SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මම හිටියේ ඊජිප්තුවේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ ඇසිඩ් කියන නගරයක.

හවසට මං කරන්නෙ රස්තියාදු ගහන එක. එක එක ජනාකීර්ණ පාරවල් වල කඩ අහු මුලු වල කිසිම තේරුමක් නැතිව ඇවිදගෙන යනව..මොනව හරි අලුත් දෙයක් දැක්කම සිද්දි දැක්කම නැවතිලා බලං ඉන්නව..

 

සපත්තු පොලිශ් කරන කුඩා ලමුන් පත්තර කොළ උඩ රොටී දාගෙන කෑ ගගහ විකුනන කලු ලෝගු ඇඳගත්තු වෙලෙන්දෝ ...පලතුරු ජුස් කඩ ශීශා කඩ මොට්ටැක්කිලි දා ගත්ත ගෑනු ..ඉඳිආප්ප වන්ගෙඩියෙන් එළියට එන අමු මස් හීන් තීරු මන්චි කොල එක්ක අඹරල හදන වඩේ කඩවල් රෙදි සාප්පු සෙනග පිරුනු කේබල් දිගේ යන ට්‍රෑම් කෝච්චි .....අහස උසට වටෙන්ම තියෙන කොටු කොටු විශාල විශාල අපාර්ට්මන්ට්ස්...එලියෙ බැල්කනියෙ රෙදි වනපු බිල්ඩින්..කූඹි රැලවල් වගේ මිනිස් පෙරහැරවල් මිනිස් පොකුරු...එක එක මූනු..මූනු ඇතුලෙ කතා..මං කැන්ගරු පොකට් දෙකේ අත් දෙක දාගෙන ඇවිදිනව..‍

 

හැම තැනම තියෙන මුස්ලිම් පල්ලිවල ලවුන්ස් පීකර් වලින් එන කුරානෙ කියවන සද්ද අනිත් සේරම සද්ද යට කරං උඩට එනව..කුරාන සද්දෙ තමයි අන් කිසිදු ශබ්දයකට වඩා ප්‍රබල. ආගමෙන් තොරව ජීවිතයක් නෑ..මං එහේ හවසට ශීශ බොන්න යනව.එතන පාඩුවේ තනියෙන් ඉන්න අය ඉන්න තැනක වාඩිවෙලා ඒ ගොල්ලො කතාවට අල්ල ගන්නව..අන්තිමට මම ඒ ගෙවල් වල පවා යනව..ඒ ගෙවල් ඇතුලෙත් ආගම..පුංච් දරුවන්ට බහ තෝරන්නෙ "අල්ලා " කියල..නොකල යුතු දෙයක් කරොත් ඇස් ලොකු කරල පුදුම වෙන්නෙත් " අල්ලා" කියල..ලස්සන කෙල්ලෙක් දැක්කමත් කොල්ලො "අල්ලා" කියන්නෙ.කකුල ගලක හැපුනත් අපෙන් "අම්මෝ"කියවෙනව වගේ කටෙන් එලියට පනින්නෙ " අල්ලා" කියල..කොටින්ම ගැනියෙකුගෙ පිරිමියෙකුගෙ සුරතාන්තයේ කෙලවර හීන් කෙඳිරියත් එක්ක කියවෙන්නෙත් "අල්ලා" කියල..අල්ලගෙන් ගැලවෙන්න තියා එහෙම එකක් හිතන්නවත් තේරෙන්නෙ නෑ."අල්ලා" තමයි සේරම..

 

දවසක් එහේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ විශ්ව විද්යාලයක සමාජ විද්‍යාව උගන්වන මගේ යාලුවෙක් ඇහුව උඹේ ආගම මොකද්ද කියල මගෙන්.මං කිව්ව තාත්තගෙ ආගම තමා මට ආවෙ.ඒ ආගමේ ඉන්නෙ "බුද්ධ " කියල කෙනෙක් කියල මං ගූගල් ගිහින් බුදුන්ගෙ ෆොටෝ එකක් පෙන්නුවා.මිනිහට හොඳටම හිනා..මිනිහෙක් කොහොමද දෙවියෙක් වෙන්නෙ කියල මිනිහට හිනා.ලෝකෙම ඉන්නෙ "අල්ලා" දෙවියො විතරමලු..මං ඇහුව ෆොටෝ එකක් එහෙම නැද්ද කියල..ෆොටෝ මොකටද මේ ඉන්නෙ කියල අහසට අත් දෙක දික් කරලා " අල්ලා" කිව්ව..මේ හැම තැනම හැම දේම අල්ලගෙලු..මමත් ඔව් ඔව් කියල එකඟ වෙලා සද්ද නොකර හිටිය.

