SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

දිලිත් කෙලින්ම දේශපාලනයට බැසීම මාතලන් දකින්නේ හොඳ දෙයක් ලෙසය..

ඔහුගේ අරමුණ කුමක්ද යන්න පැහැදිලි නැතත්.. ප්‍රජාතන්ත්‍රවාදී රටක ඕනෑම කෙනෙකුට ඇති දේශපාලන අයිතිවාසිකම් යටතේ... දිලිත්ගේ ආගමනයට කිසිවකුටත් විරුද්ධ වීමේ අයිතියක් නැත.

 

කෙසේ හෝ ඔහුගේ ආගමනය ධම්මික පෙරේරාගේ දේශපාලන ආගමනයට වඩා කතාබහට ලක් වී අවසානය. දිලිත් එන්නේ කලින් පැවති කැම්පේන් දෙකක සම්මිශ්‍රණයක් සමඟිනි.. පළමුව ඔහු විසින්ම ඝෝඨා වෙනුවෙන් යොදාගත් කැම්පේන් එකයි... දෙවැන්න ජේවීපීය මීට ටික කළකට පෙර කළ "ගමෙන් පටන් ගමු" කැම්පේන් එකයි.

 

දිලිත් දකුණේ පොරකි... ඒ කියන්නේ බෙන්තර ගඟෙන් එහා පොරකි... එහේ උන්දලාට, එහේ උන් වගේම... රටම බය බවත් ඇත්තකි... දිලිත්.. දකුණේ උන්ට සහජයෙන්ම උරුම වූ වෙළඳාම් ජානවල අග්‍රඵලයකි. දේශපාලකයකුට අත්‍යාවශ්‍ය මුඛරිකමෙන්ද ඔහු පරිපූර්ණය. වැඩ බැරි වුනත් ගම ගාල්ලේ කියන්නේ නිකන් නෙමේය.

 

ඔහු තවත් බැසිල්ගේ පිල්ලියක් ලෙස බොහෝ අය හැදින්වූවද... මාතලන් නම් එය පිලිගන්නේ නැත. ඔහුගේ කතාවේදී ඔහු කියූ පරිදිම ඔහු ඝෝඨා ගෙන ආවේ රාජපක්ෂලාටම විරුද්ධවය. ඊට හේතුවක්ද තිබිනි. කෙසේ හෝ ගොඩහෑවාගේ ගේම් අස්සේ ආරම්බයේදීම ඝෝඨා හැර යන ඔහු.... නැවත කරලියට එන්නේ ඝෝඨාට හා රාජපක්ෂලාට කෙලවීමෙන් අනතුරුවය.

 

ඝෝඨාට බලය ලබා දෙමින් අපද බලාපොරොත්තු වූයේ එයය. එහෙත් එසේ විශාල බලාපොරොත්තු තබාගෙන අප බලයට ගෙන ආවේ... ලක් ඉතිහාසයේ එතෙක් මෙතෙක් පහළ වූ පීචංම හා නෝන්ජල්ම පාලකයා බව දැන් ලෝකයම දන්නවාය. එහෙව් එකෙක් තාමත් රඟන්නේ උන්ට විලිලැජ්ජාවක් කියා දෙයක් නැති නිසාය.

 

 

දිලිත්ගේ කතාවේ වැදගත්ම කොටස වන්නේ... රාජපක්ෂලා අපේ දේශීය ව්‍යාපාරිකයින්ට කෙලිමින්... සියල්ල රාජපක්ෂකරණය කිරීමට ගෙනයන උත්සාහය ව්‍යවර්ත කිරීමට ඔහු පැමිණි බව සඳහන් කිරීමය. එබැවින් ජනතාව කෙසේ වෙතත් දේශීය ව්‍යාපාරිකයින් සියල්ලම දිලිත්ට සහාය දෙනවා නොඅනුමානය.‍

 

 

මෙය ඉතා අගය කළ යුතු දෙයක් වන්නේ රාජපක්ෂලා හොරු යැයි චෝදනා කරනා ජෙප්පෝ පවා මේ ගැන කතා නොකරන නිසාමය.. ඒ ඔවුන්ට අදාල ව්‍යාපාර ජාලයෙන් කප්පම් ලැබෙනා නිසාය.

රාජපක්ෂලාගේ දේපල පවරා ගන්නවා කියන්නේ හොර සල්ලි අච්චු ගැසු උන්ය. ඒවා නිකන්ම නිකන් හතර වරම් බයිලාය.

 

 

වාසනාවට රාජපක්ෂලාට නැවතත් බලය ලැබෙනා බවක් පේනාතෙක් මානයේ ඇත්තේ නැතිය... මේ රටේ ගොබ්බ ජහමනයා දැනගත යුතු දේ නම්... වත්මනේ මෙන්ම ජවිපේ පාලනයක් තුල වුවද... ඒ ව්‍යාපාර ජාලයට කිසිඳු අනතුරක් වන්නේ නැති බවය.

 

එවන් තත්වයක් තුල දේශීය ව්‍යවසාකත්වය රාජපක්ෂලාගෙන් ආරක්ෂා කර ගැන්මටත්... එය නගාසිටුවීමටත් පැමිණි දිලිත් ජයවීරට ඔවුන්ගේ ආශීර්වාදය ලැබිය යුතුමය..

 

මන්ද මේ රට දැනටත් මෙසේ හෝ පවතින්නේ වත්මන් දේශපාලන නායකත්වයෙන්ද පඩි වැඩි කොට ආතල් දීමට යන මළමූසල රාජ්‍ය සේවය හේතුවෙන් නොව... ඔවුන්ද නඩත්තු කරනා ව්‍යවසායකයින් නිසාවෙන්මය..

ඒ වගත් මෙසේය...

 

@Priyantha Hewage mathalan

නවතම ලිපි