SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

2015 සිට පෘතුගාලයේ අගමැතිධුරය දරමින් සිටි අන්තෝනි කොස්තා ඊයේ දින ඔහුගේ ඉල්ලා අස්වීම එරට ජනපතිවරයාට බාර දුන්නේය.‍

එයට හේතුව වුයේ ඔහුගේ නිල නිවාස පොලිසිය විසින් අධිකරණ නියෝග ලබා ගෙන පරික්ෂා කිරීමය.

 

පොලිසිය පවසන්නේ අගමැති වරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා හා කැබිනට් මණ්ඩලයේ පරිසර හා යටිතල පහසුකම් ඇමතිවරයාත් ඇතුළුව රජයට සම්බන්ධ ඉහල පෙලේ නිලධාරීන් එරට ප්‍රධානතම නිෂ්පදනයක් වන ලිතියම් නිධි පුද්ගලික අංශයට ලබා දීමේදීත් හයිට්‍රජන් නිෂ්පදනයේදීත් ක්‍රියා කල ආකාරයත්, එම සමාගම් වලට ලබා දුන් සහන පිලිබදවත් අයථා හා දුෂණ සිදු වී ඇතැයි චෝදනා කරමින් අධිකරණයට පැමිණිලි කල අතර ඔවුන් දෙදෙනා ඇතළුව රජයේ ඉහල පෙලේ නිලධාරීන් විත්තිකරුවන් කරමින් නඩු පවරා ඇත.

 

ඒ අනුව අධිකරණය නියෝග කලේ අගමැතිවරයාගේ නිල නිවාස. අගමැති කාර්යය මණ්ඩල ප්‍රධානියාගේ නිවාස , යටිතල පහසුකම් ඇමතිවරයාගේ නිල නිවාස ඇතුළුව රාජ්‍ය ආයතන ඇතුළුව නිවාස 45 ක් පරික්ෂා කිරීමට පොලිසියට අවසර ලබා දී තිබු අතර විශාල පොලිස් කණ්ඩායම් ඊයේ දින එම සියලු ස්ථාන වලට ගොස් පරීක්ෂණ පවත්වා ඇත. එම පරීක්ෂණ වලින් පසුව අගමැතිගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා ඇතුළුව කීප දෙනෙකු ප්‍රශ්න කිරීම සදහා අත්අඩංගුවට ගෙන ඇත

 

ඒ අනුව පොලිසිය විසින් අගමැති වරයාගේ නිල නිවස පරික්ෂා කිරීම ඊයේ දහවල් කාලයේ සිදුවූ අතර ඉන් පැය කීපයකට පසුව පෘතුගාලයේ අන්තෝනි කොස්තා පැවසුවේ තමන් මෙම සිදුවීමට සම්බන්ධ නැතත් රටේ අග්‍රාමාත්‍ය ධුරයේ ගරුත්වය රැකීමටත් පෘතුගාල ජනතාවගේ විශ්වාසය රැකීමටත් මෙන්ම මෙම සිදුවීමට අදාලව පොලිසියට පරීක්ෂණ නිත්‍යනුකුලුව සිදුකිරීමට අවශ්‍ය පරිසරය සකසා දීම සදහා තමන් ඉල්ලා අස්වෙන බවයි..

 

විදුලි කාර් රථ නිෂ්පදනයට අවශ්‍ය කරන ලිතියම් නිෂ්පාදනයෙන් පෘතුගාලය විශාල අදායමක් උපයන අතර යුරෝපයේ වැඩිම ලිතියම් නිෂ්පාදනයක් සිදු කරනුයේ පෘතුගාලයයි.

 

අගමැතිවරයාගේ ඉල්ලා අස්වීම පිළිගත් ජනපතිවරයා සියලු පක්ෂ නායකයින් කැදවා ඇති අතර එම සාකච්ජාවේදී නව අගමැතිවරයෙකු පත් කිරීම හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැදවීමට තීරණයක් ගැනීමට නියමිතය .

 

ඉල්ලා අස්වූ 63 හැවිරිදි වියේ පසුවන පෘතුගාලයේ අගමැති අන්තෝනි කොස්තා පවසන්නේ තමන් නැවතත් මැතිවරණයට ඉදිරිපත් නොවෙන බවත් නව නායකයින් පත් කිරීමට ඉඩ ලබා දෙන බවයි.

 

@ජෝසප් ඩයස්

JSD Newsline

නවතම ලිපි