SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ඊශ්‍රායල - පලස්තීන යුද්ධය

 පලස්තීනයත් අරාබී ලීගයත් මේ තරම් ඊශ්‍රයාලය එක්ක ගැටෙන්නෙ ඇයි ?

මෙහෙම හිතන්න ඊශ්‍රයාලය සහා ගාසා තීරය උදාහරණයට ගමු.

 

පැරණි පලස්තීනය දෙවන ලෝක යුද්ධයෙන් පසු බ්‍රිතාන්‍යයත් , එක්සත් ජනපදයත් මැදිහත් වෙලා බෙදා වෙන්කරනවා.

ඊශ්‍රයාලය බිහිවෙන්නෙ එහෙමයි.

පස්සේ ඊශ්‍රයාලය තම භූමීය විශාල කරගැනීම වෙනුවෙන් බලහත්කාරී අත්පත් කරගැනීම් සිදුකරන්නෙ පලස්තීනූවන් බොහොමයක් ඝාතනය කරමින්.

පලස්තීනුවන් අවට රාජ්‍යයන්ට සරණාගතයින් විදියට සක්‍රමණය වෙනවා. අරාබී රටවල් ඔවුන්ව තම රටවල්වලට පිලිගන්නෙ ඔවුන් මුසල්මානූවන් වීම නිසා. නමුත් මෙම මුසල්මානූ සහෝදර ජනතාවකට වන හිංසනයට එරෙහිව අරාබී රටවල් සංධානගත වෙනවා.

 

palas 7

 

ඒ විතරක් නෙමෙයි.

ඔතනට තවත් කථාවක් ඇතුළත් වෙන්න ඕන.

 

මැදපෙරදිග ඛනිජ තෙල් ආධීපත්‍යය ඩැහැගැනීමේ එක්සත් ජනපද නීච උපායන් වෙනුවෙන් මැදපෙරදිග ස්ථාවර වීම බාධාවක්. ඒ නිසා මැදපෙරදිග කළාපය තුල නිරන්තර යුධ ගැටුම් හා අස්ථාවර ආණ්ඩු නිර්මාණය කරන්න එක්සත් ජනපදයට අවශ්‍ය වෙනවා.

ඒ උපාය ක්‍රියාත්මක කරන්න එක්සත් ජනපදයට ඉන්න මැදපෙරදිග කළාපීය මිත්‍ර රාජ්‍යය තමයි ඊශ්‍රයාලය කියන්නෙ. ඊශ්‍රයාලය කියන්නෙ සුවච කීකරු ගෝලයෙක් කිව්වොත් නිවරදියි.

ඛනිජ තෙල් හා ස්වභාවීක වායු සම්පත් මගින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගාගෙන ශක්තිමත් වෙන මැදපෙරදිග / අරාබී රාජ්‍යයන් අස්ථාවර කිරීමේ කාර්‍යය පැවරෙන්නෙ ඊශ්‍රයාල පාල්ද්නයටත් මොසාඩ් ප්‍රමුඛ මිලිටරි යාන්ත්‍රණයටත්.

මේ කූට උපක්‍රම සාර්ථක කරගැනීමට එක්සත් ජනපද - ඊශ්‍රයාල හවුලට තියෙන පහසුවක් තමයි ඉස්ලාම් ආගමේ ඇති ඇතැම් නිශේධනාත්මක සංකල්පයන්. ඔවුන් නිරන්තරයෙන් ආගම වෙනුවෙන් වූ සංග්‍රාමයන්ට වැඩි ප්‍රවණතාවක් දක්වන පිරිසක්.

ඊශ්‍රයාල රාජ්‍යය විසින් කුඩා කුඩා ඉස්ලාම් ත්‍රස්ථ කල්ලීන් බිහිකරමින් ඒවා පෝෂණය කර රහසේ අනුග්‍රහය දක්වනවා. ඒ තමන්ට අභියෝගයක් විය හැකි අරාබී රාජ්‍යයන් තුල යුධ ගැටුම් ඇතිකිරීම සදහා.

