SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ඉන්දියාවේ පැවැත්වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී ශ‍්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් සහභාගීවීම සඳහා තමන් ද සූදානම් බවට ක්‍රිකට් ලෝලීන් රැසක් අදහස් පත් කර තිබේ.

තම සමාජ ජාල ගිණුම්වල සටහන් තබමින් ඇතැමුන් මේ බව සදහන් කර ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය මත ක්‍රිකට් ප්‍රේක්ෂකයන් වන තමන්ද ඕනෑම මොහොතක කැඳ වීමේ ඉඩකඩක් ඇති බවයි.

 

ඒ නිසා සූදානමින් සිටින බව ඔවුන් තම සමාජ ගිණුම් වල සටහන් තබමින් ක්‍රියා සිටිති.

 

ශ‍්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තරඟාවලියේ මේ වන විට දරුණු පසුබෑමකට ලක්ව සිටින අතර සියලුම කණ්ඩායම් අතර අවසාන ස්ථානයේ පසුවෙයි.

 

ama

ලංකාවේ ක්‍රිකට් ගැන උනන්දු සහ ජනප්‍රිය ක්‍රිකට් ලෝලියෙකුගේ පෝස්ටුවක්..

 

 

ලෝක කුසලානය සඳහා තරඟ වැදුනු කණ්ඩායම ලංකාවෙන් පිටව යද්දී  ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ  සුභ පැතුමක් හෝ ලබානොදෙමින් කියා තිබුණේ දිනන හැටි බලාගන්න පුළුවන් වැනි කතාවක්  කියමින්  ක්‍රිකට් ආයතනය සමග වන ආරෝව එළීයට දැමීමකි.

ඒ මහජන මුදලින් නඩත්තු වන අමාත්‍යාංශයක් පානලය කරන  මහජන ඡන්දයෙන් තේරී පත්වූ ජනතා නායකයෙකුගේ ක්‍රියාකලාපයයි.

 

දේශපාලන ඇඟිලිගැසීම් නිසා ලංකාවේ ක්‍රිකට් තහනමකට පවා ලක්වන්නට තිබී ජනාධිපිවරයාගේ මැදිහත්වීම මත යළිත් ක්‍රියාත්මක වී ආසියානු කුසලාන අනුශූරතාවය දිනාගත්තේද මෙකී පසුබිම තුළය.

 

ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේ දක්ෂතාවල අඩුපාඩුවකට වඩා ඔවුන්ට මානසිකව දරා ගැනීමේ සහ තත්වයන්ට මුහුණ දීමේ ශක්තියක් නැති බවට තවත් පිරිසකගේ අදහස වී ඇත.

 

ඒ නිසාම තරඟ ජයග්‍රහණයන් පෙනි පෙනී තරඟය අත්හැරීම වැනි බිඳවැටීම්වලට ලක්වන බව ඔවුන්ගේ අදහස ය.

 

ක්‍රිකට් ලෝලීන් සමාජ ජාල ඔස්සේ චෝදනා කරන්නේ ක්‍රිකට් ලෝක කුසලාන සඳහා කිසිදු පූර්ව සූදානමකින් ක්‍රිකට් බලධාරීන් කටයුතු නොකළ බවයි.

ඒ නිසා ලෝක කුසලාන තරගාවලියේ  මැද පවා ආදේශ ක්‍රීඩකයන් සෙවීමට ක්‍රිකට් බලධාරීන්ට සිදුව ඇති බවත් ඔවුන්ගේ අදහසයි.

 

කෙසේ වුවත් මේ වනවිට ක්‍රීඩකයන් කිහිප දෙනකුම ආබාධයන්ට ලක් වීමෙන් තරගාවලිය අහිමි වී ඇති තත්ත්වය යටතේ ඇන්ජලෝ මැතිව්ස් සහ දුෂ්මන්ත චමීර ද ඉන්දියාවට හදිසි කැඳවීම් ලැබ ඇති අතර ඉදිරි තරඟ සියල්ලටම ශක්තිමත්ව  මුහුණ දීමට තරම් සුදුසු කණ්ඩායමක් ලංකාව සතුව ඇති බවද විශ්ලේෂකයින්ගේ අදහසය.

 

ama 2ama 4

ama3

නවතම ලිපි