SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගි වූ ශ්‍රී ලංකා දුත පිරිස සම්බන්ධයෙන් මෙරට ජනතාව තුළ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රබල කතිකාවතක් නිර්මාණය විය.

ඒ ‘ඥාති සංග්‍රහය’ සම්බන්ධ චෝදනාවක් හේතුවෙනි. මෙරට දේශපාලනයට අලුත් නොවන 'ඥාති සංග්‍රහය' සම්බන්ධයෙන් නවතම චෝදනාව එල්ල වන්නේ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ එම්. යූ. එම්. අලි සබ්රිට එරෙහිවය.

 

විදේශ කටයුතු අමාත්‍යවරයා ඇමෙරිකාවේ සිටින ඔහුගේ පුත්‍රයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීම් සඳහා කැඳවා ගෙන ගොස් ඇති බවට චෝදනා එල්ල වූ අතර අමාත්‍යවරයාගේ පුත්‍රයා ඇතැම් රැස්වීම් වලට එක්ව සිටින අයුරු දැක්වෙන ජායාරූප පවා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය. • පාඩුවට හේතුව ඥාති සංග්‍රහය සමාජ මාධ්‍යයෙන් එල්ලවූ චෝදනා බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ඔහු සිය පෞද්ගලික සහකාරවරයා ලෙස සිය පුත්‍රයා යොදා ගනු ලැබුවේ කුමන පදනමක් මත ද යන්න පිළිබඳවයි.

 

Minister @alisabrypc please tell me who’s this young man accompanying you to the United Nations General assembly meetings?

I’m quite sure you do know. Is it your son? Please correct me if I’m wrong but the question is,why is he accompanying you to Government meetings? #lka pic.twitter.com/iovOYYA7Jt

— Rehan Jayawickreme (@RehanJayawick) September 22, 2023

 

චෝදනා ගැන අමාත්‍යවරයාගෙන් පිළිතුරු එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට සහභාගිවූ ශ්‍රී ලංකා දුත පිරිසට සිය පුත්‍රයා ඇතුළත් වීම සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි සිය නිල X ( පෙර ට්විටර්) සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබුණි. එහිදී අමාත්‍යවරයා පෙන්වා දී තිබුනේ ජනාධිපතිවරයා ප්‍රමුඛ දූත පිරිස නියෝජනය කිරීම සහ සහය දැක්වීමට අමතරව විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස තමන්ට දැඩි අවිවේකි කාල සටහනක් අනුව කටයුතු කිරීමට සිදුවු බවයි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමිව වොෂින්ටනයේ දී තමන්ට විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස හමුවීම් 10ක් සහ එහි දේශන පැවැත්වීම්, පොදු රැස්වීම තුනක්, ද්විපාර්ශ්වික සහ බහු පාර්ශ්වික රැස්වීම් රාශියකට එක්වීමට සිදුවූ බව අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එම රැස්වීම් වලදී කළ යුතු දේශන ලිවිමට සහ සුදානම් විම් සඳහා ගැඹුරු පර්යේෂණ කිරීමට සහය අවශ්‍ය වන බවත් ඊට අමාත්‍යාංශ මට්ටමින් අමාත්‍යවරයාට සහය දැක්වීම සඳහා ගෙවීම් ලබන සහ ස්වේච්ජා මට්ටමින් සහය දක්වන පිරිස් සිටින බවත් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.

 

Having seen the concerns raised on social media, on the presence of my son at a couple of bilateral meetings on the sidelines of the UNGA, I would like to place the following facts.

In addition to my responsibilities in assisting H.E. the President with his high-level…

— M U M Ali Sabry (@alisabrypc) September 22, 2023

 

තමන්ගේ ඉල්ලීම මත සිය පුත්‍රයා තාවකාලිකව ස්වේච්ජා පදනමින් පර්යේෂණ සහකාරවරයෙක් සහ දේශන කෙටුම්පත් කිරීමට සහය ලබාදී තිබෙන බවත්, මේ වන විට ඇමෙරිකාවේ සිය උසස් අධ්‍යාපන කටයුතු වල නිරත වන ඔහු මෙවර පැවති එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල රැස්වීමේදී දින කිහිපයක් වෙනුවෙන් සිය කාලය සහ විශේෂඥ දැනුම ලබාදීමට ඉදිරිපත් වූ බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියේය. එම රැස්වීම් වෙනුවෙන් සුදානම් වීම සඳහා සිය පුත්‍රයා සහය වූ බව සතුටින් ප්‍රකාශ කරන අතරම ඔහු වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හෝ විදේශ කටයුතු අමාත්‍යාංශය කිසිදු මුදලක් නොදැරූ බවත් ඔහු ස්වෙච්ජාවෙන් ඊට එක්වූ නිසා රටේ බදු ගෙවන අයට කිසිඳු පිරිවැයක් දැරීමට සිදුනොවූ බව ද අමාත්‍යවරයා තම පණිවිඩයේ සඳහන් කර තිබේ. එමෙන්ම මහජනතාවට තමන් නියෝජනය කරන නියෝජිතයින්ගෙන් වගවීම පිළිබඳ කරුණු විමසීමට සෑම අයිතියක්ම ඇති බවට තමන් දැඩිව විශ්වාස කරන බවත්, ඊට අවශ්‍ය කරුණු ඉදිරිපත් කිරීමට තමන් කැපවී සිටින බවත් අමාත්‍යවරයා කියයි.

