SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

KDR ඩිල්ෂාන් වයස 31ක් වූ තරුණයෙක් මෙන්ම මේ වනවිට විවාහකයෙක් දෙදරු පියෙක්….

ඩිල්ෂාන් අධ්‍යාපනය ලබන්නෙ පුත්තලම් දිස්ත්‍රික්කයෙ කල්මපිරිය රෝමානු කතෝලික  සිංහළ දමිළ විද්‍යාලයෙන්.

 

අපොස සාමාන්‍ය පෙළ අධ්‍යාපනයෙන් පස්සෙ VIbration ( වයිබ්‍රේෂන් ) කියල සංගීත කණ්ඩායමක් පටන් ගන්න මේ තරුණයගෙ විශේෂත්වය ඔහු ගායනා කරන්නෙ සිංහළ ගීත…දමිළ පවුලක ඉපදිලා සිංහළ මාධ්‍යයෙන් අධ්‍යාපනය හදාරන ඩිල්ෂාන්ගෙ එකම හීනය විශ්ව භාෂාවක් වූ සංගීතය හරහා ඔහු දකින ශ්‍රී ලාංකික කියන අනන්‍යතාව ගොඩ නගන්න……

 

ඒකට ඔහු පළමුවෙන්ම සිංහල තරුණියක් විවාහ කරගන්නව…….. ඉන් අණතුරුව අක්කර එක හමාරක වගේ භූමි භාගයක් ඔහුගේ දෑතින්ම අස්වද්දන ගමන් ඔහු සිංහළ ගීත ගායනා කරමින්  ඊට දමිළ සංස්කෘතික ලක්ෂණ එක් කොට විශිෂ්ඨ පරිකල්පනමය ව්‍යායාමයක නිරත වෙමින් සිටිනව…….

 

ජාතිවාදය කරපින්නාගත් අර්බුදයක ගිලුණු සමාජයට ඩිල්ගෙන් අළුත් සිතුවිල්ලක්….!

අපේ සමාජය තුළ අද ගොවිතැන් කරන පිරිස අඩුවෙලා, ඒක 3D රැකියා ඝණයට වැටිල…එහෙම සමාජය ඇතුලෙ තියන ආර්තික සාමාජීය ගැටලු මම දැක්ක, දකිනව……..

ඒ නිසා " හිටියොත් හොඳට හැදී. දෙවියොත් නමට වදී" වගේම අපි එකම රටක එක අම්මගෙ දරුවො වගේ කියල සරලව ජීවත් වෙන්න ඕන කියන හැඟීම  ඇතුව මම ගොවිතැනට අත ගැහුවෙ මගේ ජීවනෝපාය විදියට…….

 

WhatsApp Image 2023 10 04 at 00.00.36WhatsApp Image 2023 10 04 at 00.00.36 1

 

අනික අපි අවුරුදු 100ක් ජීවත් වෙන්න නෑ……. ඉතිං මට ඕන අපි මුහුණ දීල තියන ආර්ථික සාමාජීය අර්බුධයෙන් ගොඩ ගන්න අපේ මිනිස්සු …..

 

අපේ ආහාර රටාව වෙනස් කරගන්න ඕන…. පරිභෝජනය කියන එක අරපිරිමැස්මෙන් කරගන්න ගමන්  අපේ රටේ තියන ඩොලර් එළියට යන්න නොදී, දේශීයව සෞඛ්‍ය සම්පන්න ආහාර වේලකට හුරුවෙලා රටට ඩොලර් සොයන මාර්ගයන් විවෘත කරගන්න ඕන…… ඒකට සංගීතය වෙනස්ම විදියකට භාවිතාකරන්න මම උත්සාහ කරනව….

 

මොඩ් ගොවියකු ලෙස ප්‍රායෝගිකව සංගීතය හා ගොවිතැන භාවිතයෙන් ඩිල්ෂාන්ගේ අරමුණ කුමක්ද ..?

 

ඩිල්ෂාන් නැතිනම් KDR වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයෙක්.. ඔහුගෙ අරමුණ ආදරයෙන් පිරුණු හදවත් ඇති නිරෝගී ශ්‍රී ලාංකික ජාතියක් ලෙස හැමෝම එක්ක අත්වැල් බැඳගන්න… ඒ වෙනුවෙන් ඔහු තම වෘත්තීය ලෙස ඉතා සාරවත් ගොවි බිමක් පවත්වාගෙන යනව……..

ඒ අතර තුර වෙනස් ලෙස සිතමින් පරිකල්පනය මුසු කරමින් දමිල සහ සිංහළ සමගිය වඩාත් අර්තවත් ලෙස ශක්තිමත් ව පෝෂණයන කරන්න විශ්ව සංගීතය භාවිතා කරමින් ඉන්න තරුණයෙක්..

අපේ රටේ ආහාර පරිභෝජන සංස්කෘතියහි වෙනසක් අවශ්‍ය බව වටහා ගත් KDR සංගීතයට විශ්ව සංගීතයේ ලක්ෂණයන් එක් කරමින් නව ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තු වෙන තරුණයෙක් ..

 

WhatsApp Image 2023 10 04 at 00.00.37WhatsApp Image 2023 10 04 at 00.00.37 1WhatsApp Image 2023 10 04 at 00.00.37 2WhatsApp Image 2023 10 04 at 00.00.37 3

 

ඩිල්ෂාන් (KDR ) ගේ සීයාවන ප්‍රවීන වැඩ සටහන් නිෂ්පාදකයකු, මෙන්ම දක්ෂ කළා කරුවකු හා විදෙස් රූපවාහිනී හා රේඩියෝ නාලිකා තුළ විශිෂ්ඨ සේවයක් කරමින් සිටින ජීවන් ප්‍රසාද්ගේ මඟ පෙන්වීම මත, ඉන්දියානු දමිළ චිත්‍රපට වෙනුවෙන් ගී පද රචනය කළ මුරුගන් මන්දිරම් ( Murugan Manthiram ) විසින් රචිත, ලන්ඩනයේ වෙසෙන පාර්ත්ති යෝගරාජා විසින් නිෂ්පාදන කරන "වන්දිඩු කණ්මණි" ( wandidu Kanmani ) නම් රූප රචනය කළ ගීතය ළඟදීම ප්‍රේක්ෂක ඔබට නැරඹීමට හා සවන්දීමට හැකියාව ඇත……..

එමෙන්ම KDR විසින් සිංහළ තරුණයකු දමිළ පෙම්වතියකගේ ආදරය බලාපොරොත්තු ව සිදුකරන ප්‍රේමය වෙනුවෙන් ( Enna karana ) එන්න කාරණා නමින් කන්කළු ගීතයක් මීට කාළයකට පෙර අන්තර්ජාලයට මුදා හැර තිබින…

ශ්‍රී ලාංකේය සංගීතය මෙන්ම ශ්‍රී ලාංකේය රසික ප්‍රජාවගේ යහපත් සෞඛ්‍ය වෙනුවෙන් ඉදිරිගාමී දැක්මක් ඇති ආදරණීය දමිල මොඩ් ගොවියා ( KDR ) ට අපේ උණුසුම් සුභ පැතුම්..

@සුමුදු මද්දුමආරච්චි,

මිලානෝ, ඉතාලිය.

නවතම ලිපි