 

ලංකාවෙන් වැඩට ගිහිපු එහේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පදිංචි වෙච්ච පවුලක පිරිමි කෙනාට මානසික අවුලක් වෙලා එක්ක යන්න උනා සයිකැට්ට්‍රික් කෙනෙක් ලඟට..එයා මෙයත් එක්ක කතා කරකර ඉන්න අතරෙ එක පාරටම අපට එක්ස්කියුස් කරල ඒ රූම් එකේම යාඥ්ඥා කරා.." අල්ලා" කියල දිග හුස්මක් අරන් ආපහු කතාව පටන් ගත්ත.එහේ සේරමගෙ නලලෙ කලු කරගැටයක් තියෙනවා.ඒ පොළවෙ නළල තියල තියල තියල හමේ හැදෙන ගැට..

එහේ ඇලෙක්සැන්ඩ්‍රියාවේ පුස්තකාලෙදි මට හම්බ උනා කෙල්ලෙක්.එයා එක්ක මං ගොඩාක් යාලු උනා. මං මොන තරම් සූක්ශ්ම තක්කඩියෙක්ද කියන්නෙ මං එයාගෙ ඔලුව වහන් ඉන්න මොට්ටැක්කිලිය පවා ගලවල බැලුව..ඒ වෙලේ එයා "අල්ලා" " අල්ලා" කියල අල්ලගෙන් සමාව ගත්ත..එයා එහේ දර්ශනය මාස්ටර් එකක් තියෙන මියුසියම් එකේ දේශකයෙක්.ඊජිප්තු ඉතිහාසය විතරක් නෙවේ එයා ඇරිස්ටෝටල් ප්ලූටෝ ප්‍රයිතගරස් ගාන්ධි ලෙනින් මාර්ක්ස් ෆ්‍රොයිඩ් ඩේල් කානගී ...වගේ එක එක පැති හදාරල තිබ්බ..ඕනම දෙයක් නිදහසේ අපි කතා කරා..මං එයත් එක්ක තමා ලොක්සර් අස්වාන් අබුසිම්බල් බලන්න ගියේ කෝච්චියේ..එක රෑක අපි හශීශ් බිව්ව..අපි හෙමින් හෙමින් කුරානයට ආව..මං කිව්ව කුරානෙ ලිව්වෙ කවුද අන්න එයා තමයි "අල්ලා " කියල. ඒ කියන්නෙ ෆ්‍රොෆෙට් මොහම්මද් තමා අල්ල කියන්නෙ..මං තව කිව්ව" අල්ලා" කියන්නෙ ශබ්දයක් වචනයක් විතරයි නේ කියල..ගෑනි එක පාරටම ආහ් "අල්ලා" " අල්ලා" කියල අල්ලගෙන් සමාව ගත්ත. මම ඇයි සමාව ගත්තෙ කියල.ගෑනි කියනව මට ඇහුම්කන් දුන්නටලු අල්ලගෙන් සමාව ගත්තෙ..

 

නෝම්බි කාලෙට මාසෙකට කලින් ඉඳලම නගරයේ ඉඩ තියෙන අහුමුළු වල බැටලුවො පට්ටි..හරක් පට්ටි..අර ලොකුම ලොකු පට්ටි හරක් පට්ටි..ඒ අතරෙ වෙනමම ඔටුවො..පොඩි ලමයි එනව තාත්තල අම්මල එක්ක..තමන්ට සල්ලි තියෙන විදියට සතාව තෝරගෙන කනේ ටැග් එකක් දානව අපාර්ට්මන්ට්ස් එකයි නමයි ගෙදර අංකෙයි දාල..හවසට ඔන්න සෙල්ලම් කරල ඉවර වෙලා එනව පොඩි උන් තමන්ගෙ සතා බලන්න..ඌ අතගානව..කවනව..කන් වලින් අදිනව..සමහර පොඩිඋන් බැටලුවන්ගෙ කරේ..උන් නැට්ට වන වන බලං ඉන්නෙ හවසට පොඩි උන් එනකම් හුරතල් වෙන්න..මෙන්න මෙහෙම කන්න දීල හුරතල් වෙලා නෝම්බි දවසට උදෙන්ම එනව..අර පොඩි උන්ම තමා තමන්ගෙ සතා කව්ද කියල බෙල්ල කපන මිනිහට පෙන්නන්නෙ..ඒ සතා අර පොඩ් උන් දිහා බලනවා මරන්න ඇදන් එනකොටත්..ඔන්න " "අල්ලාහු අක්බාර් "කියල යන්හම් බෙල්ල කපල මැරෙන්න අයින් වලට දානව..අර පොඩි උන් ආසාවෙන් " අල්ලා" .." අල්ලා" කිය කිය උඩ පැන පැන අර පන අදින සතාගෙ ලේ විදින හැට් බලන් ඉන්නවා...

 

" අල්ලා " ඉන්නවා මුස්ලිම් භාශාව මේ ලෝකෙ තියෙනකම්.. භාශාවෙ ඇතුලෙ තමා දෙවිය ඉන්නෙ..භාශාව එන්නෙ හුස්ම නිසා..හුස්ම කියන්නෙ හුළං ..

මේ දිනවල හමාස් ගරිල්ලන්නට සර්ව බලධාරී අල්ලා දෙවියන්ගේ පිහිට ආර්ක්ශාව ලැබේවා..

අල්ලාහු අක්බර් !

 

@Sarath premathilaka Fb

නවතම ලිපි