SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

රනිල්ට බටහිර සහාය නොලැබෙන බව දැන් ඔහු දනී.

මේ මොහොතේ ලංකාව සම්බන්ධයෙන් ඇමරිකාවට කල හැකි දෙයක් නොමැත. ආදාර දීමට ශක්තියක් ද නොමැත. දැන් රනිල්හට එය වැටහී ඇති බවක් පෙනේ. එබැවින් තම බලය රැකගැනීම සඳහා ඔහු චීනය දෙසට සේන්දු වී ඇත.

 

චීනය විසින් 2023 අගෝස්තු මස ප්‍රකාශයට පත්කරන ලද නව චීන සිතියම.

 

 

එසේ තිබියදී පොහොට්ටුව මහින්ද සහ නාමල් ප්‍රමුඛව, ආණ්ඩුවෙන් වෙන් වීමට කැස කවමින් සිටී. අනීවාර්ය ලෙසම මහින්ද සහ නාමල්ගේ නායකත්වයෙන් පොහොට්ටුවේ කොටසක් ආණ්ඩුවෙන් ඉදිරියේදී වෙන් වනු ඇත. ඒ මුලින්ම පවත්වන්නේ මහා මැතිවරණයක් නිසාය. එසේ වෙන් වී වෙනම මැතිවරණයට ඉදිරිපත් වී මහින්දවාදී ඡන්ද පදනමෙන් ආසන සංඛාවක් දිනා ගැනීම ඔවුනගේ අරමුණ වී ඇත.

 

 

මෙය සිදු කරනුයේ රනිල් සමග සම්පූර්ණ එකඟතාවයකිනි. කපුටු පාර්ශවය ලෙස හංවඩු ගැසී ඇති බැසිල් ඇතුළු කණ්ඩායමක් ආණ්ඩුවේ සිට දිගටම රනිල් වෙත සහාය දක්වනු ඇත. ඒ කණ්ඩායමටත් ඡන්ද පදනමක් ඇත. ඒ බැසිල් විසින් ගොඩනගන ලද ගල්, වැලි, පස්, මැටි, ලී ජාවාරම් කරුවන් සහ ඔවුන් වටා ගොඩනැගුන ශ්‍රම බලකයා ඇතුළු වක්‍ර අදායම් ලාභීන්ය. එසේම ලක්ෂ 40ක පමණ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ  රැකියා කල ශ්‍රම බලකායට එහි වක්‍ර ආර්ථික බුබුලේ පිරිස් හට ද මැතිවරණ වේදිකාවේදී බැසිල් විසින් ආමන්ත්‍රණය කරනු ඇත.

 

මැතිවරණ වේදිකාවේදී බැසිල් කණ්ඩායම විසින් ප්‍රකාශ කිරීමට නියමිත වන්නේ 2010 සිට 2015 මහා දැවැන්ත සංවර්ධනයේ නියමුවා බැසිල් බවත්, එය ඉදිරියට ගෙන යාමට නොහැකිව විනාශ වූයේ ජාතිකවාදී ස්ථාවරය නිසා බවත්, රනිල්ගේ ස්ථාවරය ගනිමින් ප්‍රකාශ කිරීමට නියමිත බැවිනි. ඒ අනුව මහින්ද සහ නාමල් විරෝධී පොහොට්ටු ඡන්ද රනිල්ට එකතු කොට දීමට ඔහුට හැකිය.

 

මෙම උපක්‍රමය යොදනුයේ මැතිවරණයෙන් පසුව මහින්ද සහ නාමල් ප්‍රමුඛ පොහොට්ටුව විසින් නැවතත් කොන්දේසි සහිතව රනිල් වෙත ආණ්ඩුවක් පිහිටුවීමට අවසර දීමේ බලාපොරොත්තුව ඇතිවය. ඒ බටහිර කඳවුරින් ඉවත්ව චීන කඳවුර සමග එකතු වීම ද ප්‍රධාන සාධකයක් ලෙස උලුප්පා දක්වමිනි.

 

 

රනිල් සහ රාජපක්ෂලා උත්සාහ දරනුයේ මුලින් මහා මැතිවරණයක් පවත්වා බොහෝ පක්ෂ වෙන් වෙන්ව ඉල්ලන තත්වයක් යටතේ (විශේෂයෙන්ම මුස්ලිම් සහ දෙමල පක්ෂ) ඒ සියල්ල එකතු කොට ගෙන ආණ්ඩුවක් පිහිටුවා ගැනීමයි. නාමල්ගේ දේශපාලන අනාගතය සුරක්ෂිත කල හැක්කේ මෙම ක්‍රියාමාර්ගය තුලින් පමණක් බව මහින්ද දනී. ඒ අනුව නාමල් විපක්ෂ නායක හෝ රාජ්‍ය නායකයා බවට පත්වීමට පෙරුම් පුරනුයේ ඊළඟ මැතිවරණයේ සිටය.

 

 

ජවිපෙ මේ වන විට සිතා සිටිනුයේ තමන්ට පහසු ජයක් අත්වන බවය. නමුත් මුලින්ම පැමිණෙන්නේ මහා මැතිවරණයකි.

 

@ස්පාටකස් ලිපි

නවතම ලිපි