SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රුධිරය, වේදනාව සහ විලාපය දෝර ගලා යන මැදපෙරදිග ගැටුම බිහිසුණුය. විසකුරු බවට විරාමයක් නොපෙනෙන මෙවන් පසුබිමක

සහෝදර මන්ත්‍රී, මහාචාර්ය චරිත හේරත් සමඟ මම ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති, Dr Zuhair Zaid මුණගැසීම ට ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කාර්යාලය වෙත පිය නැගුවේ අහිංසක බිළිඳුන්, කාන්තාවන් ඇතුළු මියයන දහස් ගණනක් වූ ජනතාව වෙනුවෙන් අපගේ ශෝකය ප්‍රකාශ කිරීමත් උන්මන්තක අවි ගැටුමට විරාමයක් සොයා ගැනීමේ අභිලාෂයත් පෙරදැරිවය.

 

මෑත ඉතිහාසය පුරා මෙරට පාලකයන් ගේ දේශපාලන මතවාදයන් කුමක් උවද ශ්‍රී ලංකාව සැමවිටම ස්වාධීන හා ස්වෛරී පලස්තීන සහ ඊශ්‍රායල් රාජ්‍යයන් වෙනුවෙන් පෙනී සිටී බවද, ප්‍රචණ්ඩත්වයේ යුද කලාපය තුල ගිලගත් සිවිල් පුරවැසියන් පිලිබඳ අපගේ මහත් වූ කණගාටුවද අප ජීවිත කාලය තුළ මෙම අර්බුදයට සාමකාමී විසඳුමක් දැකීම මානවවාදී ශ්‍රී ලාංකික සැම ගේ ප්‍රාර්ථනාව බවද එහි දී අප විසින් අවධාරණ කරනු ලැබුවා. විශේෂයෙන්, තිස් අවුරුදු කුරිරු යුද්ධයකින් හෙම්බත් වූ පුරවැසියන් සහිත රටක් ලෙස ශ්‍රී ලාංකික අපගේ අචල ප්‍රාර්ථනාව වන්නේ සාමය බවද එහිදී අවධාරණය කෙරිණි.

 

 

ගිනි අවි කතා කරද්දී නිහඬවීම මනුෂ්‍යත්වයට කරන නිගාවකි. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සිට මහා බලවතුන් ලෙස නාමකරණය වූ සියලු රාජ්‍යයන් ගේ මේ මොහොතේ වගකීම විය යුත්තේ මූනිස්සම් වලට වඩා ගිනියම් වූ මානවීය හඬකින් වාතලය උණුසුම් කිරීම ය.

 

 

ඊශ්‍රායලයේ, ගාසා තීරයේ, ලෙබනනයේ හෝ පලස්තීනයේ තිරශ්චීන ලෙස මියැදෙන්නේ යුදෙව්වෙක් ද මුසල්මානුවෙක් ද යන්න වැදගත් නොවේ. එය වැදගත් කොට සලකන්නේ ලේ පිපාසිත අමනුෂ්‍යයන් පමණි. අප හමුවේ බරපතළ වන්නේ, මනුෂ්‍යත්වයට මියයන්නට දී ලෝකයා නිහඬව බලා සිටින්නේ ඇයි ද යන්න පමණි.

dullas 0

 

 

 

@Dullas Alahapperuma 

නිදහස 4

නිදහස1

නවතම ලිපි