SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මට නම් හිතෙන්නේ මෙතන වුනේ... අප්ඩේට් නොවීම සහ අප්ග්‍රේඩ් නොවීම පිළිබඳ අවුලක්..

දීප්තී හැම තිස්සෙම කියන දෙයක් තමා නිතරම පොතපත කියවන්නෙයි කියනෙක... මේක ඕනෑම ක්ෂේත්‍රයක ඉන්න එකෙකුට වැදගත්.

නිකමට හිතන්න වෛද්‍ය වෘතිය ගැන... ඒක හැමදාම අප්ග්‍රේඩ් වෙන බිස්නස් එකක්... ලංකාවේ මෙලෝ දෙයක් නොකලට... ජාත්‍යන්තරයේ නිතිපතා අලුත් බෙහෙත් වගේම හේත් ගැනත් පර්යේෂණ පවත්වලා.... ඒවා ප්‍රකාෂයට පත්වෙන සඟරා පොතපත වැඩමුළු සම්මන්ත්‍රණ ඕසෙට තියෙනවා.. අපේ උන්ට ඕවට වෙලාවක් නෑ නේ.. එයාලට තියෙන්නේ වැඩවර්ජන, උද්ඝෝෂණ,පිකටින්, පෙලපාලී යන්න ජනාධිපති එලවන්න වගේ වැදගත් දේවල් නේ.. ඒ නිසා...මෙහේ අය අලුත් ඖෂධ ගැන දැණුම්වත් වෙන්නේ මෙඩිකල් රෙප්ලගෙන්...

 

 

 

දීප්තිත් පච්ච පිළිබඳ ඉන්නේ මිලේනියම් කියවීමේ නෙමේ... X- කණ්ඩායම බිහිවුන යුගයේ තිබුන මතයේ... ඉතින් ඒ අනුව නම් දීප්තී හරි.... ඒ කාළේ තිබ්බ මතය තමා ... පච්ච කොටාගන්නේ මානසික අවුල් තියෙන උන් කියනෙක. මේක ඇත්තටම සිය දිවි නසාගැනීමකට සමාන තත්වයක් කියලා මතයක් තිබුනා. ඒ කියන්නේ තම වේදනාවන් නැති කර ගන්න, ශරීරයට වේදනාවක් ලබා දෙනවය කියන එක...

 

ටැ ටූ 2

අනික ලංකාවේ උනත් ඒ කාළේ පච්ච කොටාගත්තේ... ඒ කාළේ උන්න අයියලා, චොප්පෙලා,මරුසිරාලා, පොඩිවිජේලා, මිනීමරුවෝ, රස්තියාදූකාරයෝ.. පච්චෙ කෙටුවෙත් මහපාරේ... පච්ච වල තිබුනෙත් බය හිතෙන වදන්... උන්නත් දාහයි මලත් දාහයි... මරුවා සමඟ වාසේ... ඇහැට ඇහක්... උලත් එකයි මලත් එකයි... වගේම සමහර අයියලා අම්මා බුදු වේවා කියලත් ගහගෙන උන්නා... හැබයි ඉතින් උන්ගේ අම්මලාට මිනිස්සු කිව්වේ නම් වෙන කතාවක්...

ඉස්සර එහෙම වුනාට, දැන් මේක මුලු ලෝකෙම ආර්ට් එකක්... ඒක ශරීරය හැඩ කරන්න හැමෝම කරන දෙයක්... දැන් ඒවා කරන්නේ සැලෝන් වල.. ඒක කල්ට් එකක් වෙලා ඉවරයි.. ලෝක ප්‍රසිද්ධ ක්‍රීඩකයෝ ගායක ගායිකාවෝ හැමෝම වගේ පච්ච කොටාගෙන ඉන්නේ... ප්‍රසිද්ධ චරිත අනුකරණය ඕනම කෙනෙක් කරන දෙයක් නේ... ඉතින් එයාලගෙ වීරයෝ වගේ වෙන්න ආස අය...

 

ටැටූ එකක් ගහගන්න එක අද සාමාන්‍ය දෙයක්... අනික ඒක ඉන්ඩස්ට්‍රි එකක්... ටැටූ වලත් පට්ට ආර්ට් එකක් තියෙනවා... අනික ඉතින් ලස්සන වෙන්න ටැටූවක් ගහගත්තම මොකද, ළොකු තන් (brest implant), ළොකු තොල් (lip augmentation) අලි පස්සවල් (gluteal augmentation) ප්ලාස්ටික් සර්ජරිත් කරද්දි.. බඩේ තෙල් අයින් කරන්නත් ඔපරේෂන් කරන්නේ... අනික ජිම් ගිහින් මුළු ශරීරයටම වද දෙන්නේ... මේ ඔක්කොම කරන්නේ ලස්සනට ඉන්න නේ... ඉතින් ඒක මානසික අවුලක් කියලා දකිනවා නම්.. ඒක ජෙනරේෂන් ගැප් එකේ අවුලක්... මේක ටැටූවලට විතරක් තියෙන අවුලක් නෙමේ... ගීතයට, කවියට, පත පොතට මෙන්ම භාෂාවටත් තියෙනවා... හැබයි ඒවා ගනන් නොගෙන කඩාගෙන යන උන්.. උන්ගේ ගමන අති සාර්ථකව යනවා... පෑහෙන්න බැරි උන් අතීත කාමේ වෙලිලා නාහෙන් අඬනවා...

 

 

ටැ ටූ 1

 

ක්‍රිකට් ගහන්න බැරි පච්ච ගහන නිසා නෙමෙයි... පච්ච ගහපු කෝලිලා.. හාර්ඩික් පාන්ඩෙයාලා සුද්දො පොරි හැලෙන්න ගහනවා.. වෙලා තියෙන්නේ ඒක නෙමෙයි.. ක්‍රිකට් වල තියෙන මාෆියාව... ඒක තේරුම් ගන්න හදාරන්න ඕන ශම්මි සිල්වා හා ඇන්ජෙලෝ මැතිව්ස් සින්ඩ්‍රමය විතරමයි.. ක්‍රිකට් හදන්න නම්... ක්‍රිකට් බෝඩ් එකේ ඔක්කොමයි... ලෝකල් නිලධාරීන් හා උපදේශකයින් (කෝච්ලා) සියල්ලමයි... ටීම් එකේ ඉන්න සෙට් එකකුයි එලවන්නම වෙනවා... නැත්නම් ඉතින්... ශ්‍රී ලන්කන් එයාර් එකයි... ශ්‍රී ලංකන් ක්‍රිකට් එකයි... ශ්‍රී ලංකන් රේල්වේ එකයි... ඔය ඔක්කෝම එකයි... යනවා ... දුවනවා...ගගනවා... හැබයි මෙලෝ රහක් නෑ...

@Priyantha Hewage Mathalan

නවතම ලිපි