SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"රොෂාන්, ක්‍රිකට් විනාශ කරන්න එපා , ප්‍රශ්නේ විසඳගන්න ඕනේ මෙහෙම නෙමෙයි" යනුවෙන්

අද (10) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කළේය.

 

වැඩිදුරටත් අදහස් දක්වමින් දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා,

 

“දැන් ඊයේ මේ යෝජනාව ගෙනත් මුළු පාර්ලිමේන්තුවම එකතු වෙලා සම්මත කළා.

දැන් මේක වලංගුද?

මේකෙන් හෙට උදේ ක්‍රිකට් බෝර්ඩ් එක ගෙදර යනවද?

ගෙදර යන්නෙ නෑ..

අපිට අදහස් කියන්න පුළුවන්.

මෙතනින් පිටත ඉන්න අපේ  ජනතාව වෙනුවෙන් අපි ඒක කළේ...

මමත් ආව ඡන්දෙ දෙන්න.

හැබැයි, විපක්ෂයෙන් යෝජනාව ගෙනත් ආණ්ඩුවෙන් ස්ථිර කළාම ඡන්දයක් නැහැ..

 

 

දැන් කියනවා ක්‍රිකට් බෝර්ඩ් එකෙන් සල්ලි ගන්න 15 දෙනෙක් පාර්ලිමේන්තුවෙ ඉන්නවලු..

ඉතිං එහෙම ඉන්නවනම් රොෂාන් රණසිංහට තියෙන්නෙ ලබන සඳුදවත් ඇවිත් කියන්න මෙන්න ඒ 15 දෙනාගෙ නම් කියල.

මොකක්ද මේ කතාවෙ තේරුම?

 

මන්ත්‍රීවරයාගේ සම්පූර්ණ කතාව

නවතම ලිපි