SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBC මිත්‍රයෙක් මේ කතාව මට දුන්නේ.

මේක හඩ්සන් සමරසිංහ සභාපතිවරයා අද උදෑසන දුන්න දේශනාවක්.

"ගුවන් විදුලියේ තුන් හතර දෙනෙක් වැඩ කරනවා. අනෙක් එවුන් වැරදි හොය හොය ඉන්නවා.

 

 

අනුෂ පැල්පිට අපේ ලේකම් කිව්වා, ගුවන් විදුලියයි, රූපවාහිනියයි එකතු කරන්න කැබිනට් පේපර් එකක් දැම්මා කියලා.

මේක ලෙඩ්ඩු දෙන්නෙක් එකට දැම්මා වගේ. මළ හිත්තලව්වේ.. ලේකම්තුමෝ.. ඕක නොවෙයි කළ යුත්තේ. කරුණාකරලා ඔය දෙක පෞද්ගලික අංශයට දෙන්න.

මේ ඉන්න අයට එරෙහිව තීන්දුවක් ගන්න බෑ. වැඩ නොකර පඩි ගන්න විතරක් එනවා. රටකට හරි යයිද මෙහෙම? කොහොමද මුන්ට පඩි ගෙවන්නේ?"

 

මේ කතාවේ පැති කීපයක් තියෙනවා.

සභාපතිවරයා තමන්ගේ සේවකයන්ගේ තරම ගැන මුළු රටටම කියනවා.

 

 

ඔහු මෙවර SLBC සභාපතිවරයා වුනේ පස්වෙනි වරට වෙන්න ඕන. ඒ කියන්නේ ඉතිහාසයේ වැඩිම කාලයක් ආයතන ප්‍රධානියා වූ ඔහුට මෙතෙක් සේවකයන් කළමනකරණය කරගන්න බැරි වෙලා.

කෙසේ නමුත් මගේ මතකයේ හැටියට මෙවර සභාපති හැටියට හඩ්සන් සමරසිංහ මහතා යළි එන විට "අපේ තාත්තා එනවා" යැයි සමහර සේවකයන් උදම් ඇනුවා. ඉතිං ඇයි එහෙම ආදරයක් ඇති දරුවන් ඔහුට මෙතරම් අකීකරු?

 

 

වැදගත්ම කරුණ තමයි, සමරසිංහ මහතා මේ ආයතන පෞද්ගලික අංශයට දෙන්න කියලා කියන එක. සේවකයන් හදාගන්න බැරි නිසා ඒක කියන බව පේනවා. ඒත් ඔහු මේක කියන්නේ දැන් ඔහුගේ කාලය අවසන් නිසා වෙන්න ඕන.

 

විශ්‍රාම වයසත් පැනලා ඉන්න තමන්ට තවත් අවස්ථාවක් නොමැති බව හඩ්සන් සමරසිංහ මහතා හොඳින්ම දන්නවා. මෙතෙක් කාලයක් අල්ලා ගෙන හිටියා මිසක SLBC ය ගොඩ නොදාපු ඔහු දැන් "යන යකා කොරහත් බිඳගෙන යන්න වගේ" යන්න හදන්නේ.

 

@Mahinda Rubasinghe

නවතම ලිපි