SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

SLBFE Ahu Wennaepa W 1400 H 80 Gif Animation 10sec

"අමෙරිකන් එක්ස් එල් බුලි" නම් සුනඛ වර්ගය තහනම් කිරීමට එක්සත් රාජධානිය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් පවසා ඇත්තේ එම සුනඛයන් ඉතා ප්‍රචණ්ඩ ලෙස හැසිරෙන බවත් එම සුනඛයින් හේතුවෙන් ජනතාව පීඩාවට පත්වී සිටින බවත්ය.

 

buli 4

 

ප්‍රධාන වශයෙන්ම මෙම සුනඛයින් සපා කෑමෙන් ජීවිත හානි සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අතර කුඩා දරුවන් ද සිටී.

එබැවින් මෙම වසර අවසානයේ සිට එක්සත් රාජධානියේ මෙම සුනඛ වර්ගය ඇතිකිරීම තහනම් කිරීමට නව නීති ගෙන එන බවද අගමැති රිෂි සුනක් පවසා තිබේ.

 

buli 2

 

එක්සත් රාජධානියේ අන්තරායකර සුනඛ පනත යටතේ මෙම සුනඛ වර්ගය තහනම් කිරීමට කටයුතු කරන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා තිබේ.

මේ අතර ඇතැම් පිරිස් එම තීරණයට විරෝධය දක්වා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

buli 5