SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මිතුරන් නැසීයාම සසර දුකකි !!!

ඕනෑ ම දේශපාලන මතයක් දැරීමේ අයිතිය ජැක්සන් සතුව ඇත(මහින්ද බුදුන්ගේ නෑයෙකු බව කීම ද අතුලූ ව).

 

ජැකාගේ මතය ට පහර දීමේ අයිතිය ද අනෙකා ට ඇත.

එහෙත් - ඔහුගේ මතවාදය නිසා ඔහු ‘‘මැරේ’වා’’ යැ’යි පතන තරම ට අපේ සමාජය කුණු වී හමාර ය.

ජැක්සන් රාජපක්ෂකරණය වූවා ට යහමින් සල්ලිය බාගෙ හරි හම්බ කළේ ද නැත. ඔහු ට ලැබුණේ ඔය පොඩි පොඩි ඇඞ්වර්ටයිසින් වැඩ ය.

ඔහුගේ චරිතය සැහැල්ලූ ය. වෛරී චේතනාවන් නැති තරම ය. කාටත් කටුව ගසන්නේ ද නැත.

වරක් - බීමත් ව සිටි මා ඔහු ට බැන්ණේ අම්ම මෝ නැති ව මහ පිරිසක් මැද ය.

ඔහු නො වේ කටක් සෙළ වූ යේ.

පසු දා මා සමාව ඉල්ලූ කල ඔහු කීවේ ‘‘පිස්සුද බං.....මම දන් නැද්ද උඹ ගැන.....සමාව ඉල්ලන්න ඕනෙ නැහැ’’

මා ඔහු දන්නේ වසර හතළිහක පමණ සිට ය.

ඔහු ට විරුද්ධව ලියූ කල මා හා තරහ වූයේ ද නැත.

සංස්කෘතික - වියත් මිනිසකු ලෙස ඔහු ජීවත් විය යුතු ව තිබිණි.

ඔහු පැතූ මෝක්ෂය ල`ගා වේවා !!!

 

@Sirimal Wijesinghe

නවතම ලිපි