SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

විසිඑක්වෙනි සියවසේ දැනුම මුල් කර ගනිමින් මාධ්‍ය හා මානව හිමිකම් සම්බන්ධයෙන්

නීති පීඨයේ  මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රය විසින් සැප් 23 දා කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨය වැඩමුළුවක් සංවිධානය කර තිබුනි.

 

එහිදී බොහෝ කාලයක් ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළි ජනමාධ්‍යවේදිනියක් වූ  තනූජා ජයවර්ධන කාන්තාවට ශ්‍රී ලංකාව තුළ ඇති අභියෝග ඉදිරියේ  මාධ්‍යයේ කාර්යභාරය පිළිබඳ අදහස් දැක්වීමක් සිදු කර ඇත.

 

ඇය විසින් නොබෙල් ත්‍යාගලාභී මරිය රේසා උපුටා දක්වමින් දුස්තොරතුරු සහ වැරදි කථනය සම්බන්ධයෙන් එහිදී අදහස් හුවමාරු කරගැණිනි.

 

thanu 7

 

“2021 නොබෙල් ත්‍යාගලාභී මරියා රේසා පවසන්නේ මධ්‍යවේදය කියන්නේ කුරිරු පාලනයට එරෙහි

විෂභරණය ( Poisoning ) කියලා.

ඇය BBC නාලිකාවෙන් අහනවා

අපේ ජෙනරේශන් එකේ ගීතය ඔබ දන්නවාද කියලා ?

ඒ තමයි You got to have faith

දුස්තොරතුරු පැතිරීමේ ක්‍රියා fake accounts වලින් විතරක් නෙවේ ඊටත් එහාට ගිහින් සෙවුම් ඇල්ගොරිදම් වෙත අනවසරයෙන් ඇතුලු වීම දක්වාම සියලුම මාධ්‍ය තුළ සංකීර්ණ ප්‍රශ්න රැසක් ඇති වෙමින් පවතින බවට ඇය අනතුරු අගවනවා”

 

අපේ සමස්ථ යාන්ත්‍රනය තුළ ප්‍රතිපත්ති හා තීරණ ගැනීමේ මට්ටම්වලදී කාන්තාවන්ගේ හඩ අන්තර්ග්‍රහණය කරගැනීම සිදුවන්නේ කලාතුරකින්..

එයින් සිදුවන්නේ රාජ්‍යයේ ජනගහනයෙන් හරි අඩකට වඩා ප්‍රමාණයකගේ (රටේ ජනගහනයෙන් 52%ක්) අත්දැකීම් ප්‍රතික්ෂේප කිරීමක්.

 

thanu 1

 

තනූජා ජයවර්ධන පවසන්නේ කාන්තා දැක්ම ධනාත්මක බලපෑම් කිරීමෙහිලා යොදාගන්නේ කෙසේද යන්න පිලිබදව මාධ්‍ය තුළ ඉඩක් නොමැති වීම අභියෝගාත්මක බවයි.

 

කාන්තාව , තරුණියන් සම්බන්ධයෙන් ජනමාධ්‍යයේ පල නොකළ යුතු දේ පල කිරීම

කාන්තාව පිලිබදව සාම්ප්‍රදායික සංජානනය සම්බන්ධ අභියෝග

රාජකාරියේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කොට සැලකීම්

සමාජ ප්‍රශ්න පිලිබදව අවබෝධකරණයක් සිදු නොවීම

මූලික අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය කිසිදු සීමාවකින් තොරව භවිත කළ හැකි පරම අයිතියක් නොවන බව මාධ්‍ය වටහා නොගැනීම

OGBV - Online Gender-Based Violence

සමාජ මාධ්‍ය තුළ සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචනඩත්වය සහ ප්‍රවණතා

වෙනස්කොට සැලකීම - LGBTIQ + හිරිහැර සහ තර්ජන

අනවසරයෙන් මුදාහරින පුද්ගලික තොරතුරු

අනන්‍යතා සොරකම් කිරීම

සූක්ෂම නිරීක්ෂණ සහ ලුහුබැඳීම්

තාක්ෂණය ඔස්සේ සිදුවන ලිංගික අපයෝජනය සහ සූරාකෑම

ජනමාධ්‍යවේදයේදී ජනමතය හැඩගැස්වීම (සිය ජනප්‍රියත්වය ඉලක්ක කර නොගෙන දැනුම හා මතය පදනම් කර)

දෘෂ්ටිවාදය විචාරය නොකර අභියෝග පිලිබදව කතා කිරීම

වගේ අභියෝග රුසක් කාන්තාව ශ්‍රීලංකාව තුළ මුහුණ දෙන ගැටළු

සදහා මාධ්‍යයේ ඵලදායී මැදිහත් වීමක් දකින්න අඩුයි.

 

අධ්‍යාපනය ලබා දීම, තොරතුරු සම්පාදනය , පෙළඹවීම , විනෝදාස්වාදය , සුපරීක්ෂනය , අර්ථකථනය , සහ සම්බන්ධය සහ සමාජානුයෝජනය යන සන්නිවේදනයේ , ජනමාධ්‍යයේ ප්‍රධාන මූලික කාර්‍ය්යන් පිළිබඳව

විසිඑක්වෙනි සියවසේ දැනුම මුල් කර ගනිමින් කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ

මානව හිමිකම් අධ්‍යයන කේන්ද්‍රයේ මාධ්‍ය හා මානව හිමිකම් සම්බන්ධයෙන් පැවති වැඩමුළුවේ කාන්තාවට ශ්‍රී ලංකාව තුළ ඇති අභියෝග සම්බන්ධයෙන් මාධ්‍ය කාර්‍ය්භාර්‍ය් පිලිබදව කළ දේශනයේදී GEN Z සමගින් දැනුම බෙදාගැනීම මාධ්‍ය ජීවිතේ අතිශය වැදගත් අත්දැකීමක් වු බවයි තනූජා ඇයගේ මුහුණු පොතේ සටහනක් තබමින් කියා ඇත්තේ.

 

thanu 2thanu 3thanu 4thanu 6

 

@Thanuja Jayawardana fb

Photographer

Sandamali Wimalasena