SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මේ දිනවල දේශ පාලනය තීරානාත්මක බව වැටහේ.රාජ්‍ය දූත කණ්ඩායමක් ලෙස ඉංග්‍රීසි කතා කරන ටයි කෝට් ඇඳගත් පිරිසක් රටින් පිටවුයේ රාජ්‍ය නායකයා සමගය.

සබ්රි පළමුව ඥාති සංග්‍රහය නැමති බයි ගතිය ඔප්පු කරන අතරේ ජස්ටින් ට්‍රුඩෝට උසාවියේ වාද කරන ශෛලියේ පාර්ට් එකක් දැම්මේය.

 

ටයි කෝට් හැඳගත් බය්යන් රටේ ඉන්නවාට ත් වඩා විදේශයකදී බයි වූයේ ඇයි ? ඒ මෙහෙයුමක් බව දැනේ.ඒ මෙහෙයුම මහින්ද රාජපක්ෂගේ විදුලි පුටුවේ ඉන්දවිමට දෙවෙනි නැත.රනිල් වික්‍රමසිංහ අතීතයේ පාඩම් වලින් ඉගෙන ගෙන සිටින බව පැහැදිලිය.ඒ සිරි ලංකාවේ චන්ද දිනීමට නම් සරම බැනියම අඳින බය්යකු වීම හා එසේ නොවන්නේ නම් ,ඕල් ඉන් වන් ලෙස ටයි කෝට් හැඳ බය්යන් ට ජාත්න්යතරය දිනා දෙන බවද පෙන්වමින් ඕනෑම ජඩ වැඩක් කර ලංකාවේ නීති පද්ධතියේ පහස තුල වගවීම,වගකීමෙන් තොරව සිටීමේ චන්ඩි පාර්ට් එක දැමීමට හැකි වීමය.

 

RW 5

 

රනිල්ගේ ජර්මානු සංචාරයේදී පවත්වන ලද මානව හිමිකම් ගැන කථාව කාට හොඳ වුණත් මම නම් අනුමත කරන්නේ නැත. ඒ එවැනි උද්දච්ච කථා හා ක්‍රියාවලින් ගෝටා අනාගත් හැටි සිහිවන විටය. 2020 දී ජර්මනිය තවත් රටවල් 05 ක් සමග එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ගෙන ආ යෝජනාව සම්බන්ධ චන්ද විමසීමෙන් ලංකාව පරාජය ලබන විට චන්දය පාවිච්චි නොකළ අයද ගණනය කළ විට අප ජයගෙන ඇතැයි කී දිනේෂ් අද රනිල්ගේ අගමැතිය. රනිල් අරගලය නොවන්නට කිසිදා ජනාධිපති වන්නේ නැත. අරගලය බිහිවන්නේ එදා 2020 මානවහිමිකම් කවුන්සිලය ගෙනා යෝජනා ගැන ලෝකයේ රටවල් වලින් ශ්‍රී ලංකාවේ සමාන්‍ය ජනතාවට දුන් ශක්තිය නිසාය. ඒ ශක්තිය ට මුලීක වුයේ ජර්මනිය බව රනිල් පමණක් නොව සියළු ම දෙනා වටහා ගැනීම හොඳය. එවන් පසුබිමකදී රනිල් ගේ සම්මුඛ වීම හා පිළිතුරු දුන් විලාශය මෙතෙක් ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී තිබු ඇතැම් සාධනීය ලක්ෂණ පවා අහිමිකර ගෙන තිබීම නිසාය.

 

 

උතුරු නැගෙනහිර අර්බුධය ට පොහොර දමමින් ,උසිගන්වමින්,උළුප්පමින් ආ ගමන විනිසුරුවන්ගෙන් කූට ප්‍රාප්ත වී තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය තුල රනිල් ගේ කථාව,දැනට රටේ උතුරු නැගෙනහිර විනිසුරුවන් විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග අනුව.. බය්යන් නම් නැවත වෛර කරන්නට පොදු සතුරකු ලැබීම ගැන සතුටු වනු ඇත.එහෙත් රටේ දිශානතිය තීරණය වන්නේ ඒ වෛරයෙන් නම් නැවත ගොඩ යාමක් නැත. සබ්‍රි කැනඩාවේදී කොටින් ගැන කියා අවුලමින් ආ වාර්ගික වෙනස්කම් වලට ලක්කිරීම රනිල් විසින් කල මාධ්‍ය සාකච්චාවේදී කුළු ගන්වා තිබෙන අතර විනිසුරුවරුන් ක්‍රියා මාර්ග වලට එළඹී උතුරේ බලපෑම ජාත්‍යන්තරයට වෙනත් ප්‍රතිරූපයක් ගෙන දී ඇත. ඩයස් ෆෝරාවට දැන් ඇත්තේ ඔවුන්ගේ සල්ලී වලින් කෙසේ හෝ කුලී සොල්දාදුවන් කිහිප දෙනෙකු ලවා කුමක් හෝ පුපුරා හැරීමය.. නැතහොත් සරත් වීරසේකර ට සහාරන් ගේ වාහනයෙන් ගොස් උතුරේ දමිල කොල්ලන් කිහිප දෙනෙකුට බයිසිකල් චේන් පහර කිහිපයක් දීමය. දැන් බය්යනට සතුටුය. බය්යනට කව්රුන් හෝ ලේ පිරුණු දෑත් සහිත වීරයකු ඕනෑකර තිබේ.ඒ වීරයා තමන්ගේ සහෝදර ජනතාව ඉතිහාසය පුරාක් මෙන් අනාගතය පුරාවටම පෙලා දැමිය යුතුය.මෙයද අප අපේක්ෂා කරන ලෝකය?? මෙයද අප අපේක්ෂා කරන රට?

 

 

අපිට, අපේ දරුවන්ට වෙනත් රටක් ඕනෑකර ඇති බැවින් ඒ සඳහා පෙළ ගැසිය යුතු බව අවධාරණය කරමි. රනිල් වික්‍රමසිංහ අතීතයේ ඔහු විසින් කරන ලද දේශපාලන වැරදි බයියකු වීමට ගොස් හා සබ්‍රි පෙරටුකරගෙන යාමෙන් දෙවන වරටත් කරගනිමින් සිටි. කර දෙන්නට බැරිය. කරගන්නට පුළුවන.

@Subhashini Wipfler

නවතම ලිපි