SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

කැළණි නයා, ධම්මික පැණිය සහ ඇන්ටිජන් ප්‍රශ්නය පිළිබඳව විවෘත සංවාදයකදී සකච්ඡා කර විසඳගන්න

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකට මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර ආරධනා කර තිබෙනවා.

ඔහු ඒ බව සඳහන් කර ඇත්තේ ගාල්ල දිස්ත්‍රික් පැවති මංගල රැස්වීම අමතමින්.

 

 

“වර්තමාන ජනාධිපතිතුමන් දේශපාලන වැඩපිළිවෙළක සිටින බව පේනවා.

නමුත් ඔහුගේ ආර්ථික වැඩපිළිවෙළ අසාර්ථකයි.

ඔහු සිතනවා නම් ජනතාව ඔහු වටා සිටිනවා කියලා එය වැරදි නිගමනයක් බව කිව යුතුයි.

ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ මාක්ස්වාදී පදනමකින් සමාජවාදී ගමනක් ගිය පක්ෂයක්. පාසල් අවධියේ කොලුගැටයෙක් ලෙස ඔවුන්ගේ පන්ති පහට සහභාගී වුණු කෙනෙක් මම. නමුත් ඔවුන් අද එතන නැහැ. ඔවුන්ගේ සමහර නායකයින් කොහෙත්ම ඒ ප්‍රතිපත්තීන් වල නැහැ. මේ අහිංසක මිනිස්සු හිතනවානම් ඔවුන් තමයි විකල්පය කියලා, මං හිතන්නේ එය තමයි ප්‍රථමයෙන්ම බැහැර කළ යුතු කරුණ. මං මෙය කියන්නේ ඔවුන් විටින් විට එල්ල කරන චෝදනා තුනක් නිසා. නයා, පැණිය සහ ඇන්ටිජන් ගැන ඔවුන් සමාජ මාධ්‍ය ජාලාවල විටින් විට චෝදනා එල්ල කර තිබෙනවා. ඒ නිසා ඒ පක්ෂේ නායකතුමාට මේ ප්‍රශ්නය විවෘත සංවාදයකදී විසදගන්න කියලා ආරාධනා කරලා තියනවා.”

 

 

“ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැමිණීමට නියමිතයි. අපි සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට අභියෝගයක් වෙමින්, හැකි සෑම අවස්ථාවකදීම අවම කොන්දේසි මත එකඟද වෙමින් මේ රටට අවශ්‍ය නිදහසේ අඛ්‍යානය ගොඩ නැගීමට කටයුතු කරන බව පැවසීමට කැමතියි.”

 

 

නවතම ලිපි