 

‘විදේශ අමාත්‍යවරයාගේ ඥාති සංග්‍රහය නිසා රට හෑල්ලුවට ලක්වෙනවා’

 

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අංශයේ අංශාධිපති නීතිඥ ආචාර්ය විශාකා සුරියබණ්ඩාර බීබීසි සිංහල සේවයට අදහස් දක්වමින් කියා සිටියේ විශේෂයෙන් පියා මියගිය පසු පුතාට හෝ දුවට, ස්වාමිපුරුෂයා මියගිය පසු බිරිඳට ආදී ලෙස මෙරට දේශපාලනය තුළ ඥාති සංග්‍රහය ප්‍රබල ලෙස මුල් බැස ඇති බව යි. මෙරට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ඥාති සංග්‍රහය අනුව ඊට තේරී පත්වූ පුද්ගලයින් බව ද ඇය පෙන්වා දුන්නාය.

අන්තර්ජාතික වශයෙන් රටක් ලෙස ගනුදෙනු කරන විට පිළිපැදිය යුතු නීති රීති හා ප්‍රතිපත්ති මාලාවක් පවතින බවත්, විශේෂයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය යනු රාජතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳව කටයුතු කරන ප්‍රධාන අමාත්‍යාංශය බව ත් ඇය සඳහන් කළාය. විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි විසින් තම පුත්‍රයා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට සහභාගී කරවා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් ඔහු දක්වා ඇති ප්‍රතිචාරයෙන් පෙනී යන්නේ අමාත්‍යවරයාට අනුව එය සාමාන්‍යය දෙයක් විය හැකි බව ද ඇය පෙන්වා දෙයි.

"උදාහරණයක් ලෙස තමන්ගේ පුතා ඇමෙරිකාවේ ඉන්න නිසා, තමන්ගේ පුතා අධ්‍යාපනය ලබන නිසා, තමන්ට උපකාර කිරීමට පුතාගෙන් උපකාරයක් ලබා ගත්තා කියන එක. නමුත් මේ අවස්ථාවේදී ගැටලු කිහිපයක් පැන නගිනවා."

 

ali 4

 

බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ඔහු සිය පෞද්ගලික සහකාරවරයා ලෙස සිය පුත්‍රයා යොදා ගනු ලැබුවේ කුමන පදනමක් මත ද යන්න පිළිබඳවයි.

"පළමු කාරණාව නම් විදේශ කටයුතු අමාත්‍යවරයාට මේ පුර්ව කටයුතු සුදානම් කර ගැනීම සඳහා එම අමාත්‍යාංශයේ නිලධාරින් නොමැතිද?

විශේෂයෙන් දත්ත ආදිය විශ්ලේෂණය කිරීමට.

ඒ තරම්ම මානව සම්පත් අතින් ශ්‍රී ලංකාව දුප්පත් තත්ත්වයකට පත්වෙලාද ? "

"දෙවැනි කාරණාව නම් වගකිව යුතු අමාත්‍යවරයෙකු කරන මෙම ප්‍රකාශ සමග ඔවුන් ජනතාවට ලබා දීමට යන පණිවුඩය කුමක්ද ?"

"බොහෝ දේශපාලඥයින් ජනතාව මුලාවේ හෙළමින් කටයුතු කරනු ලබන අතර එය කෙතරම් වැරදි සහගත ක්‍රියාවක්ද ?" ඇය ප්‍රශ්නකර සිටියි.

 

"දත්ත විශ්ලේෂණය කිරීම සඳහා සිය පුත්‍රයාගේ සහය ලබා ගත්තා යැයි රටේ වගකිවයුතු අමාත්‍යවරයෙක් කළ ප්‍රකාශය සමච්චලයට ලක්වන අතරම විදේශ කටයුතු අමාත්‍යංශයේ නිලධාරින්ද ඊට වඩා ලැජ්ජා විය යුතුයි." "මන්ද විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් කළ ප්‍රකාශය සමග එම අමාත්‍යාංශයේ සේවය කරන නිලධාරීන්ට කෙතරම් දුරට එකඟ විය හැකිද?" යන කරුණ මෙහිදී පැන නගින බව ද ඇය පවසයි. " සමස්තයක් ලෙස ගත් කළ රටක දේශපාලන සම්බන්ධතා ගෙන යාමේදී ඉතාමත් වගකිවයුතු අමාත්‍යාංශයක අමාත්‍යවරයෙකු ලෙස මේ කළ කටයුත්ත ජනතාවගේ පැත්තෙන් බලන විට ඉතාමත් වැරදි ක්‍රියාවක්." "එමෙන්ම ඔහු විසින් රාජතාන්ත්‍රික දුත පිරිසට සිය පුත්‍රයා ඇතුළත් කර ගැනීමේ ක්‍රියාව වැරැද්දක් බව දැන දැනත් එය නිවැරදි කිරීම සඳහා ඉදිරිපත් කළ තර්කය විශේෂයෙන් ජනාධිපති නිතිඥවරයෙකු ලෙස නිෂ්ඵලයි." "මන්ද ඔහු ජාත්‍යන්තර නීතිය පිළිබඳව දැනීමක් ඇති අයෙක්. මෙවැනි ඥාති සංග්‍රහයන් පිළිබඳ සිදුවීම් ගැන වාර්තා වූ විට ජාත්‍යන්තරය හමුවේ රට තවත් හෑල්ලුවට ලක් වෙනවා." ආචාර්ය විශාකා සුරියබණ්ඩාර පවසයි.

@BBC