SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

චමීර දෙද්දුවගේ කියලා අවුරුදු 35 ක විතර අරගල නායකයෙක් හිටියා. එයා මෑතකදී ඉන්දියාවේ The Week නමැති පුවත්පතට මෙහෙම කියනවා:

“අරගලයෙන් වුණ එකම වෙනස තමයි රටේ ජනාධිපති මාරු වීම. කොළඹ ඉහළ පන්තියේ උන් වික්‍රමසිංහට කැමතියි. ඒ ඇරෙන්න වෙන කිසිම වැදගත් වෙනසක් අරගලයෙන් වුණේ නැහැ.” චමීරට දැන් සැපද කියලා තමයි අපිට අහන්න තියෙන්නේ…

 

චමීර කියන්නේ අරගලය දවස්වල ෆැරන්හයිට් දාහක උණෙන් හිටිය පොරක්. මිනිහා හිතාගෙන හිටියේ මිනිහා කරන්නේ ප්‍රංශ විප්ලවය කියලයි. එයා ඒ දවස්වල අපිට කතා කළේ නාට්සි ජර්මානුවන් යුදෙව්වන්ට කතා කරනවා වගේ. කාලෙකට කලින් චමීර සිංහල බෞද්ධ ජාතිවාදියෙක්. ඒ කාලේ ලියූ මරු ලිපි එහෙම තියෙනවා. නමුත් මිනිහා කොළඹ ඇඩ්වර්ටයිසින් ඒජන්සියක රස්සාවක් කරන්න ගත්තට පස්සේ ඒ සිංහල බෞද්ධ අදහස් අවුල් යනවා. ඒ සංසිද්ධිය මා දැක තිබෙනවා බොහෝ තරුණ තරුණියන්ට වෙනවා.

 

ඇඩ්වර්ටයිසින් ඒජන්සි කියන්නේ කොළඹ සමාජයේ තියෙන පිස් පෝච්චි. ඒවායේ තියෙන්නේ ගංජා කල්චර් එක. චමීරම ඔය කියන කොළඹ කුලීන සමාජයේ සාමාජිකයෙකු වෙන්න නොතිත් ආසාවෙන් පෙළෙන මෝඩ කොල්ලො කෙල්ලො ඒවා ඇතුළේ දාන විජාතික සංස්කෘතික ගොන්පාර්ට් දැක්කම බඩ අල්ලන් හිනා යනවා. ඇපල් මැක් එකක් අතට දුන්නම උන් හිතනවා උන් උපතින් ප්‍රභූ ධනේශ්වර කියලා.

 

ගමේ පන්සලේ දහම් පාසලට ගිය දුප්පත් කොල්ලෙකු ඒ කොළඹ කුලීන උප සංස්කෘතියට එක්වරම නිරාවරණය වුණාම ඒ කම්පනය දරාගන්න අමාරුයි. අරගලය තුළ විශේෂයෙන්ම අවභාවිත වුණ කණ්ඩායමක් තමයි ඔය කොළඹ ඇඩ්වර්ටයිසින් සෙට් එක. සමහර ඒජන්සි අයිතිකරුවන් නිල වශයෙන් කිව්වලු තම සේවකයන්ට අරගලයට යන්න කියලා. හැබැයි සමහර ඒජන්සි අයිතිකරුවන් මට කියා තිබෙනවා ඔය චමීර වගේ තරුණයන් ගැන ඔවුන් ඇත්තටම හිතන විදිහ. ඒවා කතා වෙන්නේ ටොප් ක්ලියන්ට්ස්ලා සමග තියෙන ප්‍රයිවට් කොක්ටේල්ස්වලදී. ඇඩ්වර්ටයිසින් කියන්නේ කිසියම් භාණ්ඩයකට පාරිභෝගිකයන්ව වශී කරගැනීම. මුලින්ම වශී කරගන්න පාරිභෝගිකයන් තමයි ඒවායේ වැඩ කරන කොල්ලො කෙල්ලො ටික. චමීරලා වගේ උන් හිතන්නේ උන් හෙන නිදහස් පොරවල් කියලයි. නමුත් උන්ගේ බුද්ධිමය නිර්මාණ සාරය තුට්ටු දෙකට උරා බොන වැම්පයර්ලා උන් පස්ස හැරුනම උන්ට විරිත්තනවා කියලා උන් දන්නේ නැහැ. දිලිත් ජයවීර එහෙම ඒකට හරිම දක්ෂයි.

