SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

යුක්‍රේනය සහ රුසියාව අතර ඇතිවී තිබෙන යුද්ධයට ඇමරිකාව මෙන්ම යුරෝපා සංගමයට අයත් රටවල් අති විශාල ධනස්කන්ධයක් පොම්ප කිරීම පිළිබඳව මේ වනවිට එම රටවල් තුළින්ම බලවත් විරෝධයක් දිනෙන් දින තීව්‍ර වෙමින් පවතී.

මෙහි ආසන්නතම නිදර්ශනය වී තිබෙන්නේ මෙක්සිකෝවේ ජනාධිපති අන්ද්‍රේස් මැතියෙස් ලෝපේස් කර තිබෙන ප්‍රකාශයයි.

 

යුක්‍රේනයේ යුද්ධයට ලබා දෙන මුදල් සංක්‍රමණිකයින් සඳහා යෙදවූයේනම් ඔවුන්ගේ ගැටලු සියල්ල මෙන්ම ලතින් ඇමරිකානු රටවල සංවර්ධනය සඳහා යෙදවූයේනම් එම රටවල් සම්පූර්ණයෙන්ම දුගී බවෙන් මුදවා ගත හැකි බව මෙක්සිකෝ ජනාධිපතිවරයා පෙන්වා දී තිබේ. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ගේ පාලනය සඳහා ඉදිරි දවස් 45ක් වෙනුවෙන් සෙනෙට් මණ්ඩලයෙන් අනුමත කළ මුදල් අතර යුක්‍රේන යුද්ධයට මුදල් වෙන් කර නොමැත.

 

මේ වනවිට යුධ විශ්ලේෂකයන් සඳහන් කරන්නේ ඇමරිකාව මෙම යුද්ධය වෙනුවෙන් ඩොලර් කෝටි 10,000ක් පමණද යුරෝපා සංගමයට අයත් රටවල් ඩොලර් කෝටි 7,000ක් පමණද පොම්ප කර ඇති බවය.

 

 

@Lankatruth

නවතම ලිපි