SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

මෙරට ආබාධිත සහිත තැනැත්තන් වෙනුවෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා විශේෂ පාර්ලිමේන්තු සංසදයක් ( parliamentary coucus for tha lnclution of persons with Disabilities- PClOD) පසුගියදා පිහිටවනු ලැබ ඇත.

එම සංසදයේ සභාපතිවරයා ලෙස නිදහස ජනතා සභාවේ නායක මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී  ඩලස් අලහප්පෙරුම පත්ව පත්ව ඇත.

ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම සහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මධුර විතානගේ සංසදයේ ලේකම්වරුන්  ලෙස පත්කර ඇත.

පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් හංස  අබේරත්න සංසදයේ  ලේකම්වරයා වේ.

ඩලස් අලහප්පෙරුම  හිටපු ජනමාධ්‍ය සහ  අධ්‍යාපන අමාත්‍යවරයාව  එම කමිටුවේ සභාපති ධූරයට යෝජනා ස්ථිර කර ඇත්තේ  පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් සහ විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසිනි.

 

dull 4

 

ශ්‍රී ලංකාවේ අවසන් වරට එනම්, 2012 දී පැවැත්වූ සංගණනයට අනුව, අප රටේ මුළු ජනගහනයෙන් 8.7% ක් නැතිනම් ලක්ෂ 16 ක් කුමන හෝ මානසික, ශාරීරික ආබාධයක් සහිත පුරවැසියන් බවත්  මින් 57% ක් කාන්තාවන් බවත් ආබාධ සහිත දරුවන්ගෙන් 34% ක් කිසිදු පාසල් අධ්‍යාපනයක් නොලබන බව ඒ අනුව පැහැදිලිව තිබෙන බවත් ඩලස් අලහප්පපෙරුම මන්ත්‍රීවරයා තම මුහුණු පොතේ සටහනක් මගින් කියා ඇත. එසේම සමස්ත ආබාධ සහිත ප්‍රජාවෙන් 71% කිසිදු ආර්ථික ක්‍රියාවලියට දායක නොවන බවද තහවුරු වී ඇතැයි ඔහු පවසයි.

වර්තමානයේ මීට අදාළ සංඛ්‍යා ලේඛන යාවත්කාලීන නොවුව ද නිරවුල්ව නොතිබුණ ද නිසැකවම, එය 2012 සංඛ්‍යාලේඛන වලට වඩා ඉහළ අගයක් සහිත බව පැහැදිලි බවත් සඳහන් කරන අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙවන් පසුබිමක, ප්‍රාථමික පක්ෂ භේද පසෙක තබා ප්‍රතිපත්ති සම්පාදකයන් ලෙස, අප සහෝදර ආබාධ සහිත ප්‍රජාවේ අනාගතය වෙනුවෙන් එකට එක්වී කටයුතු කිරීමට තීරණය කිරීම අනාගත වාදී සුබ ලකුණක් වැඩිදුරටත් සඳහන් කර ඇත.


මෙම සංසදයේ පළමු රැස්වීමේදී ආබාධ සහිත ප්‍රජාවේ අනාගතය වෙනුවෙන්  කඩිනමින් ක්‍රියාත්මක විය යුතු ක්ෂේත්‍ර කීපයක් හඳුනාගෙන ඇති අතර  සංසදයේ මීළඟ රැස්වීම ලබන මස 4 වැනිදා බදාදා  පැවැත්වීමට නියමිතය.

 

dull5dull 2dull 6