SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

ජාතික චිත්‍රපට සංස්ථා පනත ප්‍රථම වරට සංශෝධනය කරමින් ජාත්‍යන්තරව නිෂ්පාදනය කරන ලද

‘800’ චරිතාපදාන චිත්‍රපටය සිංහලට පරිවර්තනය කිරීමට අමාත්‍ය බන්දුල ගුණවර්ධන නිල වශයෙන් අවසර ලබා දී තිබෙනවා.

 

මෙම තීරණය ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන්ට අර්ථවත් උපහාරයක් ලෙස සලකන බවයි ඔහු පැවසුවේ.

 

චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදැක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු කියා සිටියේ චිත්‍රපටය සිංහල භාෂාවට හඬ නඟා ගැනීමට අවසර ලබාදී ඇත්තේ මෙම චිත්‍රපටයට පමණක් බවයි.

ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවට අනුව විදේශීයව නිෂ්පාදනය වන චිත්‍රපට සිංහල භාෂාවට හඬකවා චිත්‍රපට ශාලා තුළ ප්‍රදර්ශනය කිරීම තහනම් වනවා.

 

කෙසේ වෙතත්, මේ වන විට චිත්‍රපටය භාෂා හතරකින් ලොව පුරා ප්‍රදර්ශනය කෙරෙනවා.