 

චමීරගේ මිත්‍රයා තමයි බුද්ධි ප්‍රබෝධ. එයත් හිටියේ ඔය නිල් පාට රෝස පාට ඇඩ්වර්ටයිසින් ලෝකයේ. The Week පුවත්පත කියන හැටියට අරගලය අසාර්ථක වීමෙන් හටගත් චිත්ත සන්තාපය නිසා බුද්ධි සියදිවි නසාගෙන. ඔහු කලක සිට මානසික රෝගයකින් පෙළෙමින් හිඳ තිබෙනවා. එවැනි තරුණයන්ව සිය දේශපාලන බල ව්‍යාපෘති වෙනුවෙන් දේශපාලන අතකොළු හැටියට යොදාගැනීම අන්තිම කුරිරු වැඩක්. ඒ මරණයට චමීර වගේ අයත් වග කියන්න ඕනා. එකට අරගල කළා නම් ඒ ළමයට අමාරු වෙලාවේ එකටම ළඟින්ම ඉන්න ඕනා. නමුත් ඔය ඇඩ්වර්ටයිසින් ලෝකය කියන්නේ අන්තිම ආත්මාර්ථකාමී තුච්ච පෙරේත ලෝකයක්. ඒවායේ රස්සා කරන්නේ පූරුවේ පවට.

 

 

අරගලයට කලින් චමීර ෆේස්බුක් එකේ වහසි බස් දොඩමින් හිටියේ “ලැබෙන පළමු අවස්ථාවේම මේ කාලකන්නි රටෙන් යනවා” කියලයි. තමන්ගේ මාතෘ භුමිය ගැන ඔහු බද්ධ වෛරයෙන් ඉන්නේ. බෞද්ධ සිංහල සංස්කෘතිය සහ විජාතික බම්බු සමග අභ්‍යන්තර අවුලෙන් ඉන්නේ. අර සංස්කෘතික කම්පනය සහ පුද්ගලික ජීවිතයේ අර්බුද නිසා වියවුල් මනසකින් හිටියේ. එවැනි කැළඹුණු අස්ථායි තරුණ තරුණියන් තමයි අරගලයට කියලා ඉස්සරහට යැව්වේ. ඒවා අරගල නොවෙයි. ඊනියා අරගලය අසාර්ථක නැහැ. අසාර්ථක වුණේ චමීර දෙද්දුවගේ වැනි නොදැනුවත් තරුණයන්. ඔහු ගැන මට කණගාටුයි.

 

 

ධර්මය හරියට තේරුම් අරගෙන හිටියා නම් ජීවිතයේ අභියෝගවලට ඉවසීමෙන් මුහුණ දෙන්න ඔහුට තිබුණා. මම සෑහෙන්න උත්සාහ කළා ඔහුට ධර්ම මාර්ගය පෙන්වන්න. එහෙත් ඔහු වැටිලා ඉන්න අන්ධකාරය ප්‍රබලයි. චමීරලා කරපු මෝඩ වැඩෙන් අන්තිමට වුණේ මේ රටේ තරුණ තරුණියන්ගේ අනාගතය විනාශ වීමයි. ඇත්තටම සිස්ටම් චේන්ජ් කරන්න තිබුණු වටිනා අවස්ථාව විනාශ කර දැමීමයි. ඒ පාපයෙන් චමීරට ඔහොම ලෙහෙසියෙන් ගැලවෙන්න බැහැ. වරද නිවැරදි කළ යුතුයි. ධර්මය අපට මග වේවා!

 

@ එරන්ද ගිනිගේ

නවතම ලිපි