෙන්නෙ නැද්ද? අඩුම ගානෙ ඒකක 1 සිට 30 දක්වා පරිභෝජනය කරන අයට යම් සහනයක් සලසන්න ඔින.. නමුත් රනිල් හිතන්නෙ රජපක්ෂලා රැක ගන්න ඔින කොහොමද කියලා විතරයි..

 

 

මේ රනිල් සිහින මවන අවසාන අයවැය ..බොහෝ  දෙනෙක්ට නැවත පාර්ලිමේන්තුවට එන්න ලැබෙන්නෙ නෑ.  එයාලා මැතිවරණය එනවා කියනකොටත් බයයි. මිනිස්සු මේවා ගැන අවදානයෙන් ඉන්නෙ. වෙනදට දෙමාපියන් ළමයින්ට අලුත් වාරෙට අලුත් සපත්තු අරන් දෙන්නෙ, නමුත් මේ පාර රෙපෙයර් කරගෙන යන්නේ. මෙයාලා මෙරට සාමාන්‍ය ජනතාව ගැන බිඳක්වත් හිතන්නෙ නෑ.

දැන් රටේ තෙල් පෝලිම් නෑ ලු …නෑ  නෙමෙයි ඉහල ගිය වියදම්  නිසා පරිභෝජනය අඩු කරලා. ඒ පෝලිම් අඩු උනාට බෙහෙත් පෝලිම්, සැත්කම්  පෝළිම්. ජිවන වියදම ඉහල යාම හේතුවෙන් සිදුවන මිනිමැරුම්, හොරකම්  ගැන ගානක්වත් නෑ.

 

තෙල් වලින් , ගල් අඟුරුවලින් බෙහෙත්වලින් කරන හොරකම් කීයක් නම් තියෙනවද? ප්‍රේමදාස මහත්තයා හැදුව ඇඟළුම් කර්මාන්ත වලින් අදටත් ඩොලර් මිලියන13ක ආදායමක් වසරකට ලබනවා. අපිට දැන් නව ආයෝජන අවස්ථා තියෙනවාද .. බදු ගහනවා විතරයි .. බදු රටක පැවැත්මට අවශ්‍යයි … නමුත් ජනතාවට දරාගත හැකි මට්ටමක තිබිය යුතුයි.

– Media unit

නවතම ලිපි