SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ අසත්‍ය සහ වෛරී පුවත පළ කරන්නේ වත්මන් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාටම අයිති මව්බිම කියන පුවත්පතේ නිල ෆේස්බුක් පිටුවේ.

මේක ඔවුන් දාන්නේ මැයි 9 වැනිදා. මෙතන ගිනිගේ කියලා නම් කරන්නේ මා බව පැහැදිලියි.

 

නමුත් මේ ඉන්නේ මා නොවෙයි. මා කිසිම ආකාරයකින් කිසිම ප්‍රචණ්ඩත්වයකට සහභාගී වෙනවා තියා අනුබල දීලාවත් නැහැ. ගෝල්ෆේස් අරගල භූමියට තබා මැයි 9 වැනිදා අරලිය ගහ මන්දීරයටවත් ගියේ නැහැ. වෙනත් පුද්ගලයෙකුට සාහසික අරගලකරුවන් විසින් පහර දෙන මේ වීඩියෝවට මගේ නම දාලා මව්බිම පුවත්පත මේ කර තිබෙන බරපතල වරදට පිළියම් මොනවාද?

 

මේ වීඩියෝව දහස් ගණනක් නරඹා තිබෙනවා. එහි තිබෙන්නේ සාහසික ලේ පිපාසිත ම්ලේච්ඡ අරගලකරුවන්ගේ comments. මේක ෆේස්බුක් එකට report කළාට අද වෙනකල් කිසිම ක්‍රියාමාර්ගයක් අරගෙනත් නැහැ. තාමත් ඒක තියෙනවා. මේක දහස් ගණනක් share කර තිබෙනවා. මෙයින් මා පිළිබඳව සමාජයේ ඇති කළ වැරදි අදහසට වගකියන්නේ කවුද?

මේකේ වගකීම ටිරාන් අලස් ගන්නවද? ඔහු හෝ ඔහුගේ පුවත්පත මගෙන් සමාව ගන්නවද?

 

 

WhatsApp Image 2023 10 15 at 12.07.46

 

මේවට නඩු කියන්න වියදම් කරන්න මුදල් මට නැහැ. නඩු කිව්වොත් ඔවුන් කියයි ලංකාවේ ගිනිගේලා ඉන්නේ මා විතරක් නොවෙයි කියා. මේක දැකලා මට කරන නින්දා අපහාස සහ බොරු චෝදනා මට හැමදාටම විඳින්න වෙනවා. හැබැයි රටේ මහජන ආරක්ෂාව භාර ඇමති ටිරාන් අලස් සමාජ මාධ්‍යයේ මා වැනි පුරවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පනත් කෙටුම්පත් ගේනවා. රංග කලන්සුරියලා කියනවා පනත් එපා අපි ස්වයං නියාමනය කරගමු කියලා.

 

දැන් ටිරාන්ගේ පත්තරේ උදවිය මෙතන කරගෙන තියෙන ස්වයං නියාමනය කුමක්ද? මේකද මාධ්‍යකරණය? ෆේස්බුක් එකේ community standards කෝ? අනිවාර්යෙන්ම කිසියම් රාජ්‍ය ව්‍යුහයක් අවශ්‍යයි මෙවැනි අසාධාරණකම් ගැන කියන්න සහ වහාම ඒවාට විරුද්ධව පියවර ගන්න. ධර්මය අපට මග වේවා!

 

@Eranda Ginige