SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින්  සුදර්ශන ගුණවර්ධනව අයිටීඑන්  නාලිකාවේ  සභාපති කරත් හරි ඔහුගේ ලිබරල්  වැඩ කිඩ කෝටියකි.

ඔහු මුලින්ම රාජ්‍ය මාධ්‍ය නාලිකාවක මෙතෙක්  තිබුනු ජාතිකවාදී බැම්ම මෙන්ම  සම්මත සීමාවන් බිඳිමින් ලිංගික දර්ශන යොදාගනිමින් ටෙලිනාට්‍ය නිපදවන්නන්ට දිරියක් වෙමින්  සහ ඒවා තම නාලිකාව තුළ විකාශය කරවන්නට කටයුතු යෙදීය.

 

එක්ස් දේශපාලනය තුළ සැරි සැරූ සුදර්ශනට අශෝක හඳගමට මෙන්ම ඒ තුළ වඩවාගත් තම මතවාදයන් අත්හදා බලන්නට එක් අතකින් ජේ ආර්ගේ බෑණා වූ  රනිල් වික්‍රමසිංහගේ ලිබරල් දේශපාලන උවමනාවන් මනා පිටිවහලක් වී ඇත. 

 

 

 

ස්පාර්ටකස් සාමූහිකය මේ පිළිබඳව තම ලිපි කිහිපයකදීම ඔවුනගේ කියැවීම කර තිබුණේ පහත පරිදිය.

“1981 වසරේ ආරම්භ වූ රූපවාහිනයේ ප්‍රධාන කාර්ය වූයේ ලාංකීය සමාජය සංස්කෘතික වශයෙන් වෙනස් කිරීමේ පුරෝගාමී කාර්යභාරයයි . නමුත් ජේ.ආර්. හට ඔහුගේ අනුප්‍රාප්තිකයෙකු පත්කොට ගැනීමට නොහැකි වූ තත්වයක් හමුවේ (ප්‍රේමදාස යුගයේ ජනමාධ්‍ය රාජ්‍ය ඇමතිවරයා විසින් අභිනව MTV රූපවාහිනියට නියෝග කරන ලද්දේ නිදන කාමර දර්ශන නොපෙන්වන ලෙසය. නමුත් ජේ.ආර්. යුගයේ සම්පූර්ණ නිරුවත් දර්ශන සහිත චිත්‍රපට රූපවාහිනියේ විකාශය විය) තම වැඩපිළිවෙල කුරුවල් වී ගිය අතර එම කුරුවල්භාවය 1994 සිට 2022 දක්වා ඉදිරියට යන අතරතුර ජේ.ආර්.ගේ නියමම අනුප්‍රාප්තිකයා දෙවරක් බලයට පැමිණිය ද ඔහුට සාර්ථක වීමට ඉඩ නොලැබෙන්නේ විධායක ජනාධිපති ධූරය SLFPයට හිමිව තිබූ තත්වයක් යටතේ සහ ජාතිකවාදි කතිකාව ඊට බාධාවක් වූ බැවිනි. නමුත් මේ වන විට ජාතිකවාදී කතිකාව යට ගොස් ධනවාදී කතිකාව තහවුරු වෙමින් ඇත.”

 

------------------------

“ඒ අනුව, ඒ සඳහා ප්‍රධාන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීම සඳහා ඉදිරිපත්ව ඇත්තේ සුදර්ශන ගුණවර්ධනගේ ITN චැනලයයි. එම චැනලය විප්ලවීය පියවරක් අනුගමනය කරමින් සිංහල නළු නිලියන් යොදා තනා ඇති ලංකාවේ සම්මත සංස්කෘතික සදාචාර සීමාවට අනුව නම් රූපවාහිනියක විකාශය කිරීමට නොසුදුසු"වැඩි හිටියන්ට පමණක් සුදුසු" ටෙලි නාට්‍යයක් විකාශනය කරමින් තිබේ. දැන් කෙනෙකුට පැවසිය හැක්කේ බහුතරය අන්තර්ජාලය පාවිච්චි කරන මේ යුගයේ ඕක මොකක්ද යන්නයි. නමුත් එහි සුවිශේෂතාවය ඇත්තේ ජාතික චැනලයක සිංහල නළු නිලියන් යොදා එවැන්නක් නිර්මාණය කොට විකාශය කිරීමේය.”

 

-------------------------

 

“X කණ්ඩායමේ පශ්චාත් නූතනවාදයෙන් ජවය සහ අනුප්‍රාප්තිකත්වය ලැබූ පශ්චාත් මාක්ස්වාදී සංස්කෘතික දේශපාලනය සඳහා සුදර්ශන විසින් විධානය කොට නිෂ්පාදනය කර, ඔහු විසින්ම විකාශය කරන මෙම ටෙලි නාට්‍ය භාර ගැනීමට සිදුවනු ඇත.

 

ඒ අනුව දීප්ති කුමාර ගුණරත්න අනුදත් මනෝවිශ්ලේෂණ විකාරයට හෝ එම සප්‍රදයේම පශ්චාත් මාක්ස්වාදයට සිදු වන්නේ සුදර්ශන වෙනුවෙන් පෙනී සිටීමටය”.