 

palas 1

 

 

(ISIS කියන්නෙත් ඊට එක් උදාහරණයක්. පුදුම හිතෙනවා නේද ? ඒක තමයි එක්සත් ජනපද ක්‍රමවේදය. ත්‍රස්තවාදය ඇතිකරන්නෙත් ඔවුන් . ඒවා පෝෂණය කරන්නෙත් ඔවුන් අවසානයේ ඒවා මර්ධනය කිරීමේ ඉලක්කය පෙන්වා එම ත්‍රස්ථ කල්ලිවලට එරෙහිව යුධ වදින්නේත් ඔවුන්. දෙපාර්ශවයටම අවි ආයුධ සපයන්නෙත් ඔවුන් විසින්මයි. කවුරු මැරුණත් කමක් නෑ ලාභය ගොඩගැහෙනවා. ඒක තමයි නව ලිබරල් අධිරාජ්‍යයවාදයේ ස්වරූපය.)

 

 

කොහොමින් කොහොම හරි ඊශ්‍රයාලයේ මෙම මැදිහත්වීම් අරාබී රාජ්‍යයන්ට දැඩි හිසරදයක් වෙනවා. සෝවීයට් දේශය පවතින කාලයේ ලෝකයෙ හුගක් රටවල වාමාංශික රැල්ලක් හටගෙන තිඹුණා.

ඊජිත්තුවෙ අබ්දුල් ගමාර් නසාර් වැනි අරාබී නායකයින් කිහිපදෙනෙක්ද සෝවීයට් දේශයත් එක්ක දැඩි මිත්‍රත්වයකින් කටයුතු කලා.

එපමණක් නෙමෙයි ඔවුන්ගේ රාජ්‍යයන්වල සමාජවාදයට ලැදි පාලනයක් ගෙන යාමට උත්සාහ කලා. ප්‍රතිසංස්කරණ සිදුකලා.

නසාර් විසින් සූවස් ඇල ජනසතු කලා. නයිල් ගග හරස් කර අස්වාන් වේල්ල තනවා කෘෂි සංග්‍රාමයකට අත්පොත් තිබ්බා.

ලිබියාවේ ඉද්‍රිස් රජු පලවා හරිමින් බලය ලබාගත් තරුණ හමුදා නිළධාරීයෙක් අධ්‍යාපනය සෞඛ්‍ය ඇතුළු බොහොමයක් සේවාවන් ජනසතු කලා. මහපරිමාණ වාරී ව්‍යාපෘති අරඹා කාන්තාර බිම් පවා කෘෂි වගාබිම් බවට පරිවර්තනය කරන්නට උත්සාහ කලා. ඒ හමුදා නිළධාරීයා අපි බහුතරයක් අසා ඇති කර්නල් මුවමර් ගඩාෆී.

 

palas 4

 

 

මේ සෝවීයට් හිතවාදී රැල්ල එක්සත් ජනපදය ප්‍රමුඛ ධනේශ්වර බල කදවුරට දැඩි භීතීකාවක් ගෙන දුන්නා.

ඒ නිසා මැදපෙරදිග / අරාබීකරයේ සෝවීයට් හිතවාදී රැල්ල විනාශකිරීම වෙනුවෙන් එක්සත් ජනපදය විසින් ඊශ්‍රයාලය භාවීත කලා.

පසුකාලීනව සදාම් හුසේන්, අයතුල්ලා අල් කමේනී , අසාද් වැනි බටහිර විරෝධී නායකයින් බලයට පත්වීමත් සමග ඉරානය ඉරාකය සිරියාව වැනි රාජ්‍යයන් බිද දැමීමේ කුමණ්ත්‍රණයන්ටද ඊශ්‍රයාලය එක්සත් ජනපදය වෙනුවෙන් සහභාගී වුණා.

ඒ සියල්ලක්ම නිසා අරාබියත් ඊශ්‍රයාලයත් අතර නිර්මාණය වූයේ සතුරුභාවයන් මිස මිතුරුභාවයන් නොවෙයි.

ඒ හේතු සාධක තමයි අරාබියත් ඊශ්‍රයාලයත් අතර දිගුකාලීන යුධමය තත්ත්වයන්ට බලපෑවේ.

 

 

dimo 15

 

හැමවිටම පිපිරීමේ අවසාන කට්ටෙහි ඇති සතුරුභාවයන් යම් මතබේදාත්මක තත්ත්වයක් ඉස්මතු වූ වහාම පුපුරනවා. නමුත් බහුතරයක් අය දන්නෙ පිපිරීම පමනයි. පිපිරීමට පෙර පිපිරීමට අදාල තත්ත්වයන් නිර්මාණය වීම ගැන ඔවුන්ට අවබෝධයක් නෑ.

