SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

සමාජ මාධ්‍යයේ දැන් ප්‍රවනතාවය තමයි වමේ දකුණේ හැම දේශපාලන පක්ෂයකටම කණ්ඩායමකටම ඉන්නවා මඩ බලකායක්.

මේ බලකාය විසින් තමයි දේශපාලන‌ය මේ වෙද්දි මෙහෙයවන්නෙ. ප්‍රධාන දේශපාලනඥයො දැනුවත්ව ඔවුනගේ මූල්‍යමය දායකත්වය අනුග්‍රහය සහිතව තමයි මේ මඩ බලකා ක්‍රියාත්මක වෙන්නෙ.

මඩ බලකායන්ට අවශ්‍ය දේශපාලනය නෙවෙයි. ඒ වගේම දේශපාලනය ගැන අවබෝධය ඔවුන්ට අවශ්‍ය නැහැ. තියෙන්නේ මඩ ගසන්නට හැකියාවක් පමණයි.

 

ජවිපෙ ජාජබ, පොහොට්ටුව, එජාපය, ශ්‍රිලනිප, සජබ, ජනරජය වැනි විශාල පක්ෂ විතරක් නෙවෙයි, පෙසපය, සමබිම, වැනි කුඩා පක්ෂ සහ සංවිධානත්  මඩ බලකායන් නඩත්තු කරනවා (නිදහස ජනතා සභාවට තවම පෙනෙන හැටියට බලකායක් හැදිල නැහැ). හැබැයි අදහස් ප්‍රකාශ කරද්දි මේ මඩ බලකායෙ තමන්ගෙ අනුගාමිකයො  නෑ වගේ තමයි කතාව කෙරෙන්නෙ.

 

ඒ වගේම මහේක්ෂ තලයෙ දේශපාලනයෙදි මොවුන් හරිම මධ්‍යස්ත දේශපාලන විඥානයක් ප්‍රදර්ශනය කරන ප්‍රජාතන්ත්‍රවාදී, ලිබරල්, ධනවාදී, සමාජවාදී, කොමියුනිස්ට්වාදී වගේ වාදයන් කරගසාගත් දේශපාලනඥයො.

 

කෙසේ වුවත් මේ වනවිට  සමාජ මාධ්‍ය තුළ කතාබහ ග්‍රැෆයින් ග්‍රැෆීන් බවට පත්කිරීම ගැන ජවිපෙ නායක අනුර කුමාර දිසානායකගේ කතාවක්. විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයා එක්ස්ප්‍රස් පර්ල් නැවට ගෙවන වන්දි මුදල ගැන අමූලික බොරු ගණන් පාර්ලිමේන්තුවේ කියද්දි, බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා  ජීවන වියදම ගැන, ආර්ථිකය ගැන විකට කතා පාර්ලිමේන්තුවෙ කියද්දි ඒවා ප්‍රශ්නයක් නොවන මිනිසුන් සිටින රටක ඊට වඩා භයානකම දේ තමයි ඉංග්‍රීසි වචනයක් බැරිවීම, අතපසුවීම කියල සමාජ මාධ්‍යයේ වෙනමම කතාබහක් ඇතිවෙලා.

 

මේ සියල්ල අතරෙ ජනරජ පෙරමුණේ නායක පාටලී චම්පික රණවක මේ පිළිබඳව කිව්වෙ මෙහෙම කතාවක්...‍

 

 

“අනුරගෙ ඉංග්‍රීසි භාශාව ගැන හිනා නොවී අනුර කියපු කාරණය ගැන බලන්න. ඉංග්‍රීසි භාශාව බැහැයි කියල හිනා වෙන්නෙ අන්තිම පහත් මිනිස්සු. ‍

අනික් අතට අනුර කිව්වෙ අළුත් කතාවකුත් නෙවෙයි.  ලංකාවේ මිනිරන් ඒ කියන්නෙ  ග්‍රැෆයින්... ග්‍රැෆීන් බවට බවට පත්කලොත් විශාල ආදායමක් උපයන්න පුළුවන් කියන කතාව කිව්වෙ  මීට අව්රුදු 10කට කලින්.  මම අමාත්‍යධූරය දරන අමාත්‍යාංශයක් යටතේ තිබුන  තාක්ෂන පර්යේෂන ආයතනයේ හිටියා ශ්‍රී ලංකා විද්‍යාඥවරියක් හිටිය කෝට්ටෙගොඩ මැතිනිය ග්‍රැෆයින් ග්‍රැෆීන් බවට පත්කරන තාක්ෂනය දියුණු කළා”.

 

සම්පූර්ණ වීඩියෝව පහළින්..

 

 

 

නවතම ලිපි