 

(උපුටාගැනීම- spartacus.lk)

 

කෙසේ වුවත් සුදර්ශන ගුණවර්ධන මේ සියල්ල කරන්නේ රනිල් වික්‍රමසිංහ  වෙනුවෙන් කරනු ලබන දේශපාලන ව්‍යාපෘතියක් සේ සලකාගෙන බව පැහැදිලිය.

පහත වීඩියෝවේ ඇත්තේ එවැනි අදහස් ප්‍රකාශ කිරීමකි. දීප්ති කුමාරට සහ හපුගොඩට අනුව ලකාන්, ශිෂැක් වැනි අය පෙනී සිටින්නේ රනිල් වික්‍රමසිංහ ගොඩනැගීමට බලාපොරොත්තු වන සමාජය වෙනුවෙනි. මේවා අහන අයට ඒත්තු යන්නේ ශිෂැක් වෙහෙසෙන්නේ "එහේ" රනිල් වැනි අය බලයට ගෙන ඒමට බවය.

 

 

චින්තන ධර්මදාස තම නවතම නිර්මාණය අයිටීඑන් නාලිකාවට සූදානම් කරමින් ප්‍රවර්ධන කටයුතු සඳහා යොදාගැනෙන්නේද ඉහත කී ආකෘතියේම අදහසය. එනම් චින්තනත්  පැරණි එක්ස් මතවාදයේ තවමත් ගිලෙමින් සිටීමය. ඒ අනුව අශෝක හඳගමගේ මීළඟ අනුප්‍රාප්තිකයා චින්තන ධර්මදාස වන්නට හැකිය. 

“සහෝදරයා, මීයා කියන්නෙ හෙජමොනික, ලැකානියානු, ජිජැකියානු, නියෝ ලිබරල්, අධිරාජ්යවාදී ධනේශ්වර ලිංගික කුමන්ත්රණයක්” - චින්තන ධර්මදාස”

 

යනුවෙන් ඔහුට ලියන්නට සිදුවීමම එයය.

 

මීයා නිර්මාණය කරන්නට පෙළැඹවුනු අයුරු පිළිබඳ චින්තාගේ ෆේස්බුක් සටහන පහතින් දක්වා ඇත.

අවුරුදු දෙකකට විතර ඉස්සර එක පාර මට සන්නා කතා කළා.

'මචං උඹව ඇමරිකාවෙ ඉදන් කෙනෙක් ඇවිත් හොයනවා. ෆිල්ම් එකක් කරන්න'

මං හොල්මං වුනා. කීයටවත් වෙන්න බැරි දෙයක්.

'හරි සන්නා මගේ නම්බර් එක දෙන්න'

ඒ අපූරු මනුස්සයා මට මුනගැහුනෙ එහෙම.

කෝල් එකක් දීලා මිනිහා මාව හම්බුවෙන්න ආවා.

'මචං උඹ යන්න කැමති තැන මොකක්ද ? මේ ගැන  කතා කරන්න'

එහෙම චිත්‍රපටියක් ගැන සාකච්ඡාවක්.

එක පාරට ලොරියක් තරම් තඩි ජීප් එකක් ඇවිත් නැවැත්තුවා. ගාර්ඩ් එකේ කෙනෙක් බැස්සා.

'බොස් ඇතුලෙ'

කලු වීදුරු දාලා ඇතුල පේන්නෙ නෑ. මෙහෙම චිත්‍රපටි කරන හාදයො මට මුනගැහිලා නෑ.

'මූ ඇමතියෙක්ද? නැත්තං මාව මරන්නවත් ප්ලෑන් එකක්ද? ඒත් ඉතිං මාව මරන්න කිසි හේතුවක් නෑනෙ. හැබැයි පෙරටුගාමී පක්සෙ එකෙක්ද දන්නෙ නෑනෙ'

මං ඇත්තටම වාහනේට නැග්ගෙ බයෙන්.

ව්‍යාපාරික පෙනුමැති උස මහත මිනිහෙක්. සිංහාසනයක් තරම් අලි සීට් එකක මීයෙක් තරං මම.

මිනිහා මට පොතක් දුන්න. All the Way. ඇන්ඩි බෙරන්ස්ගෙ. මං ඒ රයිටර් ගැන හෝ පොත ගැන කිසි දෙයක් දැනං හිටියෙ නෑ.

'මේක මං එද්දි එයාර්පෝර්ට් එකෙන් ගත්තෙ. ෆ්ලයිට් එකේ කියවන්න. මාර පොතක් මචං. මට ලංකාවෙ එකෙක් එක්ක මේක ෆිල්ම් එකකට කරන්න ඕනි. සන්නා හොයාගෙන ගියා. සන්නා කිව්වා උඹ තමයි ම්නිහ කියල'

මං පොත ගැන කිසි දෙයක් දන්නෙ නැති වග කිව්වා. කියවන්න සතියක් ඉල්ලුවා.