 

 

ඊශ්‍රයාල - ගාසා ( හමාස් ) ගැටුමද ඉකුත් සෙනසුරාදා උදෑසන 6:30 ආරම්භ වූවක් ලෙස හුවා දක්වමින් ඉතා සාමාකාමීව පැවති භූමීයක් වෙත හමාස් විසින් යුද්ධයක් නිර්මාණය කල බවක් පෙන්වීමට බහුතරයක් බටහිර මාධ්‍යය උත්සාහ කලද සැබැවින්ම මෙය තවත් එක් ප්‍රතිප්‍රහාරයක් පමණක් විය හැකියි.

 

සත්‍යය ලෙසම මේ සියල්ලෙහි හානීය හිමිවන්නෙ ගාසාවෙත්, බටහිර ඉවුරෙත්, ඊශ්‍රයාලයේත් ජීවත්වන අහිංසක සාමාන්‍ය ජනතාවක් මිස මෙම යුද්ධයන්ගේ නිර්මාපකයන් වන නරුම අධිරාජ්‍යයවාදයට නොවේ.

  • ඒත් ගිය සෙනසුරාදා ප්‍රහාරය බලහත්කාරයෙන් සිදුකල ආක්‍රමණයක් නේද ?
  • දේශසීමා බිදිමින් බලහත්කාරයෙන් භූමී ආක්‍රමණයක් සිදුකලේ ගාසා තීරයෙ හමාස්වරුන් නේද ?

___________________________________________

 

ඒ දේශසීමා බලහත්කාරයෙන් ඊශ්‍රයාලය විසින් නම් කල ඒවා මිසක් සත්‍යය ඒවා නෙමෙයි. කිලෝමීටර් 26×18 බිම්කඩක මිලියන දෙකහමාරක ජනතාවක් බලහත්කාරයෙන් කොටුකරලා ආහාර ඖෂධ ජලය කප්පාදූ කරලා විදුලිය දිනකට පැය හතරකට සීමා කරලා නිර්මාණය කල දේශ සීමාවලට එකග වෙන්න ඕන ද?

ඒ දේශසීමාවෙන් එපිට ජනතාවට ඒ මූලීක අයිතිවාසීකම් සියල්ල තියෙනවා. මෙපිටට නෑ. වෛරීසහගත මනෝභාවයන් නිර්මාණය කරන්නෙ එවන් අති ම්ලේච්ච තත්ත්වයන් විසින්.

 

ඒකෙන් සිද්ධ වෙන්නෙ ඊශ්‍රායල සාමාන්‍ය ජනතාව කෙරෙහි පලස්තීනූවන් තුල වෛරයක් නිර්මාණය වීම සහා පෝෂණය වීම මිස සාමය සදහා බලාපොරොත්තු ඇතිවීම නොවෙයි.

 

=====================================

 

හමාස් සන්නද්ධ කල්ලි විසින් ඊශ්‍රයාල දරුවන් හා කාන්තාවන් ම්ලේච්ච අයුරින් මරා දමා තිබෙනවා. ඒක ත්‍රස්ථ ක්‍රියාවක් නෙමෙයි ද ?

ඊළග වැදගත්ම කරුණ ඒක. කුඩා දරුවන් හා කාන්තාවන් මරාදැමීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා බහුතරයක් සාවද්‍යයි.

බහුතරයක් වීඩීයෝ පට බටහිර යුධ චිත්‍රපටවලින් උපුටාගත් කොටස් සංස්කරණය කර නිර්මාණය කල ඒවා.

තවත් ඒවා පසුගිය කාලේ ඊශ්‍රයාල - එක්සත් ජනපද හවුල විසින් සිරියාවේ අසාද් පාලනයට එරෙහිව නිර්මාණය කල ISIS සංවිධානයේ සහා නයිජීරීයාවේ ක්‍රියාත්මක බොකෝහරාම් ත්‍රස්තයන්ගේ වීඩීයෝ පට ඇසුරින් සංස්කරණය කල ඒවා.

@Tharaka WijeBahu fb පිටුවෙන්

නවතම ලිපි