SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

පසුගිය දින කීපයේ ඇදහැලෙන නොනවතින ධාරාණිපාත වර්ෂාව හේතුකොටගෙන මාතර, වල්පොල්, වේරගම්පිට, කන්දේවත්ත, පිලදූව,උයන්වත්ත යන ප්‍රාදේශීය කොට්ඨාශ ඇතුලු තදාසන්න පෙදෙස් බොහොමයක් දැඩි ගංවතුර තර්ජනයට මුහුණ දෙමින් පසුවන්නේ වැසි ජලය පිරීමෙන් ඇතිවූ තත්වය හමුවේය.

නාගරික මංත්‍රී මලිඳු ගජදීර සමග ඔහුගේ සහන කණ්ඩායම් අවතැන් වූවන්ට සරණක් වෙයි!

 

WhatsApp Image 2023 10 06 at 20.26.10

මලිඳු ගජදීර

 

මාතර හිටපු නාගරික මංත්‍රී මලිඳු ගජදීර විසින් රජය ක්‍රියාත්මක වීමට පෙරම, තම හිතමිතුරන්ගේ ආධාර උපකාර සහිතව ඉතා දිගු දුර දකිමින් ක්‍රියාත්මක වීම තුළ වහාම "ගංවතුර ගැන" යන තේමාවෙන් ව්ට්සැප් ගෲපයක් නිර්මාණය කරමින් අවතැන් වූවන්ට මුලින්ම ආහාර පාන ලබාදීමට කටයුතු කර ඇත.

 

හුදෙක් වට්සැප් ගෲපය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේවන විට සමාජ මාධ්‍ය හරහා ඇතමුන් මෙය විහිළුවක් ලෙස ගෙන කරන අසත්‍ය ප්‍රකාශ නිසාත් ජනතාව ඉතා කුඩා දෙයකට පවා සංවේදීව කළබලවන නිසාත්, නිවැරැදි කාළගුණ දත්ත තොරතුරු අදාල ආයතන හා සම්බන්ධව ලබාදෙමින් අනතුර හමුවේ නියමාකාරයෙන් මුහුණ දෙන්න  අවශ්‍ය ඉඩහසර නිර්මාණය කිරීම බව පැහැදිලි කර තිබුනි. ඒ වෙනුවෙන් ඔහු සහන සේවා කණ්ඩායම් සමග එක්ව පැය විසිහතරේම ක්‍රියාත්මක වී ඇත.

 

නිල්වලා 2

 

කාන්තා සනීපාරක්ෂාවට ජර්මනියෙන් සහන!

 

ගංවතුර තර්ජන හා සමාන්තරව ඇතිවන විශේෂයෙන්ම කාන්තා සනීපාරෂක ගැටළු වෙනුවෙන් නීතීඥ, සමාජ ක්‍රියාකාරිනී, සුභාෂිණි විප්ලර් විසින් සනීපාරෂක තුවා නිසිලෙස භාවිතා කරන ලෙසත්, ඒ වෙනුවෙන් නාගරික මංත්‍රී මලිඳු ගජදීර හරහා සහන කණ්ඩායම් වෙත අවශ්‍ය ආධාර ලබාදෙන බවත් ප්‍රකාශ කොට ඇත.

 

 

 සුභාෂිනී විෆ්ලර්

 

 

නිල්වලා කොමළිය "චෙක් පොයින්ට් " සංගීතාඝාරයත් අනසකට ගෙන හමාරයි!

 

ශ්‍රී ලාකේය පළමු තොමසුව බිහිකළ ඓතිහාසික රුහුණේ ප්‍රසිද්ධ ඔක්ටපෑඩ් වාදකයකු මෙන්ම ශබ්ධාගාර ඉංජිනේරුවකු වූ දොන් රජීව් ගේ ශබ්ධාගාරයද දැඩි ගංවතුර නිසා විනාශ වී ඇත.

 

 

 

මාතර, ප්‍රතික්ෂේප කළ මනෝජ් සිරිසේනගෙන් මළිදු ගජදීරට සහන දෙන්න සහන මල්ලක්.!

 

මාතර පාර්ලිමේන්තු දේශපාලන ඉතිහාසයේ මෙතෙක් මංගල සමරවීරගෙන් පසුව ජනදුකට පිහිටවූ හිටපු පාර්ලිමේන්තු මංත්‍රී මනොජ් සිරිසේන පසුගිය මැතිවරණයෙන් මාතර ප්‍රෞඩ ජනතාව ප්‍රතික්ෂේප කළහ. ඒ රාජපක්ෂ පවුල් පාලනය මාතර ස්ථාපනය කිරීමේ අදහසිනි. කෙසේ නමුත් ඒ කොරෝනා සමයේත් ඔහු මාතර ජනතාව තම පවුලේ අයමෙන් රැකබලා ගත් ජනතා නායකයෙක් විය.

මේ වනවිට ඔස්ට්‍රේලියාවට ගොස් සිටින මංත්‍රී මනෝජ් විසින්, අවතැන් වූ මාතර වල්පොල වේරගම්පිට,පිළදුව,කන්දේවත්ත, හා උයන්වත්ත ජනතාවට සහන දෙන්න සූදානමින් ඇති බවත්, එය හිටපු නාගරික මංත්‍රී මලිඳු ගජදීර විසින් කළ ඉල්ලීමක ප්‍රතිපලයක් බවත් සඳහන් කර ඇත.

 

සියළු ස්වාභාවික විපත් මිනිස් ක්‍රියාකාරකම්…..!

 

 

නිල්වලා 3නිල්වලා 4නිල්වලා 5

 

නාගරික මංත්‍රී මලිඳු ගජදීර කියා සිටින්නේ, බිම් අඟලක් දෙකක් අත්පත් කරගැනීමට පොදු ජල අඅපවහන පද්ධති (කාණු ) ගොඩ කරමින්, නගර සභා අනුමැතිය නොමැතිව, ඇතැම්විට නිලධාරීන් හා එක්ව නගරසභා පනත උල්ලංඝනය කරමින් ඉදිකළ තාප්ප, ගොඩනැගිලි නිසා වැසි ජලය නිසිලෙස බැහැර නොවන බවත්, ඔහු විසින් මේ වෙනුවෙන් දීර්ඝ විසඳුම් යෝජනා ලබා දුන්නත්, ඊට කිසිඳු ප්‍රතිචාරයක් නොමැති බවත්, තමන් මේ මොහොතේ කරන කිසිදු ක්‍රියාවක් දේශපාලන අරමුණකින් නොකරන බවත් තරයේම ප්‍රකාශ කළ ඔහු, ඉදිරි මැතිවරණය දී තමාට නිසි බලය ජනතාව ස්වකැමැත්තෙන් ලබාදුන හොත්, මාතර මහ නගර සභාව යුරෝපයේ නගර සභා සංකල්පය හා කැටිකොට ඉතා නිර්මාණශීලී ක්‍රියාශීලී ප්‍රායෝගික ජනතා ආයතනය කරන බවය.

 

@ සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ,

ඉතාලිය.

නවතම ලිපි