'හරි මචං, මං සති තුනයි ලංකාවෙ ඉන්නෙ. යන්න කලින් අපි මේකෙ වැඩ පටන් ගන්න ඕනි. මට මේක ඉන්ටර්නැෂනල් ස්ටෑන්ඩර්ඩ්ස්වලට තියෙන්න ඕන. ලංකාවෙ වැඩක් විදිහට ඇමරිකාවෙ පෙන්නන ගානට වැඩේ ඕන'

මොනාද බොන්නෙ ඇහුවම මං කිව්වා විස්කි කියල. ඒ හෝටලේ තියෙන හොඳම විස්කි එක ගේන්න කියල මිනිහා වේටර්ට කිව්වා.

නෑ නෑ මචං අපි බ්ලැක් එකක් ගමු.. මං ඌට බාධා කළා.

අපි විස්කි බෝතලේම බිව්වා.

'මචං මේක ලියන්න හොඳම ටීම් එක මේකට දාගන්න ඕනි. උන් ඉල්ලන ගාන අපි ගෙවන්න ඕනි. මං ඩොලර් වලින් හම්බු කරන්නෙ. උඹලට හිතාගන්න බෑ ඒ ගාන. ඒ හින්ද පොඩ්ඩක්වත් වැඩේ කොම්ප්‍රොමයිස් කරන්න එපා. හොඳම දේ කරපං.

අපි පෝස්ට් ප්‍රොඩක්ෂන් ඇමරිකාවෙ කරමු' එයා කිව්වා.

මගේ ඇඟ  හිරිවැටිලා ගිහින්. ලංකාවෙ  චිත්‍රපටිකාරයෙකුට අහන්නවත් ලැබෙන දේවල්ද මේ.

මං හිටියෙ හඳේ.

ගෙදර ඇවිල්ලා පොත කියෙව්වා.

ඔව්.. ඒක කරනවා නං ලංකාවෙ ඉන්නෙ මං තමයි.

ඒක කමින්ග් ඔෆ් ඒජ් කතාවක්. සෙක්ස් කොමඩියක්.

මේකෙන් ෆිල්ම් එකක්  නොකෙරි තියෙන්න බෑ. මං ගූගල් කරලා බැලුවා. පට්ට ෆිල්ම් එකක් කරලා තිබුන. ඒක රෝඩ් ට්‍රිප් එකක්.

'මචං අපි මේක ලංකාවට අඩප්ට් කරමු. කොළඹ ඉදන් ආරුගම්බෙට රූට් එක හදමු'

මං යෝජනා කළා.

එල. එහෙනං උඹ ලියන සෙට් එකත් දාගෙන ලෑස්ති වෙයං. අපි ඔය රූට් එකේ තැන් තැන්වල නැවතිලා ලියමු. මට ඕන උඹලට ජීවිතේට අමතක නොවෙන සැපක් දෙන්න.. එයා කිව්වා.

ඌ දෙවියෙක් බවට මට කිසි සැකයක් තිබුනෙ නෑ. මං මගේ බෙස්ට් ටීම් එක එකතු කරගත්තා.

චන්දන, බෝ, පමුදිත, රන්දු සහ මම. පස්සෙ බූඩිවත් දාගන්න ප්ලෑන් කළා.

ඔන්න අපි ට්‍රිප් එක යන දවස ළං වුන.

'මචං මං උඹලට මගේ ක්‍රෙඩිට් කාර්ඩ් එක දෙනවා. උඹලා කැමති විදිහට වියදම් කරපල්ලා. මට මැදදි ටිකක් එහෙ මෙහෙ යන වැඩ ටිකක් තියෙනවා '

ඒ තමයි මට ඒ මනුස්සයාගෙන් ලැබුන අවසාන පනිවිඩය. ඊට පස්සෙ කෝල් ආන්සර් නැතුව ගියා, නම්බර් එක වැඩ නැතුව ගියා.

මට තාම හිතාගන්න බෑ මොකක්ද එතන වුනේ කියල. ඒත් ඒ තරං ලක්ෂරි හීනයක මාව මාසයක් විතර කල් තිබ්බ එක ගැන ඒ මනුස්සයාට මගේ හිතේ තියෙනවා ලොකු ස්තුතියක්. ඒ වගේ සුඛෝපභෝගී හීනයක් චිත්‍රපටිකාරයෙකුට එක පාරක් හරි විඳින්න ලැබෙන්න ඕන. බොරුවක් වුනත් ඒකෙ සැප!

ඒ ගුප්ත මිනිහා මගේ විශ්වයෙන් අතුරුදන් වුනා. හැබැයි අවුරුදු ගානකට පස්සෙ අර වැඩේට එකතු වුන ටීම් එක එකතු වෙලා සල්ලි හොයාගෙන වැඩක් කළා. අර සැපෙන් අංශුමාත්‍රයක් නැතුව. පට්ට කට්ටක් කාලා.

ඒ තමයි මීයා.

 

 

හීනයක් වෙනුවෙන් රැවටුනත් මොකද?

 

ගොඩයන්නට "ගොඩයමු" හැදූ චින්තාට දැන් හිතෙන්නේ (හිතවන්නේ) එහෙමය.

 

 

@ සමාරා පරණවිතාන

නවතම ලිපි