SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

නිර්මාල් දේවසිරිගේ අළුත්ම ව්‍යාපෘතිය වන, වම වෙනුවෙන් තම ජීවිතයම කැපකළ පරිවාරයේ වාම ක්‍රියාධරයන් සොයායන ගමනේ ඇරැඹුම...

කිතලංගමුවේ මර්තේලිස්‌ ගේ දේශපාලන ජීවිතය පිළිබඳ ප්‍රකාශනය අද නෙවෙයි හෙට(28) ජනගත කෙරෙන බැව් වාර්තා වේ.

 

ඒ වෙනුවෙන් විදර්ශන පොත් ප්‍රකාශක ජනක ඉණිමංකඩ තැබූ සටහනක්.

 

marthelis 2

 

මේ කෘතිය තුළ අඩංගු වන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ, රුවන්වැල්ල බල ප්‍රදේශයේ, කිතලංගමුව නමින් හැඳින්වෙන ග්‍රාමයේ ජීවත්වන කුඩා පේදුරු අච්චිල්ලාගේ මර්තේලිස් නමැති ලංකා සම සමාජ පක්ෂයේ ක්‍රියාධරයාගේ දේශපාලන ජීවිතය මුල් කරගෙන සිදු කරන විමර්ශනයකි.

1927 අගෝස්තු මාසයේ 27 වැනිදා උපන් ඔහු 1950 දශකයේ මැද සිට ලංකා සම සමාජ පක්ෂයේ දේශපාලනය තුළ ක්‍රියාකාරීව නියැළීම ආරම්භ කර ඇත.

 

මේ කෘතිය තුළ ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ඉතිහාසය පිළිබඳව සම්පාදනය වී ඇති ඓතිහාසික අර්ථ කථන හා මර්තේලිස්ගේ දේශපාලන ක්‍රියාකාරකම් ලෝකයේ අතර ඇති සම්බන්ධය හා විසම්බන්ධය සළකා බැලේ.

 

සාමාන්‍යයෙන් ලංකාවේ වාමාංශික දේශපාලනය තමන් පැමිණි ගමන් මග දෙස ආපසු හැරී බලන්නේ තමන්ගේ දේශපාලන පරිකල්පනීය විශ්වයේ කේන්ද්‍රීය අදහස් පද්ධතිය වූ මාක්ස්වාදී දේශපාලන ප්‍රවේශයේ දෘෂ්ටි කෝණයෙනි. මේ කෘතිය තුළ අවධාරණය කෙරෙන්නේ ලංකාව තුළ ස්ථාපිත වී ඇති සධාර්මික මාක්ස්වාදී ප්‍රවේශය මර්තේලිස්ගේ දේශපාලන ලෝකය පිළිබඳව විශේෂයෙනුත්, ලංකාවේ ග්‍රාමීය දේශපාලනය පිළිබඳව පොදුවේත් පුළුල් අවබෝධයක් ලබා ගැනීම සඳහා ප්‍රමාණවත් නොවන බවයි.

 

@Janaka Inmankada ගේ සටහනක්.