SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක හෝරා කිහිපයක් ගෙවෙමින් තිබේ.

මෙවර ලෝක කුසලානය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම පිටත් වන්නට සූදානම් මොහොතේ ද ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ආයතනය සමග ගැටුමක් පැවතුනි. ඒ නිසාම මෙවර ලෝක කුසලානයට යන කිසිදු ක්‍රීඩකයෙක්ට රටේ ක්‍රීඩා අමාත්‍යවරයා සභ පතනු වෙනුවට කරනු ලැබුවේ දිනන හැටි බලාගන්න බැරියැ වැනි හතුරු කතාය.  

 

 

දැන් ලංකාව ලෝක කුසලාන තරඟාවලියේ කුජීත වී හමාරය. ඒ මතකය වැඩිම උනොත් සතියක් පමණ පිළිරැව් දේය. මේ වසරේ කෙසේ වෙතත් ලබන වසරේ 20යි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලිය ලංකාවට ගෙන ඒමට ක්‍රිකට් ආයතනය කටයුතු කළ විට සියල්ල අමතකව යනු ඇත. ක්‍රීඩා තරඟයක අද ජයග්‍රාහකයා හෙට කුල්ල කුජීතවී යන්නෙකි. පරාජිතයා හෙට ජයග්‍රාහකයෙකු වනු ඇත.

 

WhatsApp Image 2023 11 03 at 19.45.06

 

රටේ ක්‍රීඩා අමාත්‍යවරයා මේවා හොඳින්ම දනී. එහෙත් ඔහුට අවශ්‍ය බොර වතුරේ මාළු බාන්නටය. දේශපාලනය ක්‍රීඩාවට පැමිණීම යනු එයය.

 

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිය පසුගිය කාලය තුළ ක්‍රිකට් තහනමක් ලංකාවට පනවන්නට තීන්දු කර තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාව තුළට දේශපාලන ඇඟිලි ගැසීම් තිබීම නිසාය. මේ සඳහා ජනාධිපති වික්‍රමසිංහ පොරොන්දු ලිපියකින් දන්වා තිබුණේ ස්වාධීන ක්‍රීඩා පනතක් කෙටුම්පත් කර සම්මත කරගන්නා බවය. එය ක්‍රිකට්වලට පමණක් නොව සියළුම ක්‍රීඩාවන්ට වලංගු වනසේ සකස් කරන බවටද ඔහු දන්වා තිබුණි.

 

ඒ අනුව මේ වනවිට ස්වාධීන ක්‍රිකට් පනත කෙටුම්පත් කර අවසන් වී ඇත.

ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සමග ඊයේ (02) වන්කඩේ ක්‍රීඩාංගණයේ පැවති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 302කින් පරාජය වීම ගැන ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ නිවේදනයක් නිකුත් කර ඇත.‍

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පරාජය සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයාගේ අදහසය.

 

WhatsApp Image 2023 11 03 at 19.45.07

බළලා මල්ලෙන් එළියට පනින්නේ අනතුරුවය.

 

අමාත්‍ය රොෂාන් රණසිංහ එහිදී යෝජනා කරන්නේ ක්‍රිකට් ආයතනයේ සියල්ලන් ඉල්ලා අස්විය යුතු බවය. ඔහු එය ඉල්ලා සිටින්නේ ක්‍රීඩාව සම්බ්ධයෙන් අවංක චේතනාවෙන් නම් පසුගිය කාලය තුළ ලංකාවේ කණ්ඩායම් තරඟ ජාත්‍යන්තරව  තහනම් වූ අවස්ථාවන්හිදී සමාජ මාධ්‍ය තුළ ක්‍රීඩා අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවට කියා සිටියද ඔහු ඒ සම්බන්ධව කටයුතු නොකල බවද මතක් කළ යුතුය.

 

එහෙත් අද ක්‍රීඩා අමාත්‍යවරයා තකහනියක් බොර දියේ මාළු බාන්නට සූදානම් වෙද්දී ඔහුගේ නොඉවසිලිමත් බව ඔහු නිකුත් කළ ලිපියෙන්ද පෙන්නුම් කෙරේ. ඔහු ලිපිය ආරම්භ කර තිබුනේ ක්‍රීඩා අමාත්‍යාංශ ලිපි ශීර්ෂයක් යටතේ වුවද අවසන් වන විට තිබුණේ වාරිමාර්ග අමාත්‍යාංශයෙනි.

 

roshan dawal migel re daniyel. 2

 

එසේම “දිනන හැටි බලාගන්න බැරියෑ..” යනුවෙන් කියූ අමාත්‍යවරයා අද  තම ලිපියෙන් ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන සියලු දෙනා කනගාටුවට සහ කනස්සල්ලට පත්ව සිටින බව ලියා තිබීම සමාජ මාධ්‍ය තුළ සිනහවට ලක්කර ඇත.

තමාට අස්වැන්න නෙළාගන්නට සිදුවන්නේ වපුරපු හැටියට බව කෘෂිකර්මාන්ත පුරවරයකින් බිහිවුනු ඇමතිතුමා හොඳින්ම දන්නවා ඇතැයි අප ද සිතන්නෙමු.

 

@Ivon Priyanka

නවතම ලිපි