SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ලංකාවේ සමාජ මාධ්‍ය තුළ පමණක් නොව ප්‍රධාන ධහරාවේ මාධ්‍යවලද මේ වනවිට සාකච්ඡාවට ලක්වන මාතෘකාව ක්‍රිකට්ය.

ලංකාව ක්‍රිකට් වලින් ඉහලටම ඔසවා තබා මේ වනවිට පහත්ම අඩියට වැටුනේ ඇයි ද යන්න ගැන විවිධ විශ්ලේෂකයින්ගේ විවිධාකාර විශ්ලේෂනයන්ය. අවසානයේ ටැටූ එකක් දක්වා එය වර්ධනය වී ඇත.

 

කෙසේ වුවත් SLLeader අපගේ වෙබ් අඩවියේ ඊයේ පළකරන ලද “ක්‍රිකට් පරාජය හේතුවෙන් ජාතිය උත්ඨානය වී ඇත” ලිපිය මගින් ලංකාවේ ක්‍රිකට්වලට සිදුව ඇති ඉරණම කුමක්ද යන්න ඉතා පැහැදිලි ලෙස ඉදිරිපත් කර ඇත.

(එම ලිපියේ ප්‍රවේශය - https://slleader.lk/life-style/8654-2023-11-05-16-11-11)

 

ඒවා එසේ වෙද්දී මේ ක්‍රීඩා අමාත්‍යවරයාගේ  කැන පැනීම ඉක්මන් වීමේ කතන්දරය  lankanewsweb.net වෙබ් අඩවියේ නිශ්මං රණසිංහ  ගෙනෙන වාර්තාවකි.

 

 

ඇමතිගේ කැන පැනීම ඉස්සරවීම ගැන ආණ්ඩුවේත් තැන තැන කතා

 

 

පැවත්වෙන ලෝක කුසලාන තරගාවලිය නිමා වන්නටත් මත්තෙන් ඉදිරියේදි අනෙක් කණ්ඩායම් දක්වන දක්ෂතා මත හෝ ශ්‍රී ලංකාවට අවසාන කණ්ඩායම් හතරට ඒමට සුළු ඉඩක් හෝ තිබියදී ක්‍රීඩා අමාත්‍යවරයා ජාත්‍යන්තරයට ද ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන ලියමින්,ශ්‍රී ලංකා ක්‍රිකට් හී පරාජය භාර ගනිමින් කටයුතු කිරිම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ඇතැම් අය ද විමතිය හා කනස්සල්ල පළ කරමින් සිටින බව වාර්තාවේ.
ඉදිරියේ දී නවසීලන්ය,පකිස්තානය,ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව තමන් සහභාගි වන තරගවලදී ලබන ප්‍රතිපලය අතිශයින් තිරණාත්මක තත්ත්වයක් තිබියදී එම තරග දෙකම ජයගෙන අවසන් පූර්ව තරග සඳහා පිවිසෙන්නට උත්සාහ කරන ලෙස කීමෙන් හෝ එසේ ප්‍රාර්ථනා නොකරමින්,තමන් රුචි නොවන ශ්‍රී ලංකා ක්‍රිකට් පරාජයේ හේතුවක් ලෙස හදුන්වා දෙමින් කෑ ගැසීම රටේ ක්‍රිඩා අමාත්‍යවරයෙක්ගෙන් බලාපොරොත්තු විය නොහැකි තත්ත්වයක් බව ආණ්ඩුවේම කිහිප දෙනෙක් සාකච්ඡා කරමින් ඇත.මෙය ක්‍රිඩා ඇමතිවරයෙක්ගෙන් නොව සාමාන්‍ය ක්‍රිකට් ප්‍රිය කරන බුද්ධිමත් පුරවැසියෙක්වත් තරග දෙකක් තිබියදී ඒ තරගවලට ක්‍රිඩකයින්ට බලපෑම් එන ලෙස හැසිරෙන්නේ නැති බව ද එම පුද්ගලයන්ගේ අදහසයි.
මේ ආකාරයේ වගකීම් විරහිත හැසිරීමක් සිය විෂයට සමගාමීව සිඳු කිරීම ගැන ජනාධිපතිවරයා ගනු ලබන තීරණය කවරක් වනු ඇද්ද යන්නත්,ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමටත් පක්ෂයට සම්බන්ධ ප්‍රධානීන් කිහිප දෙනෙකුම අවධානය යොමු කර ඇත.


අමාත්‍යවරයා තවමත් තරගාවලිය නිමා කර නැති කණ්ඩායමක් අධෛර්‍යමත් වන සේ හැසිරීමෙන් දකින්නට ලැබෙන්නේ හොරාට කළින් කෙහෙල් කැන වැට පැනීමක් බව ද එම සාකච්ඡාවලදී කතා බහට ලක් කර ඇත. ලෝක කුසලානය දිනූ නායකයෙක් වී 1996 දී ලෝක කුසලානය ලංකාවට ගෙන ඒමට මුල් වූ නායකයා මෙන්ම,එම ලෝක සූර කණ්ඩායමේ බහුතරයක් සමඟ 99 දී එවතට පැවති තරග ආකෘතිය අනුව දෙවන වටයටවත් සුදුසු නොවුණ ශ්‍රි ලංකා කණ්ඩායමට නායකත්වය දුන් පුද්ගලයාද වන අර්ජුන රණතුංග අමාත්‍යනරයාට උපදෙස් දෙන ජාතික ක්‍රීඩා සභාවේ ප්‍රධානියාව සිටිය දී ක්‍රිකට් ක්‍රිඩකයයන්ගේ එක් අසාර්ථකවීමක් අළලා මේ ආකාරයෙන් අමාත්‍යවරයාට හැසිරීමට ඉඩ දීම හිරිකිත ක්‍රියාවක් බව ද ඔව්හූ පේවා දෙති.


