SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

(අවන්ත ආටිගලගේ කාටූනයකි)

සමාජවාදී රුසියාව මොඩරේට් කළේ මිහායෙල් ගොර්බචොව්...

සමාජවාදී චීනය මොඩරේට් කළේ ඩෙං ක්ෂියාඕපෙං... ඒ වගේම ජේවීපී එක මොඩරේට් කළේ අනුර කුමාර දිසානායක..

ඒකට හේතුවක් තියෙනවා... රෝහණ විජෙවීර ජවිපේ දේශපාලන ව්‍යාපාරයක් ලෙස ආරම්බ කලාට... දේශපාලණය සුපිරි ව්‍යාපාරයක් බව ජෙප්පන්ට අවබෝධ කරලා දුන්නේ විමල් වීරවංශ...

නමුත් කුළ ප්‍රශ්ණ හමුවේ... ටිල්වින් ප්‍රමුඛ දේශපාලන බල මණ්ඩලය... විමල් සහ සෝමවංශ එලවලා දාලා... අනුරගේ යටතේ... විමල් පෙන්නපු පාරේ යන්න පටන් ගන්නවා...

 

Mathe 2

දැන් ඒක සුපිරි ව්‍යාපාරයක්... වමේ පක්ෂයක් ලංකාවේ ධනවත්ම පක්ෂය වෙනවා... ඇත්තටම මෙයාලට බලයට එන්න අවශ්‍යතාවයක් තිබ්බේ නෑ... ජේවීපී හෝ ජාජබේ බලයට එනවා කියලා හිතාන කවුරුන් හෝ අතින් කයිට් කරගෙන එයාලට කඩේ ගියා නම්.. එයාලා හරි පව්...

නමුත්... සජිත් ප්‍රමුඛ විපක්ෂයේ ඉන්නේ ලෝකෙම හිනස්සන විහිළු කාරයෝ පිරිසක් නිසා... ජවිපේ එකම විකල්පය ලෙස මතුවෙලා තියෙනවා...

දැන්... කවුරුත් කරපු අරගලයේ ක්‍රෙඩිට් එකත් එයාලා බලෙන්ම එයාලගෙ ගිණුමට බැර කරගෙන තියෙනවා... ඇත්තටම අරගලේ කරපු උන් නිශ්ශබ්දව ඉන්නවා... මොකෝ ඒක නීතිමය ගැටළු මතුවෙන්න පුලුවන් දෙයක් නිසා...

ඒ විතරක් නෙමේ... රනිල් වික්‍රමසිංහගේ දේශපාලන පෙරලියත් එක්ක..

ඇමරිකාව වගේම ඉන්දියාවත් දැන් රනිල්ට එදිරිව ක්‍රියා කරන්න අරගෙන තියෙනවා...

පොහොට්ටුවෙන් රනිල්ට එන තර්ජන වගේම ජූලී චන්ග් සුදු නෝනා පැලවත්තටම ගොස් අනුර කුමාර මුණගැසීම හා ඊට විශල ප්‍රචාරණයක් ලබා දීම සිඳු වෙන්නේ ඒ අතරතුර...

එපමණක් නෙමේ... චීන හිතවාදී රනිල්ට එදිරිව... බටහිර බලවේගවල දේශීය නියෝජනයන් සියල්ලම වගේ පැලවත්තට යවන්න ජූලී නෝනා සමත් වෙනවා...

රනිලුත් අරින්නේ නෑ... ඒ ඔක්කොම මැද්දේ චීන නැව කොළඹ වරායට එන්නේ ඒ නිසා... මේක එච්චර නැගලා යන්නේ නැත්තේ... ඇමරිකාව ඊශ්‍රායලයේ යුද්ධයට කෙලින්ම සම්බන්ධ නිසා...

ඒ යුද්ධය පවතින කාළය හා පරිමාව අනුව මෙහේට සිඳුවන ගෝලිය දේශපාලන ඇඟිලි ගැසීම් පමාවේවී...

Mathe 3

 

 

කෙසේ වෙතත් ලංකාවේ ඇමරිකානූ නියෝජිතයින් ලෙස ජාජබය තෝරාගෙන අවසන්.. අපට ලැබෙන තොරතුරු අනුව තඹුත්තේගම අනුරට ඇමරිකාණු රජයේ පූර්ණ අනුග්‍රහය මේ චාරිකාවෙදි ලැබෙනවා...

මේක විප්ලවවාදී ඩයිහාඩ් වම්මුන්ට දිරවා ගන්න බැරි බව අවන්ත ආටිගලගේ කාටුන් වලින් හා... කිතලංගමුවේ නිර්මාල් දේවසිරිගේ ෆේස්බුක් වෝල් එකෙන් පේනවා... මොකෝ ඔවුන් දෙදෙනාම ඇමරිකාණු හා අධිරාජ්‍ය විරෝධී කඳවුරේ අය වීම...

මීට පස්සේ මැයි රැලිවලදි... දෑකත්තයි මිටියයි වගේම... කාල් මාක්ස්ලා ලෙනින්ලා ට්‍රොට්ස්කිලා ස්ටාලින්ලා වෙනුවට ජූලී නෝනා ඇමරිකන් කොඩියක් අරගෙන යන්නත් ඉඩ තියෙනවා....

හැබයි ඉතින් 2015 රනිල් වික්‍රමසිංහ යටතේ පාරම්පරික අති සාර්ථක ව්‍යාපාරිකයින් වූ පිරිසකට... මේ කිතලංගමුවේ හාල්පාරුවන්ගේ අඬෝවැඩියාවන් කිසි සේත්ම අදාල නෑ වගේම... අන්‍රයියට ජූලී චන්ග් නෝනා දීපූ ඉනාවෙන් ගැලවීමකුත් ලැබෙන්නේ නෑ.

ඇමරිකාණු විරෝධී... ඉන්දියානූ ව්‍යාප්තවාදයේ ආදිනව ගැන මීටීන් තියලා මයික් පැලෙන්න බෙරිහන් දීපූ මේ පක්ෂයේ නිර්මාතෘ තුමා.... ඉල් මගේ විරුවොත් එක්ක .... බොරැල්ලේ කනත්තේ ඉඳන් ... ඉනට අත් තියාගෙන .... මේවට හිනා වෙනවද අඬනවද කියන්න නම්.... මාතලන් දන්නේ නෑ ආයිබන්ඩ....

ඒ වගත් මෙසේය....

@Priyantha Hewage Maathalan

නවතම ලිපි