SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

 ලෝක කුසලාන මීළඟ තරඟය ලංකාව සහ ඔිස්ට්‍රේලියාව අතර  ඉන්දියාවේ ලක්නව්හිදී අද පැවැත්වෙන අතර අද ලංකා කණ්ඩායමට නායකත්වය දරන්නේ කුසල් මෙන්ඩිස් විසිනි.

ලෝක කුසලාන තරගාවලියේ මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව සිටීම සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ චෝදනා එල්ල කර ඇත්තේ ලංකා ක්‍රිකට් ආයතනයටයි.

 

ඔහු පෙන්වා දෙන්නේ ලෝක කුසලාන තරඟාවලිය අත ලඟ තබාගෙන ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ක්‍රීඩා කිරීමෙන් ප්‍රධාන ක්‍රීඩකයන් කිහිප දෙනෙකු ආබාධයට ලක්වූ බවයි.

ඒ නිසා ඔවුන් නොමැතිව ක්‍රීඩා කිරීම මත ශ්‍රී ලංකාවට මෙම තත්ත්වය උද්ගත වී ඇතැයි  ඔහු කියයි.

 

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට තමන් අනුමැති නොදුන් බවත් එය මේ මොහොතේ පැවැත්විය යුතු නැති බවත් තමන්ගේ අදහස වූ නමුත් එය නොතකා ක්‍රිකට් ආයතනය විසින් එම තරගාවලිය පැවැත්වූ බවටද ඇමතිවරයා පවසයි.

කෙසේ වුවත් ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය වෙනුවෙන් ජනාධිපති වික්‍රමසිංහ දැක්වූ සහයෝගය හා ප්‍රතිචාරයන් පිළිබඳව මෙහිදී ක්‍රීඩා අමාත්‍යවරයා කිසිවක් නොකියා මගහැරීම විශේෂත්වයකි.

 

 

මේ වනවිට පවත්වාගෙන යා ‌නොහැකි ප්‍රමාණයක් නඩු පැවැරී ඇති ක්‍රීඩා අමාත්‍යාංශයට තවත් නඩු නිමිත්තක් එක්කරමින් ක්‍රීඩා අමාත්‍යවරයා පවසන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමන් නීතිපතිවරයාගෙන් ඉල්ලා ඇති බවත්  නීතිපතිවරයා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් නඩු කටයුතු ආරම්භ කරනු ඇති බවත් ය.

 

 

කෙසේ වුවද ලංකාව තුළ ලංකා  ප්‍රිමියර් ලීග් තරඟාවලියක් පැවැත්වීමේදී ක්‍රිකට් ආයතනය සහ ලංකාවට ලැබෙන  මූල්‍යමය  වාසිය මෙන්ම දිස්ත්‍රික් මට්ටමින් දක්ෂතා සහිත නව ක්‍රීඩකයින්  සොයාගැනීමටත් අවස්ථාවක් බව  මේ පිළිබඳ අදහස් දක්වන්නන් කියා සිටියි.

 

නමුත් ක්‍රීඩා අමාත්‍යාංශය තුළ පවතින්නේ මෙවන් දේශපාලන කඹ ඇදීමක් නම් ක්‍රීඩාවේ සැබෑ අර්ථයෙන් ජයග්‍රහණයකට යෑමට ලංකාවේ ක්‍රීඩකයින්ට අවස්ථාවක් නොලැබෙනු ඇති බවද විචාරකයින්ගේ අදහස වී ඇත. ජනාධිපතිවරයාගේ මේ පිළිබඳ පිළිතුර වී ඇත්තේ ස්වාධීන ක්‍රීඩා පනතක් ඇතිකිරීම වන අතර මෙකී ප්‍රශ්නය ඇදී ආ හෑම අවස්ථාවකදීම එම ක්‍රීඩා පනත ගෙනඒම පිළිබඳව අදහස ඉදිරිපත් වී ඇත. මේ වනවිට එම පනතේ මූලික සැලැස්ම  ජනාධිපතිවරයා විසින් පත්කළ කමිටුවක් විසින් සකස්කර අවසන්ව ඇති බව ද එකී  ආරංචිමාර්ග දන්වා සිටියි.