දිගු කාලයක සිට ක්‍රීඩා අමාත්‍යවරයා ශ්‍රි ලංකා ක්‍රිකට් සමඟ ගනුදෙනු කරන්නේ දෙන්නම් බැටෙන් හෛලියෙන් වන අතර ඔහුගේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන වැඩ කරන්නේ ද ඒ ආකාරයෙන්ය.නමුත් මේ මොහොතේදී ක්‍රීඩකයෙක් සහ හිටපු නායකයෙක් හැටියට අර්ජුන එසේ කිරීමට තරම් ආචාර ධාර්මිකව පිරිහී ඇද්දැයි සිතීම අපහසු බවත්,ආණ්ඩුවේ ඇමතිවරයෙක්ගේ පුතෙක් ක්‍රිකට් අතුරු කමිටුවේ සභාපති පදවිය භාර ගැනීමේ අරමුණෙන් මේ සඳහා දායකත්වය දෙන්නට ඇතැයි ද වාර්තා වෙනවා.


ක්‍රීඩාවට ආදරය කරන සමාන්‍ය ක්‍රිඩා ලෝලියෙක්ගෙන්වත් බලාපොරොත්තු විය නොහැකි අන්දමේ හැසිරීමක් රටේ ක්‍රීඩාව භාර අමාත්‍යවරයා විසින් සිදු කිරීම මෙන්ම,ඔහුගේ කාර්ය මණ්ඩලයට අනුයුක්තව සිටින ඇතැම් පිරිස් ක්‍රිකට් ආයතනය අසළට උද්ඝෝෂණයට පැමිණෙන ලෙස සමාජ මාධ්‍ය හරහා බලපෑම් කිරීම ද නිසා අමාත්‍යවරයා ඒ සඳහා ද දායක වන්නට ඇතැයි එම පිරිස විශ්වාස කරනවා.ඉදිරයේදී මේ රටේ ක්‍රිඩාවන් දෙකක් තහනම් කිරිම සඳහා දායකවීම මෙන්ම මේ ආකාරයට හැසිරිම තුළින් ක්‍රිකට් ක්‍රිඩාවට ද එම ඉරණම අත්වීමට ඇති ඉඩ පළල් වෙමින් තිබියදී ද,ජනාධිපතිවරයා තවමත් ක්‍රීඩා අමාත්‍යංශය වෙනස් නොකිරීම සිය දේශපාලන බලය සඳහා බහුතරය රැකගැනීමේ අරමුණෙන් කරන වැඩක් වුවත්,මේ තත්ත්වය නිසා ආණ්ඩුව පිරිහීම ඊට වඩා නරක තත්ත්වයක් බවත් ඒ පිළිබඳව ආණ්ඩුවේ පක්ෂ සමඟ සාකච්ඡා කළ යුතු බවත් එම පිරිසගේ අදහස වී තිබෙනවා.


මේ වන විටත් ක්‍රිඩා අමාත්‍යවරයා ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා තාක්ෂණය සම්බන්ධයෙන් උපදේශක කමිටු පත් කර තිබෙන බව එහිදි සාකච්ඡාවට ගෙන ඇති අතර.එසේ තිබියදී ක්‍රීඩා රටාවේ අවුලක් සහ පරාජයක් වීමේදී අමාත්‍යවරයා පත් කරන ලද පිරිස් එම වගකීමෙන් නිදහස් වන්නේ කෙසේද යන්නත් මෙහිදී සාකච්ඡාවට ගෙන තිබෙනවා. (සටහන – නිෂ්මං රණසිංහ)

 

මේ අතර ක්‍රීඩා අමාත්‍යවරයාගේ උපායට ප්‍රතිචාරයක් දක්වන ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා කියන්නේ කොහොම කිව්වත් ඉල්ලා අස්නොවන බවත් තම කාලය තුළ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වූ බවත් ය.

 

 

කිසිසේත්ම ඉල්ලා අස්වන්නේ නෑ.. මගේ කාලෙ ක‍්‍රිකට් දියුණු වුනා..

 

shammi not resign

 

තමන් කිසිසේත්ම ධුරයෙන් ඉල්ලා අස් නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි ද සිල්වා කියා ඇත.

තමන් නීත්‍යානුකූලව පත්වූ සභාපතිවරයා බවත් තම කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සැලකිය යුතු දක්ෂතා පෙන්වා ඇති බවත් ඇතැම් අවස්ථාවල පරාජයන්ද ලබා ඇති බවත් එය ක්‍රිකට් ක්‍රීඩාවේ ස්වභාවය බවත් ඔහු පවසා ඇත.

ක්‍රිකට් ආයතනයේ ලේකම් වරයා ඉල්ලා අස්වීමෙන් පසු සභාපතිවරයාද ඉල්ලා අස්වෙන්නේදැයි කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව කියා  ඇත.

ක්‍රිකට් ආයතනයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් මේ වන විටත් ජනාධිපතිවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහිදී ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වන බලපෑම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද ඔහු තව දුරටත් පවසා ඇතැයි වාර්තා වේ.

නවතම ලිපි